dc.description.abstract |
ආතතිය පිළිබඳ බෞද්ධ පොතපතෙහි යොදා ඇත්තේ ‘ආස්‍රව’ යන වචනයයි. වර්තමානය වන විට මිනිසා ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයකට මුහුණ පා සිටියි. පෙර කිසිදා අත් නොවිඳි දෛනික ක්‍රියාවලියකට අනුගතවීමට මිනිසාට සිදුව ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ මිනිසාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය බිඳවැටීමට ඇති හැකියාව ඉතා ඉහළය. මෙම වසංගතය හේතුවෙන් සමස්ත ලෝකවාසී ජනතාවගේ අපේක්ෂාභංගත්වය, මානසික ඒකාග්‍රතාව බිඳවැටීම, ආර්ථික අගහිඟකම් ඇතිවීම, ඇතැමුන්ට තමන්ගේ රැකියා අහිමිවීම ආදියට මුහුණ දීමට සිදුව ඇත. එය පුද්ගලයාගේ මානසිකත්වයට තදින් බලපායි. එසේම තවත් බොහෝ අය තමාට මෙම වෛරසය වැළදේ යැයි බියෙන් සෑමවිටම කල්ගත කරති. මෙවැනි අවස්ථාවක මානසික වශයෙන් දැඩි බලපෑමකට ලක්වීමට හැකි කණ්ඩායම් කිහිපයක් හඳුනාගත හැකිය. එනම්, වැඩිහිටි වයස්ගත පුද්ගලයන්, නිදන්ගත රෝග පවතින පුද්ගලයන්, රෝගීන්, ළමුන් හා යෞවනයන්, වෛරසය සමඟ වැඩ කරන සෞඛ්‍ය සේවකයන් හා ඔවුන්ගේ සහාය කණ්ඩායම් වේ. මේ කණ්ඩායම්වලට අයත් අය මෙන්ම, ඉන් පරිබාහිර පුද්ගලයෝද තමන්ගේ සමාජ අන්තර් ක්‍රියා අඩාලවීම හේතුවෙන් මානසික ආතතියට හා අධික බියට පත් වී සිටිති. මෙම වෛරසය සඳහා නිශ්චිත වශයෙන් ඖෂධයක් නොමැත. එසේම එහි ව්‍යාප්තිය වනුයේ සමාජශීලී භාවයෙන් වීම නිසා හුදකලාබවට පත්වන පුද්ගලයාට චිත්තවේග පාලනය කර ගැනීමට නොහැකිව ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ. මෙහි පර්යේෂණ ගැටලුව වන්නේ, කොවිඩ් -19 වසංගතය හමුවේ පුද්ගලයාට මුහුණ පෑමට සිදු වී ඇති මානසික ගැටලු සමනය කර ගැනීමට බුදුදහමේ පෙන්වා දෙන චිත්තවේග පාලනය කෙසේ ඉවහල් කරගත හැකිද යන්නය. මෙහි අරමුණු වන්නේ, බුදුදහමේ පෙන්වාදෙන චිත්තවේග පාලනය කොවිඩ් - 19 වසංගතය හමුවේ ප්‍රායෝගිකව භාවිත කළ හැකි ආකාරය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් කිරීමයි. මෙම පර්යේෂණයේදී සාහිත්‍ය මුලාශ්‍රය අධ්‍යයනය හා ක්ෂේත්‍ර අධ්‍යයනය යන ක්‍රමවේද භාවිත කරන ලදි. මෙම වසංගතය තව කෙතරම් කාලයක් පවතීද, තවත් කෙතරම් කාලයක් සමාජයෙන් දූරස්ථව ජීවත්වීමට පුද්ගලයාට සිදු වේද යනුවෙන් නිශ්චිතව කිව නොහැකිය. විශේෂයෙන් සතිපට්ඨාන භාවනා ක්‍රමය, මෛත්‍රි භාවනා ක්‍රමය ප්‍රායෝගික ප්‍රශ්න විසඳීමෙහිලා මුල් තැනක් ගනී. මෙහි නිගමනය වශයෙන්, වර්තමාන ලෝකයෙහි නිබඳ සාකච්ඡාවට බදුන් වන කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් පුද්ගලයාට මුහුණදීමට සිදුව ඇති ආතති තත්ත්වය පාලනය කරගැනීමට ‘සබ්බාසව සූත්‍රයෙහි’ සඳහන් වන විධික්‍රමයන් 7 මෙන්ම විතක්කසණ්ඨාන සූත්‍රයේ සඳහන්වන ක්‍රමෝපාය ප්‍රායෝගිකව භාවිතයට ගෙන ඒ තුළින් පුද්ගලයා මුහුණ දෙන චිත්තවේග සම්බන්ධ ගැටලු සර්ථකව කළමනාකරණය කර ගත හැකි ය. |
en_US |