dc.description.abstract |
ක්‍රි. ව. 1505දී ලංකාවට පැමිණි පෘතුගීසීහු ලක්දිවට පැමිණි මුල්ම යුරෝපීය ජාතිකයෝ වෙති. යටත් විජිත පාලනය සම්බන්ධයෙන් ඔවුහු සුවිශේෂී ප්‍රතිපත්තියක් භාවිත කළහ. ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වූයේ කුළුබඩු ලබා ගැනීම හා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමය. ඉන්දියාවෙහි මෙන්ම ශ්‍රී ලංකාවෙහිද දේශීය වශයෙන් පැවති ආගමික විශ්වාස පද්ධති සැලකියයුතු මට්ටමකින් වෙනස් කිරීමට පෘතුගීසි පරිපාලනය බලපෑම් කළේය. මෙම අධ්‍යයනය මඟින් පෘතුගිසි යුගයේ ලක්දිව පහතරට ප්‍රදේශ ආශ්‍රිතව බුදු සමය යම් වෙනස්වීමකට භාජනය වූයේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු වේ. පෘතුගීසි යුගය හා සම්බන්ධ පරිපාලන වාර්තා සහ වෙනත් දේශීය ලේඛන ආශ්රයෙන් මූලික දත්ත රැස්කරන ලදි. ලක්දිවට පැමිණි මුල්ම බටහිර ජාතිකයන් වන පෘතුගීසින්ගේ ආක්රමණකාරී ක්‍රියාදාමය හේතුවෙන් ඇතිවන අභ්‍යන්තර අවුල් වියවුල් නිසා ක්‍රි. ව. 14 - 15වන සියවස්වල රටේ පැවති සාමකාමී පැවැත්ම ක්‍රමිකව වෙනස් විය. පෘතුගීසින්ට මෙරට ආගමික මෙන්ම දේශපාලනික කටයුතුවලටද සම්බන්ධ වීමට අවස්ථාව උදා විය. කෝට්ටේ රාජ්‍ය කොටස් ත්‍රිත්වයකට බෙදී යාමත් සමගම පෘතුගීසින්ට කෝට්ටේ රාජ්‍ය තුළ ආගම ප්‍රචාරය කිරීමට අවශ්‍ය පසුබිම සකස් විය. ආගම ප්‍රචාරය රජ පවුලෙන් ආරම්භ කිරීම, ප්‍රභු පවුල් සමබන්ධකර ගැනීම, ධීවර ජනතාව ඉලක්ක කර ආගම ව්‍යාප්තිය, අන්‍යාගමික පුජකවරුන් විනාශ කිරීම, තිළිණ හා සම්මාන ප්රදානය මගින් පුද්ගල අදහස් වෙනස් කිරීම, බදු සහන ලබාදීම, කතෝලික ආගමික පද්‍ය හා ගද්‍ය නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම, ආගමික ගීතිකා ගැයීමට ළමුන් හුරු කිරීම, අලුතින් පාසල් ඉදිකර ඒවායේ පෘතුගීසි භාෂාව, කියවීම හා ලිවීම ආදිය ඉගැන්වීම, ආගම ව්‍යාප්ත කිරීමට අධ්‍යාපනය යොදා ගැනීම ආදිය සිදු කරන ලදි. පෘතුගීසිහු වත්තල සිරිසඟබෝ පිරිවෙන, පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙන, තොටගමුවෙි විජයබා පිරිවෙන ඇතුළු මහ පිරිවෙන් බොහෝමයක් විනාශ කළහ. විහාරාරාමවල තිබූ වස්තුව කොල්ලකන්නට පෘතුගීසි සොල්දාදුවෝ ක්‍රියා කළහ. භික්ෂුන් ඝාතනය කිරීම, පන්සල් ආශ්රිත බොහොමයක් මූර්ති සහ ලේඛන ගිනිබත් කිරීම ආදි ක්‍රියා හේතුවෙන් පහතරට ප්‍රදේශයේ බුදුදහම බොහෝ දුරට පරිහානියට ලක් විය. |
en_US |