dc.contributor.author |
නිපුන තත්සර, එච්.ඩබ්. |
|
dc.date.accessioned |
2023-11-15T09:01:48Z |
|
dc.date.available |
2023-11-15T09:01:48Z |
|
dc.date.issued |
2021-11-19 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15496 |
|
dc.description.abstract |
අක්ෂර 60කින් සමන්විත වර්තමාන සිංහල අක්ෂර මාලාවේ අක්ෂරවල රූපීය හැඩය පරීක්ෂා කර බැලීමේදී ඒවා එකවර ඍජුවම නිර්මාණය නොවුණු බවත්, ක්‍රමික විකාසයක් සහිතව ගොඩ නැගී ඇති බවත් හඳුනා ගත හැකි ය. සිංහල අක්ෂර මාලාවේ දන්තජ “ල” සහ මූර්ධජ “ළ” යනුවෙන් අක්ෂර 2ක් පවතින අතර, මෙම අධ්‍යයනය සඳහා කේන්ද්‍ර වන්නේ මූර්ධජ “ළ” කාරය යි. මූර්ධජ ‘ළ’ අක්ෂරය සිංහල අක්ෂර මාලාවේ සම්භවය වී ඇත්තේ කෙසේද සහ ආරම්භක අවස්ථාවේදී එහි රූපීය හැඩය කෙබඳුද යන පර්යේෂණ ගැටලු විමසා බැලීමේ අරමුණෙන් මෙම පර්යේෂණය කරන ලදි. පූර්ව අධ්‍යයන මූලාශ්‍රය ගත තොරතුරුවලට අනුව මූර්ධජ “ළ” කාරයේ සම්භවය හා එහි රූපීය හැඩය පිළිබඳව විද්වත් මතවාද පවතින අතර, සාහිත්‍ය විමර්ශනයේදී එම මතවාද විමසා බලමින් මූර්ධජ “ළ” කාරයේ සම්භවය හා රූපීය හැඩය සම්බන්ධයෙන් නිශ්චිත අදහසකට එළඹිණි. උක්ත පර්යේෂණ ගැටලුව සඳහා පිළිතුරු සෙවීමේදී අධ්‍යයනයේ ක්ෂේත්‍ර සීමාව වශයෙන් ක්‍රි. පූ. 3 සිට ක්‍රි. පූ. 1 සියවස්වල රචිත තෝරා ගත් ශිලාලේඛන ආශ්‍රය කරන ලද අතර දත්ත සීමාව වශයෙන් අක්ෂර හැට (60)කින් සමන්විත නූතන සිංහල අක්ෂර මාලාවේ පනස් නව (59) වැනි අක්ෂරය වන මූර්ධජ ‘ළ’ කාරයේ සම්භවය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මතවාද ප්‍රධාන වේ. මෙම අධ්‍යයනය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ කරන ලද්දක් වන අතර මූලික වශයෙන් ක්ෂේත්‍ර අධ්‍යයනයක් ඔස්සේ ප්‍රාථමික මූලාශ්‍රය දත්ත රැස් කර ගන්නා ලද අතර පුස්තකාලය පරිශීලනයෙන් ද්විතීයික දත්ත රැස් කර ගන්නා ලදි. ප්‍රාථමික මූලාශ්‍රය දත්ත හා ද්විතීයික මූලාශ්‍රය දත්ත විශ්ලේෂණාත්මකව විමර්ශනය කිරීමෙන් පර්යේෂණ ප්‍රතිඵල අනාවරණය කර ගත හැකි වූ අතර එහිදී මූර්ධජ “ළ” කාරය සිංහල අක්ෂර මාලාවේ සම්භවය සනිටුහන් වන්නේ ක්‍රි. පූ. 1වන සියවසේදී බව පසක් කර ගන්නා ලදි. මෙම පර්යේෂණ ප්‍රතිඵල විස්තාරිත සාරසංක්fIaපයක් හා ප්‍රස්තුතීකරණයක් ඔස්සේ ඉදිරිපත් කෙරේ. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
ක්‍රි. පූ. 1වන සියවස |
en_US |
dc.subject |
මූර්ධජ ‘ළ’ කාරය |
en_US |
dc.subject |
ශිලාලේඛන |
en_US |
dc.subject |
සිංහල අක්ෂර |
en_US |
dc.title |
සිංහල අක්ෂර මාලාවේ මූර්ධජ ‘ළ’ කාරය සම්භවය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (ක්‍රි. පූ. 3 සිට ක්‍රි. ව. 1 දක්වා රචිත තෝරාගත් සෙල්ලිපි ඇසුරෙනි) |
en_US |
dc.type |
Article |
en_US |