ඓතිහාසික වැදගත්කමකින් යුතු පුසුල්පිටිය රජමහා විහාරය සංරක්ෂණය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author දිල්රුක්ෂි, ආර්.ජී.ඩී.එන්.
dc.date.accessioned 2023-11-15T06:21:04Z
dc.date.available 2023-11-15T06:21:04Z
dc.date.issued 2021-11-19
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15483
dc.description.abstract පුසුල්පිටිය රජමහා විහාරය මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ නවංගම ග්‍රාම නිලධාරි වසමේ පුසුල්පිටිය ග්‍රාමයේ පිහිටා ඇති පුරාණ විහාරස්ථානයක් වේ. මෙම පර්යේෂණය මූලික අරමුණ වන්නේ ඓතිහාසික වැදගත්කමකින් යුතු පුසුල්පිටිය රජමහා විහාරස්ථානය සංරක්ෂණය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු කිරීමයි. මෙහි අධ්‍යයනය ගැටලුව වන්නේ පුසුල්පිටිය රජමහා විහාරය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ කුමන හේතු සාධක මතද යන්න පිරික්සීමයි. සාහිත්‍ය මූලාශ්‍රය ඇසුරෙන් සහ ක්ෂේත්‍ර අධ්‍යයනයෙන් දත්ත රැස් කරන ලදි. පුසුල්පිටිය රජමහා විහාරයේ ආරම්භය නිශ්චිතව පැහැදිලි නොවුවද දුටුගැමුණු කුමරු කොත්මලේට පැමිණීමට පෙර දේවානම්පියතිස්ස රජ සමයේ ඉදි වූ විහාරයක් බව විශ්වාස කෙරේ. ශ්‍රී දළදා වහන්සේ පුසුල්පිටිය රජමහා විහාරයෙහි තෙවරක් රහසිගතව තැන්පත් කර තිබූ බව පූජාවලිය වැනි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. දුටුගැමුණු රජු සිහිවීම පිණිස මෙම විහාරයේ චෛත්‍යය ඉදිකර ඇතැයි සැලකේ. එම කුඩා චෛත්‍යයට මැදි වන සේ විහාර ගෙයක්ද ගොඩනංවා තිබේ. විහාරයේ බුදු මැදුරු ද්විත්වයකින් සමන්විත වෙයි. හතරවන බුවනෙකබාහු රජතුමා විසින් කරවන ලද බැම්මක් සහ රාජාධිරාජසිංහ රජුගේ ගමන් මාළිගාවක තිබූ උළුවස්සක්ද මෙම විහාරස්ථානයෙහි දැකිය හැකිය. දෙතිස් පල බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් මෙම විහාරය භූමියේ රෝපණය කර තිබෙන අතර බෝධිය අසළ වූ ගලෙහි ශිලාලිපියක විහාර මළුවට තරමක් උසින් සිරිපතුල සිතුවම් කරන ලද ගල් පුවරුවක්ද දැකගත හැකිය. ගම්පොල රාජධානි සමයේ රජ කළ බුවනෙකබාහු රජතුමා විසින් නිර්මාණය කරන ලද මැණික් ඔබ්බවා ඇත්දළවලින් කැටයම් යොදා සාදන ලද පෞරාණික මකර තොරණක්ද කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරයේ තැන්පත් කොට තිබී ඇත. පුසුල්පිටිය රජමහා විහාරය ක්‍රි. ව. 1980 දශකයෙන් පසු අවස්ථා කිහිපයකදීම නිදන් සොරුන්‌ගේ තර්ජනයට ලක්විය. පුසුල්පිටිය රජමහා විහාරස්ථානයෙහි ඉතිරිව පවතින ඓතිහාසික වස්තූන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම මෙහි සාකච්ඡා කෙරේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject ඓතිහාසිකත්වය en_US
dc.subject දළදා වහන්සේ en_US
dc.subject පුසුල්පිටිය රජමහා විහාරය en_US
dc.subject බෝධිය en_US
dc.subject සංරක්ෂණය en_US
dc.title ඓතිහාසික වැදගත්කමකින් යුතු පුසුල්පිටිය රජමහා විහාරය සංරක්ෂණය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account