dc.contributor.author |
ප්‍රියංගිකා, ඩබ්.කේ.ඩී.ඩී. |
|
dc.date.accessioned |
2023-11-15T05:20:40Z |
|
dc.date.available |
2023-11-15T05:20:40Z |
|
dc.date.issued |
2021-11-19 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15474 |
|
dc.description.abstract |
අතීත මිනිසා ආයතනගත වීමත් සමග ක්‍රමිකව පරිපාලන ව්‍යූහයක් ගොඩනඟා ගත් බව හඳුනාගත හැකිය. රාජ්‍ය පරිපාලනය මෙන්ම ප්‍රාදේශීය පරිපාලනයද විධිමත් ආකාරයෙන් ගොඩනඟා ගැනීම සඳහා රජරට රාජධානි පාලන සමයෙහි අමාත්‍යවරුන් උත්සාහ කළ බව මූලාශ්‍රයවලින් හෙළිවේ. ප්‍රාදේශීය පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යාම උදෙසා පණ්ඩුකාභය රාජ්‍ය සමයේ සිට විවිධ ක්‍රම භාවිත කර ඇත. අමාත්‍යවරයා යනු අතීත රාජ්‍ය බලව්‍යූහයෙහි සිටි වැදගත් නිල තනතුරකි. රජරට රාජධානිය ආශ්‍රිත ඓතිහාසික තොරතුරු පදනම්කර ගනිමින් මෙම අධ්‍යයනය කරන ලදි. “රජරට ශිෂ්ටාචාරයට අයත් ස්ථරගත සමාජ ක්‍රමයෙහි උපරිව්‍යූහයට අයත් අමාත්‍යවරුන්ගේ භූමිකාව කෙබඳුද?” යන අධ්‍යයන ගැටලුව ප්‍රමුඛ කරගෙන මෙම අධ්‍යයනය කරන ලදි. අධ්‍යයනයේ මූලික පරමාර්ථය නම් රජරට රාජධානිය පාලන සමයෙහි අමාත්‍යවරුන්ගේ දේශපාලනික, ආගමික, සමාජයීය හා ආර්ථික දායකත්වය අධ්‍යයනය කිරීමයි. අතීත රාජ්‍ය පාලනය තුළ අමාත්‍යවරුන් පිළිබඳව වෙනම කරුණු දැක්වීමේදී පර්යේෂකයන්ගේ අඩු අවධානයක් යොමුව ඇති හෙයින් මෙම අධ්‍යයනය වැදගත් වේ. මෙම අධ්‍යයනය ඓතිහාසික තොරතුරු මත පදනම් වීම හේතුවෙන් තොරතුරු විමර්ශනය සඳහා පුස්තකාලයීය අධ්‍යයනය ප්‍රධාන වශයෙන් යොදාගත් අතර එහිදී ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය මෙන්ම අන්තර්ජාලය මඟින් දත්ත එක්රැස් කරගැනීමද සිදුවිය. අධ්‍යයනයේදී මූලික වශයෙන් ඓතිහාසික සමාජ ස්ථරායනය ගොඩනැගී තිබූ ආකාරය පිළිබඳව අවධානය යොමුවිය. අතීත පාලන බලව්‍යුහයෙහි අමාත්‍යවරයෙකුට හිමි වූ තත්ත්වය හා අමාත්‍යවරයෙකුගේ භූමිකාව මෙහිදී විමර්ශනය කරන ලදි. අමාත්‍යවරුන් යනු සමාජ උපරිව්‍යුහයට අයත් පිරිසක ලෙස අධ්‍යයනයෙන් හඳුනාගැනිණි. එසේම රජුගේ විශ්වාසවන්තයින් ලෙස ක්‍රියා කළ පිරිසක් ලෙසත් විටෙක ගැටුම් ඇති කළ පිරිසක් ලෙසත් ඔවුහු ක්‍රියා කළහ. ප්‍රාදේශීය පාලනය ගොඩනංවා රාජ්‍ය සාමය ඇති කිරීමෙහිලා ඔවුන් මුල් වී ඇත. සමාජ යටිතල පහසුකම් ගොඩනංවමින් ආර්ථික අභිවෘද්ධිය ඇතිකර ලෝකෝත්තර සුබසිද්ධිය උදෙසාද කටයුතු කළ පිරිසක් වශයෙන් අතීත අමාත්‍යවරයා මෙම අධ්‍යයනයෙන් හඳුනා ගැනිණි. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
පූර්ව යටත්විජිත ශ්‍රී ලංකාව |
en_US |
dc.subject |
අමාත්‍යවරුන්ගේ භූමිකාව |
en_US |
dc.subject |
ප්‍රාදේශීය දේශපාලනය |
en_US |
dc.title |
පූර්ව යටත් විජිත ශ්‍රී ලංකාවේ සමාජ උපරි ව්‍යුහයට අයත් අමාත්‍යවරුන්ගේ ඓතිහාසික භූමිකාව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (රජරට ශිෂ්ටාචාරය ඇසුරෙන්) |
en_US |
dc.type |
Article |
en_US |