ස්ත්‍රි සමලිංගික පැවැත්ම සහ සමාජ ආකල්ප කෙරෙහි අධ්‍යාපනික බලපෑම (ස්ත්‍රි සමලිංගියකු පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ඇසුරින්)

Show simple item record

dc.contributor.author සෙව්වන්දි, කේ.පී.අයි.යූ.
dc.contributor.author නෙත්මිණි, ඩී.එස්.එස්.
dc.contributor.author ද සිල්වා, ටී.ඩී.එම්.ජී.එල්.එම්.ඩී.
dc.date.accessioned 2023-11-14T06:14:04Z
dc.date.available 2023-11-14T06:14:04Z
dc.date.issued 2021-11-19
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15463
dc.description.abstract ශ්‍රී ලංකා සමාජ සන්දර්භය තුළ තරුණ, වැඩිහිටි, උගත් යන සියලු සමාජ පිරිස් මඟින් හාස්‍යට ලක් කිරීම, නොපිළිගැනීමට ලක් කරනු ලබන යථාර්ථවාදී නොවන පිරිසක් වශයෙන් හඳුන්වන ප්‍රජාවක් ලෙස සමලිංගික ප්‍රජාව හඳුන්වා දිය හැකිය. ප්‍රධාන වශයෙන්, මෙම සිද්ධි අධ්‍යයනය මඟින් අරමුණු වන්නේ, ස්ත්‍රී සමලිංගිකත්වය වැනි ලිංගික දිශානතියක් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හේතු කොට ගෙන පුද්ගලයෙකුගේ පැවැත්මට අධ්‍යාපන මට්ටමෙන් ඉහළ ස්ථලවල සිටින පිරිස්ගෙන් පවා එල්ල වන බලපෑම කෙබඳුද යන්න අධ්‍යයනය කිරීමයි. එසේම අධ්‍යාපන මට්ටම අනුව සමලිංගිකයන් පිළිබඳ දරන ආකල්ප කෙබඳුද යන්න පිළිබඳව මෙම සිද්ධි අධ්‍යයනය මඟින් අවධානය යොමු කෙරෙන අතර උගත්යැයි සම්මත වටපිටාවක පවා සංස්කෘතික බලපෑමෙන් ගොඩනැගුණු ආකල්ප, සමාජ ජීවිතයට කරන බලපෑම පිළිබඳ හඳුනා ගැනීම මෙහි අරමුණ වේ. මෙම අධ්‍යයනය සඳහා සිද්ධි අධ්‍යයන සැලැස්ම යොදාගෙන ඇති අතර දත්ත එකතු කිරීම සඳහා සම්මුඛ සාකච්ඡා ක්‍රමය යොදාගනු ලැබිණි. එහිදී පුද්ගලයෝ 21ක් යොදාගන්නා ලදහ. මෙහිදී සොයාගත් තොරතුරු අනුව ලේබල්කරණයට ප්‍රධාන හේතුව බාහිරට පෙනෙන ශාරීරික ලක්ෂණ අනුව උපතින් ඇයට පිරිමි ශාරීරික ලක්ෂණ හා සමාන සිරුරක් හිමිවීමත් ඇයගේ හැසිරීම් පුරුෂ ගතිලක්ෂණවලට සමානවීමත්ය. ඊට හේතුව වශයෙන් ඇය විශාල වශයෙන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමත්, ඇයගේ පියා ක්‍රීඩා ගුරුවරයෙකු වීම නිසා පවුල් පසුබිමේ බලපෑමත් බව දැක්විය හැකිය. මෙම සමාජීය වශයෙන් සිදුවන බලපෑම් පාදක සිසුවියගේ මානව අයිතිවාසිකම් කෙරෙහි ඍජුවම බලපා තිබෙන බව පැහැදිලිය. සමස්තයක් ලෙස අධ්‍යයනය වන්නේ, ශාස්ත්‍රීය දැනුමෙන් කුමන ස්ථලයක සිටින පුද්ගලයෙකු වුවද සමලිංගිකයන් කෙරෙහි පවතින්නේ පොදු මතය මහා සමාජය තුළ තිබෙන අගතිගාමී දෘෂ්ටිකෝණයට සමාන බවයි. අධ්‍යාපන මට්ටම ආකල්පමය වෙනසකට තුඩු නොවන බවත් කෙතරම් පනත්, ප්‍රතිපත්ති පැනවුණද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන සමාජ ක්‍රමයක් ඇසට පෙනෙන මානෙක නොමැතිබව අවසාන වශයෙන් සඳහන් කළ හැකිය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject අධ්‍යාපනය en_US
dc.subject ආකල්ප en_US
dc.subject ලිංගික දිශානතිය en_US
dc.subject ස්ත්‍රි පුරුෂ සමාජභාවය en_US
dc.subject ස්ත්‍රි සමලිංගිකත්වය en_US
dc.title ස්ත්‍රි සමලිංගික පැවැත්ම සහ සමාජ ආකල්ප කෙරෙහි අධ්‍යාපනික බලපෑම (ස්ත්‍රි සමලිංගියකු පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ඇසුරින්) en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account