ප්‍රථම සිංහල මුද්‍රණ ග්‍රන්ථයේ මුද්‍රණ අක්ෂර නිර්මාණයෙහිලා පුස්කොළ අකුරුවල බලපෑම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author රත්නායක, ආර්.එම්.අයි.එම්.කේ.
dc.date.accessioned 2023-11-15T09:26:36Z
dc.date.available 2023-11-15T09:26:36Z
dc.date.issued 2021-11-19
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15497
dc.description.abstract සිංහල ලේඛන සම්ප්‍රදාය විවිධ වූ සංක්‍රාන්තික අවධි පසු කරමින් බොහෝ දුර පැමිණ ඇත. ඉතිහාසය පුරා වරින් වර සිදු වූ සංක්‍රමණ හා ආක්‍රමණ සංසිද්ධි සිංහල ලේඛන කලාවේ විවිධ වෙනස්කම් ඇති කිරීමට හේතු විය. 18වන සියවසේදී ලක්දිව මුද්‍රණ තාක්ෂණය ලන්දේසීන් විසින් ආරම්භ කරනු ලැබීම සිංහල ලේඛන කලාවේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. ලන්දේසීන් විසින් වර්ෂ 1737දී ප්‍රථම මුද්‍රිත සිංහල ග්‍රන්ථය ලෙස Singaleesch Gebeede – Boek නම් ග්‍රන්ථය මුද්‍රණය කරන ලදි. ග්‍රන්ථයේ අන්තර්ගතය සිංහල භාෂාවෙන් මුද්‍රණය වී තිබුණද ග්‍රන්ථ නාමය ලන්දේසි භාෂාවෙන් යොදා තිබීම විශේෂත්වයකි. පසුකාලීනව තද්ග්‍රන්ථ නාමය ලන්සි යාඥා පොත, සිංහල යාඥා පොත හා යාඥා හෑල්ල යන නම්වලින් සිංහල වහරට පැමිණ ඇත. පුස්කොළ අකුරු ප්‍රථම සිංහල මුද්‍රිත ග්‍රන්ථයේ අක්ෂර කෙරෙහි කරන ලද බලපෑම කෙබඳුද? යන ගැටලුව කේන්ද්‍ර කර ගනිමින් මෙම අධ්‍යයනය කරන ලදි. පුස්කොළ අකුරුවල හැඩයේ ආභාසය Singaleesch Gebeede – Boek ග්‍රන්ථයේ මුද්‍රණ අක්ෂර කෙරෙහි කරන ලද බලපෑම විමසා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණයි. සාහිත්‍ය විමර්ශනයේදී පූර්ව අධ්‍යයන විමසා බැලීමෙන් මේ ග්‍රන්ථය සම්බන්ධව සිදු කෙරී ඇති පර්යේෂණවල හිඬැස හඳුනාගන්නා ලදි. Singaleesch Gebeede – Boek ග්‍රන්ථය ප්‍රාථමික මූලාශ්‍රය කොට ගනිමින් කරන ලද මෙම අධ්‍යයනයේ සීමාව වශයෙන් සලකා බලන ලද්දේ තද්ග්‍රන්ථයේ මුද්‍රණාක්ෂර පිළිබඳවයි. ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ කරන ලද මෙම අධ්‍යයනයේදී පුස්තකාලය ආශ්‍රිත සමීක්ෂණ, ලේඛනාරක්ෂක මණ්ඩලයේ සුරක්ෂිත මූලාශ්‍රය පරිශීලනය සහ සම්මුඛ සාකච්ඡා ඇසුරෙන් ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය දත්ත රැස් කරගන්නා ලදි. ප්‍රාථමික මූලාශ්‍රය ලෙස Singaleesch Gebeede – Boek ග්‍රන්ථය හා විහාරාරාමවල සං‍රක්ෂිත පුස්කොළ ලේඛනත් ද්විතීයික මූලාශ්‍රය වශයෙන් සිංහල අක්ෂරමාලාව හා Singaleesch Gebeede – Boek ග්‍රන්ථය පිළිබඳව ලියැවී ඇති ග්‍රන්ථ, සඟරා හා ලිපි ලේඛනත් පරිහරණය කරන ලදි. Singaleesch Gebeede – Boek ග්‍රන්ථය පිළිබඳව කරුණු රැස් කිරිමේදී සම්මුඛ සාකච්ඡා මඟින් තවදුරටත් දත්ත රැස්කර ගන්නා ලදි. සමකාලීන පුස්කොළ අකුරු සහ මුද්‍රණාක්ෂර විමර්ශනය කරමින් දත්ත විශ්ලේෂණය කිරීමේදී Singaleesch Gebeede – Boek ග්‍රන්ථයේ මුද්‍රණාක්ෂර පුස්කොළ අකුරුවලට රූපීයව සමාන බව අනාවරණය විය. පුස්කොළ අකුරු හැඩය අනුව ශෛලීන් තුනක් වන අතර Singaleesch Gebeede – Boek ග්‍රන්ථයේ මුද්‍රණාක්ෂර හංස ශෛලියට සමාන බව තහවුරු කර ගන්නා ලදි. බැඳි අකුරු හා පිල්ලම් භාවිතයේදීද පුස්කොළ ලේඛනයේ ආභාසය ලැබී ඇති බව සනාථ විය. දත්ත විශ්ලේෂණය කොට අනාවරණය කරගත් පර්යේෂණ ප්‍රතිඵල විස්තීරණ සාරසංෂේපයක් හා ප්‍රස්තූතිකරණයක් මඟින් ඉදිරිපත් කෙරේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject පුස්කොළ අකුරු en_US
dc.subject මුද්‍රණාක්ෂර en_US
dc.subject ලන්දේසි පාලන අවධිය en_US
dc.subject ලේඛන කලාව en_US
dc.subject Singaleesch Gebeede – Boek en_US
dc.title ප්‍රථම සිංහල මුද්‍රණ ග්‍රන්ථයේ මුද්‍රණ අක්ෂර නිර්මාණයෙහිලා පුස්කොළ අකුරුවල බලපෑම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account