dc.contributor.author |
ඤාණවිමල හිමි, කැප්පෙටිපොල |
|
dc.date.accessioned |
2023-11-14T04:43:38Z |
|
dc.date.available |
2023-11-14T04:43:38Z |
|
dc.date.issued |
2021-11-19 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15447 |
|
dc.description.abstract |
දේශපාලන දර්ශනයේ සාම්ප්‍රදායික විග්‍රහ පිරික්සීමේදී පැහැදිලි වන්නේ රාජ්‍යයේ ප්‍රභවය මෙන්ම දේශපාලන සබඳතා පිළිබඳ කරුණු විග්‍රහ කිරීම එහි මූලික අරමුණු වන බවයි. වෙනත් අයුරකින් පවසතොත් රාජ්‍යය යන සංකල්පය සුවිශේෂ කරගනිමින් ඒ හා සබැඳි සෙසු ලක්‍ෂණ වෙත අවධානය යොමු කරලීමත් ආර්ථික පද්ධති මෙන්ම සමාජ භාවිත ආදිය අන්තර්ගත සාමූහික ජීවිතය වඩාත් නිවැරදිව සංවිධානය කරගන්නේ කෙසේදැයි යන්න විග්‍රහ කර ගැනීමත් දේශපාලන දර්ශනයේ අරමුණයි. දේශපාලන දාර්ශනිකයන් අතින් උත්සාහ ගැනෙන්නේ දේශපාලන දර්ශනය තුළ ඊට අවශ්‍ය මූලික සිද්ධාන්ත ස්ථාපනය කිරීමටය. නිකොලෝ මැකියාවේලි (1469-1527) නූතන දේශපාලන විද්‍යාවේ පදනම සකස් කිරීමෙහිලා ඔහුගේ දායකත්වය සුවිශේෂි වේ. ඒ වෙනුවෙන් ඔහු විසින් දක්වන ලද දේශපාලනික අදහස් ප්‍රධාන වශයෙන් “කුමාරයා” (The prince-1513) කෘතිය මඟින් සහ තවත් කෘති කිහිපයක් මඟින් ඉදිරිපත් වේ. කුමාරයා කෘතියෙන් ඔහු ඉදිරිපත් කරන කේන්ද්‍රීය සංකල්පය වන්නේ දේශපාලනය හා රාජ්‍යය විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලියයි. මේ සඳහා ඔහු සිය කෘතියේ පරිච්ඡේද 26ක් වෙන් කරයි. මෙම අධ්‍යයනය සඳහා සන්දර්භ විශ්ලේෂණය හා කථිකා විශ්ලේෂණය භාවිත කරනු ලැබිණි. මැකියාවෙලීගේ කුමාරයා කෘතියෙහි ඇතුළත් මූලධර්ම කෙතෙක් දුරට ලංකා සමාජයේ දේශපාලන භාවිතාව තුළ නිරූපණය වන්නේද යන්න අධ්‍යයනය කිරීම සඳහා පුවත්පත් යනාදිය ආශ්‍රය කොටගෙන ද්විතීයික දත්ත කථිකා විශ්ලේෂණය මඟින් අනාවරණය කරගනු ලැබිණ. මැකියාවෙලීගේ දේශපාලනික අදහස් පෝෂණය වීමෙහිලා එවක ඉතාලියානු සමාජ හා සංස්කෘතික වාතාවරණය ප්‍රබල බලපෑමක් එල්ල කොට ඇතිබව සිතිය හැකිය. කෙසේ නමුත් ප්‍රින්ස් කෘතිය හරහා ඔහු මතු කරන කරුණු දේශපාලන දර්ශනයේ හා ප්‍රායෝගික දේශපාලන දර්ශනයේ නැවත නැවතත් මතුවන කරුණුය. එනම් ඓතිහාසික සන්දර්භයට යට නොවන වර්තමානය තුළින් නැවත නැවත මතුවන කරුණුය. ඒවා අදටත් ප්‍රායෝගිකය. එහිදී ආගම, සදාචාරය වැනි ක්‍ෂේත්‍ර දේශපාලනයේදී බලය උදෙසා යතුරක් බවට පත් කොට ඇති ආකාරය නිගමනය කළ හැකි අතර එය “දේශපාලන සදාචාරය” නමින් විග්‍රහ කළ හැකිය. මේ තත්ත්වය ලාංකේය දේශපාලන සන්දර්භයේ ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි යන්න සූක්‍ෂම විමර්ශනයකට ලක් කළ යුතුව ඇත. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
කුමාරයා |
en_US |
dc.subject |
දේශපාලන සදාචාරය |
en_US |
dc.subject |
බලය |
en_US |
dc.subject |
මැකියාවේලියානුවාදය |
en_US |
dc.subject |
ලාංකික |
en_US |
dc.title |
නූතන ලංකාවේ “දේශපාලන සදාචාරය” මැකියාවේලියානු දේශපාලන දාර්ශනික සංකල්පයන්ගේ පරාවර්තනයක් ද? නිකොලෝ මැකියාවේලිගේ “ද ප්‍රින්ස්” කෘතිය මූලාශ්‍රිත දාර්ශනික විමසුමක් |
en_US |
dc.type |
Article |
en_US |