කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටි ලෙන් හා ලෙන්ලිපිවල ඓතිහාසික විකාසනය පිළිබඳ අධ්‍යයනයක් (ආරම්භයේ සිට වළගමිබා රාජ්‍ය සමය දක්වා)

Show simple item record

dc.contributor.author බංඩාරවත්ත, බී.ජී.ඒ.එච්.
dc.date.accessioned 2023-11-15T07:22:04Z
dc.date.available 2023-11-15T07:22:04Z
dc.date.issued 2021-11-19
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15494
dc.description.abstract කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලෙන් හා ශිලාලිපි මගින් මෙරට ඉතිහාසය හා පුරාවිද්‍යාත්මක ඉතිහාසයට අලුත් අර්ථකථන ඉදිරිපත් කිරීමට හැකිය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මහින්දාගමනය දක්වා වූ ලෙන් සහ මෙරට බුදුදහම ස්ථාපිත වීමත් සමග භික්ෂුන් වහන්සේලාගේ වාසය පිණිස සුදුසු පරිදි සකස් කරන ලද ලෙන් මෙම ප්‍රදේශයෙහි දැකිය හැකිය. මෙම අධ්‍යයනය මගින් කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටි ආරම්භක යුගයේ සිට විකාසනය වූ ලෙන්ගුහා ලිපි ඓතිහාසික විකාශනය හා එම ලෙන් ලංකා ඉතිහාසය සකසා ගැනීම උදෙසා කෙබඳු අයුරින් දායක වේද යන්න අධ්‍යයන ගැටලුවට ලක් වේ. කෑගල්ල දිස්ත්‍රික්කය මුල් කර ලෙන්වල ඓතිහාසික විකාශනය මගින් ලෙන් තුළින් හෙළිවන ඓතිහාසික වැදගත්කම පෙන්වාදීම මෙම අධ්‍යයනයේ අරමුණයි. අධ්‍යයන ක්‍රමවේදය තුළ ක්ෂේත්‍ර නොවන අධ්‍යයන ක්‍රමවේදය හා ක්ෂේත්‍ර අධ්‍යයන ක්‍රමවේදය යොදා ගන්නා ලද අතර, මෙම ප්‍රදේශයේ පිහිටි ලෙන්වල ඓතිහාසික තත්ත්වය පිළිබඳව කරුණු අධ්‍යනයේදි ඇතැම් ලෙන් මධ්‍ය ශිලා යුගය දක්වා ඈත අතීතයකට උරුමකම් කියන නිවැරදි සාධක රැසක් මෙම ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින් සොයාගනු ලැබ ඇත. මූල ඓතිහාසික යුග සම්බන්ධව මෙන්ම කිතුල්ගල බෙලිලෙන, මානම ගල බෙලිලෙන අත්තනගොඩ වැනි මධ්‍ය ශිලා යුගය සම්බන්ධයෙන් වැදගත් ස්ථානද දක්නට ලැබේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවත ආ ලෙන්ගුහා එම ලෙන් මහින්දාගමනයෙන් පසුව විධිමත් අයුරින් සකස් වීමට ලක් වූ ලෙන් එම ලෙන්වල වාස්තු විද්‍යාත්මක ස්වරුපය, ප්‍රදේශය පුරා ව්‍යාප්ත වූ ලෙන්ලිපි මගින් එකල සමාජ ධූුරාවලින් ඔවුන්ගේ පාරම්පරික තොරතුරුද මෙම ලිපි මගින් අනාවරණය කරගත හැකිය. කෑගල්ල දිස්ත්‍රික්කය හා සම්බන්ධ ලෙන් හා ලෙන් ලිපි මගින් ලංකා ඉතිහාසය සකස් වීම සඳහා ඉමහත් වැදගත්කමක් හිමි වනබව මෙමගින් නිගමනය කළ හැකි ය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject ඓතිහාසික en_US
dc.subject ලෙන් ලිපි en_US
dc.subject ලෙන් en_US
dc.subject පදවිිගමපල en_US
dc.subject මා ඔය en_US
dc.title කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටි ලෙන් හා ලෙන්ලිපිවල ඓතිහාසික විකාසනය පිළිබඳ අධ්‍යයනයක් (ආරම්භයේ සිට වළගමිබා රාජ්‍ය සමය දක්වා) en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account