dc.contributor.author |
ජයරත්න, ජී.එස්.එන්. |
|
dc.date.accessioned |
2023-11-15T07:15:12Z |
|
dc.date.available |
2023-11-15T07:15:12Z |
|
dc.date.issued |
2021-11-19 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15491 |
|
dc.description.abstract |
පස්වන කාශ්‍යප රජුගේ මෙම සෙල්ලිපිය ක්‍රි. ව. 10වන සියවසට අයත් වන අතර අනුරාධපුර අභයගිරි භූමියට ආසන්න ප්‍රදේශයකින් සොයා ගන්නා ලදි. භික්ෂූන්ගේ උත්කෘෂ්ටභාවය උදෙසා පනවන ලද ව්‍යවස්ථා පන්තියක් වුවද මෙහි ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ පැවතීම විශේෂත්වයකි. මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණයකි. ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය යොදා ගනිමින් ඒ ඔස්සේ කරුණු ගවේෂණය කරනු ලැබේ. අධ්‍යයන සීමාව වන්නේ පස්වන කාශ්‍යප රජුගේ පුවරු ලිපියේ “ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ” අධ්‍යයනය කිරීමයි. මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටලුව වන්නේ “පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපියේ ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ මොනවා ද?” යන්න අධ්‍යයනය කිරීමයි. පස්වන කාශ්‍යප රජුගේ පුවරු ලිපියේ සඳහන් ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ අධ්‍යයනය කිරීම හා එහි වටිනාකම අධ්‍යයනය කිරීම මෙහි අරමුණු වේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් ජනතාව උදෙසා ගෙන යනු ලබන මහජනතාවගේ පාලනයයි. සමානාත්මතාව, පරාර්ථකාමි ප්‍රතිපත්තිය, සහනශීලීභාවය, බලය විමධ්‍යගතකිරීම යනාදිය ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ අතර වේ. ජීව - අජීව යන දෙයංශයම වෙනුවෙන් බලපවත්වන ලද ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ රැසක් පවතී. රජු එක් එක් කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලයක් පත් කීරීමෙන්ද තීරණ ගැනීමේදී භික්ෂූන් හා රාජ්‍ය නිලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීමෙන්ද බලය විමධ්‍යගත කර තිබූ ආකාරය පැහැදිලි වේ. භික්ෂු - භික්ෂුණී යන දෙපාර්ශ්වය උදෙසාම අරාම ඉදිකිරීමෙන්ද මෙහෙකරුවන් ආදි කොට ඇති සැමට සමානත්වයෙන් සැලකීමෙන්ද ජනයාගේ ශ්‍රමයට සරිලන වැටුප් පිරිනැමීමෙන්ද පරාර්ථකාමී ප්‍රතිපත්තිය කැපී පෙනේ. ස්වාභාවික පරිසරය ආරක්ෂා කීරීමෙන් රජුගේ පරිසර හිතවාදී ප්‍රතිපත්තිය ප්‍රකට වන අතර සෑම අවුරුද්දක් අවසානයේම මහා සංඝයා ඉදිරියේ අයවැය ලේඛන ගත කොට ඉදිරිපත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රමුඛතම ලක්ෂණයක් ආරක්ෂා වෙයි. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
පුවරු ලිපිය |
en_US |
dc.subject |
පස්වන කාශ්‍යප |
en_US |
dc.subject |
ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ |
en_US |
dc.subject |
ව්‍යවස්ථා පන්තිය |
en_US |
dc.subject |
සමානාත්මතාව |
en_US |
dc.title |
පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙහි ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ ගැන විමර්ශනයක් |
en_US |
dc.type |
Article |
en_US |