පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙන් හෙළිවන මානව අයිතිවාසිකම් පිළිබඳ විමර්ශනයක්

Show simple item record

dc.contributor.author ප්‍රනාන්දු, ටි.ටි.කේ.
dc.date.accessioned 2023-11-15T06:33:22Z
dc.date.available 2023-11-15T06:33:22Z
dc.date.issued 2021-11-19
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15485
dc.description.abstract ක්‍රි. ව. 10වන සියවසේදී රචනා වී ඇති පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙහි විහාරස්ථානවල යහ පැවැත්මට පනවන ලද ව්‍යවස්ථා පිළිබඳව සඳහන්ව ඇත. මෙම අධ්‍යයනයේදී පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙන් හෙළිවන මානව අයිතිවාසිකම් සාකච්ඡා කෙරේ. මෙම අධ්‍යයනය කරන ලද්දේ “පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපියේ සඳහන් මානව අයිතිවාසිකම් මොනවා ද?” යන පර්යේෂණ ගැටලුව කේන්ද්‍ර කොටගෙනය. පර්යේෂණයේ අරමුණ වන්නේ පස්වන කාශ්‍යප රජුගේ පුවරු ලිපියෙහි ව්‍යවස්ථා ඇතුළත් වුවත් මානව අයිතිවාසිකම් අධ්‍යයනය කිරීමයි. මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය අනුගමනය කරමින් කරන ලද්දකි. ප්‍රථමයෙන්ම සෙල්ලිපි විස්තරාර්ථ සඳහන් වන ලිපිපත්‚ සංස්කරණ කෘති ඇසුරෙන් පෙළ අධ්‍යයනය කළ අතර‚ අන්තර්ගතය පිරීක්සීමේදී මානව අයිතිවාසිකම් සොයා ගනිමින් දත්ත විශ්ලේෂණය කර ප්‍රතිඵල ඉදිරිපත් කරන ලදි. සාහිත්‍ය විමර්ශන පරීක්‍ෂා කිරීමේදී මෙම සෙල්ලිපිය ඇසුරු කරමින් කරන ලද පූර්ව අධ්‍යයන හමු වූ අතර එහි භාෂා ලක්ෂණ‚ ව්‍යවස්ථා පන්තිය ආදිය කෙරෙහි අවධානය යොමු වුවද මානව අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යයන සීමිත වේ. මෙම ශිලාලේඛනය කේන්ද්‍ර කොටගෙන සමකාලීන භාෂා ලක්ෂණ හා සමකාලීන සමාජීය ලක්ෂණ යන විවිධ තේමා ඔස්සේ අධ්‍යයනයට අවකාශය ඇතත් මෙහිදී අධ්‍යයන සීමාව වශයෙන් මානව අයිතිවාසිකම් යන තේමාව පිළිබඳ පමණක් සාකච්ඡා කෙරේ. මානව අයිතිවාසිකම් යනු මනුෂ්‍යයාට ඇති අයිතිය නැතහොත් හිමිකම වේ. මෙය ආගමික නිදහස‚ සෞඛ්‍යය නිදහස‚ අධ්‍යාපනික නිදහස‚ ජීවත් වීමේ නිදහස‚ නීතියේ සාධාරණත්වය ලැබීමේ නිදහස ආදි වශයෙන් විග්‍රහ කළ හැකිය. පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙහිද රජු මිරිසවැටි සංඝසේනාරාමය‚ කාශ්‍යප රාජමහා විහාරය කරවා භික්ෂුන් වහන්සේලාට එහි වාසය කිරීමට ඉඩ සලසා දීම‚ බුදු දහම හා නොයෙක් ජාතීන් සම්බන්ධ කර ධාතු උත්සවයකින් බුද්ධ රත්නය පුදන ලද බව සඳහන් වීමෙන් ආගමික නිදහස ලබා දුන් බව පැහැදිලි වේ. සාගත භීතිය‚ ආයුධ භීතිය හා සතුරු භීතිය නිවාරණය‚ මිනි මැරීම් ආදියට නීතියේ දඩුවම් ලැබුණද මරණීය දඬුවම් නොදීම ආදීයෙන් ජීවත් වීමට නිදහස ලබා දී ඇත. වයසින් අඩු ළාබාලයන් මහණ නොකිරීම පිළිබඳ සඳහන් වීමෙන් ළමා අයිතිවාසිකම් පවා සුරැකීමට කටයුතු කර ඇතිබව කිව හැකිය. මෙහෙකරුවන්ට‚ සේවය කළ මිනිසුන්ට උපකාර වැටුප් වශයෙන් වැලිගමු දෙපෑලක් පිරිනමා තිබීමෙන් සේවයට සරිලන වැටුපක් ලැබීමට නිදහස හිමිව ඇත. මෙහිදී නිගමනය කළ හැකි වන්නේ මෙබඳු ව්‍යවස්ථා පන්තියක් පනවා රටේ පොදු ජනයා වූ ගිහි පැවිදි දෙපක්‍ෂයේම හිතසුව පිණිස මානව අයිතිවාසිකම්ද සුරැකීමට කටයුතු කර ඇති බවයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject ක්‍රි. ව.10වන සියවස en_US
dc.subject ගිහි-පැවිදි සමාජය en_US
dc.subject පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපිය en_US
dc.subject මානව අයිතිවාසිකම් en_US
dc.subject සමාජ යහ පැවැත්ම en_US
dc.title පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙන් හෙළිවන මානව අයිතිවාසිකම් පිළිබඳ විමර්ශනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account