dc.contributor.author |
ශාන්ත, කේ.කේ.පී.ඒ. |
|
dc.contributor.author |
පුෂ්ප කුමාර, ආර්.ඩී.ඩී. |
|
dc.contributor.author |
ලක්මාලී, ඒ.ජී.සී. |
|
dc.date.accessioned |
2023-11-14T05:12:25Z |
|
dc.date.available |
2023-11-14T05:12:25Z |
|
dc.date.issued |
2021-11-19 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15448 |
|
dc.description.abstract |
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 201 දරණ කත්ලාන ග්‍රාමනිලධාරි වසමට අයත් අරුක්ගොඩ රජමහ පත්තිනි දේවාලය කුකුළු කෝරලයේ උඩපත්තුවේ කත්ලාන ප්‍රදේශයේ අරුක්ගොඩ ග්‍රාමයේ පිහිටා ඇත. ජනශ්‍රැතික සාධක අනුව මෙම දේවාලය රාවණා පුරාවෘත්තයටත්, පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයටත් ඍජු සබඳතා දක්වයි. එමෙන්ම මානාභරණ රජු හා බැඳුණු ජනප්‍රවාදද දේවාලය සම්බන්ධයෙන් පවතී. අරුක්ගොඩ දේවාලය බොහෝ සංස්කෘතිකාංග මත පදනම්ව ගොඩනැගුණු චිරප්‍රසිද්ධ දේවාලයකි. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ ජනප්‍රවාදයෙහි ප්‍රධාන දේවාලයක් වන අරුක්ගොඩ රජමහ පත්තිනි දේවාලය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් කිරීමයි. සබරගමුව, ගාලු සහ මොරවක් කෝරළ දෙක ආශ්‍රිතව ඇති පත්තිනි දේවාල අතර අරුක්ගොඩ රජමහ පත්තිනි දේවාලය ප්‍රධාන පත්තිනි දේවාලයක් වන්නේ කෙසේද? යන්න මෙම පර්යේෂණයේ ගැටලුවයි. පර්යේෂණය ආරම්භයේදී දේවාලය පිළිබඳ ලියවී ඇති සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනය කළ අතර පසුව ක්ෂේත්‍රය වෙත ගොස් කරුණු අධ්‍යයනය කෙරිණි. දේවාලයේ කපු මහතා සමඟ සම්මුඛ සාකච්ඡා කරමින් කරුණු එක් රැස් කිරීමද සිදු විය. අරුක්ගොඩ රජමහ පත්තිනි දේවාලය ආශ්‍රිතව වටිනාකම් රාශියක් පවතී. ඒ අතර නර්තන සම්ප්‍රදායට විශේෂ තැනක් ලැබේ. සබරගමුව නර්තන සම්ප්‍රදායේ එන අරුක්ගොඩ නර්තන පරපුර ගොඩනැගී ඇත්තේ මෙම දේවාලය ආශ්‍රය කරගෙනයි. එම නර්තන සම්ප්‍රදාය ආශ්‍රිතව දැකිය හැකි ඇතැම් ලක්ෂණ වෙනත් පත්තිනි දේවාල ආශ්‍රිතව ඇති නර්තනාංගවල දැකිය නොහැකිය. එමෙන්ම පත්තිනි දෙවියන්ගේයැයි සැලකෙන පාරම්පරික ආභරණ කට්ටලයක්ද මෙම දේවාලය ආශ්‍රිතව පවතී. මේ කාරණා අනුව පෙනී යන්නේ අරුක්ගොඩ රජමහ පත්තිනි දේවාලය වෙනත් පත්තිනි දේවාල අතර සුවිශේෂී සංස්කෘතික සන්දර්භයක් සහිත දේවාලයක් බවයි. ඒ අනුව දේවාලය ආශ්‍රිතව ඇති ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක අගය ආරක්ෂා කිරීමත්, ජනශ්‍රැති ඇතුළු දේවාලයට ආවේණික අස්පර්ශිත උරුම ආරක්ෂා කර තැබීමත්, මෙම දේවාලයට අයත් නර්තන හා කපු පරපුරුවල වර්තමාන උරුමකරුවන්ගේ අනුප්‍රාප්තිකයන් නොමැති බැවින් මෙම සංස්කෘතික අංග අනාගත පරපුර සඳහා ආරක්ෂා කර තැබීමත් අත්‍යවශ්‍යයෙන්ම සිදු කළයුතු කාර්යයකි. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
අරුක්ගොඩ දේවාලය |
en_US |
dc.subject |
කුකුළු කෝරළය |
en_US |
dc.subject |
නර්තන පරපුර |
en_US |
dc.subject |
පත්තිනි දෙවියෝ |
en_US |
dc.subject |
සබරගමුව |
en_US |
dc.title |
කුකුළු කෝරලයේ අරුක්ගොඩ රජමහ පත්තිනි දේවාලය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |