මානව භාෂාව හා සත්ත්ව සන්නිවේදනය අතර පවතින වෙනස පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author ධම්මාලෝක හිමි, නෙළුවේ
dc.date.accessioned 2023-11-15T09:33:10Z
dc.date.available 2023-11-15T09:33:10Z
dc.date.issued 2021-11-19
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15498
dc.description.abstract මිනිසා තම අදහස් සහ හැඟීම් අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීම උදෙසා මානව භාෂාව භාවිත කරයි. භාෂාවේ ප්‍රධාන අරමුණ නම් මිනිසුන් අතර මනා සංවාදයක් ගොඩ නැගීමයි. මේ අනුව මානව භාෂාව හා සත්ත්ව සන්නිවේදනය අතර පවතින වෙනස්කම්වල ස්වභාවය හඳුනාගන්නේ කෙසේදැයි මෙමගින් විමර්ශනයට අපේක්ෂිත ගැටලුවයි. ඒ ඔස්සේ මානවයාට හා සත්ත්වයින්ට භාෂාව උරුම වූ ආකාරයත්, සත්ත්ව සන්නිවේදනය තුළ ඇති සුවිශේෂි වූ සන්නිවේදන ක්‍රම පිළිබඳවත්, මානව භාෂාව හා සත්ත්ව සන්නිවේදනය අතර ඇති වෙනස්කම් එකිනෙකට වෙන් කොට හඳුනා ගැනීමත්, මානව භාෂාවේ ඇති විශිෂ්ටත්වය පැහැදිලි කිරීමත් අරමුණු කෙරේ. සාහිත්‍ය මූලාශ්‍රය ආශ්‍රිත පර්යේෂණ ක්‍රමවේදය මෙයට යොදා ගැනේ. මානව භාෂාව වනාහි මානවයා විසින් සොයා ගන්නා ලද විශිෂ්ට වූ නිර්මාණයකි. එමෙන්ම සත්ත්වයන් විසින්ද ඔවුනොවුන් අතර සන්නිවේදන කාර්යය සිදු කිරීම උදෙසා විවිධ ක්‍රම උපයෝගි කරගනු ලබයි. සත්ත්වයන්ට භාෂාව උපතින් දායාද වන්නකි. මිනිසාට භාෂාව තමා ඇසුරු කරන සංස්කෘතියෙන් ලැබේ. මිනිසා සංකීර්ණ වූද දීර්ඝ වූද පණිවුඩ අන්‍යයන් වෙත සන්නිවේදනය කිරීම, සමගිය වර්ධනය කිරීම, විනෝදාස්වාදය, සුහදතාව ආදි වූ සංකීර්ණ කාර්ය සඵල කර ගැනීම උදෙසා භාෂාව යොදා ගනියි. දැනුම් සම්භාරය තැන්පත් කිරීමට ආධාරකයක් වූ බැවින් භාෂාව මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට රුකුලක් වේ. නමුත් සත්ත්ව සන්නිවේදනය තුළ එවැනි වූ සංකීර්ණ කාර්යභාරයක් ඉටු නොවන අතර සීමිත අවශ්‍යතා උදෙසා යොදාගනු ලබයි. සත්ත්වයින්ට එසේ අතිසාර්ථක අයුරින් සන්නිවේදනය කිරීමට අපහසුය. නිදසුන් වශයෙන් බල්ලා, පූසා හා කපුටා ආදී සතුන් නිරීක්ෂණය කළ විට ඔවුන් විවිධ අවස්ථා සන්නිවේදනය කිරීම උදෙසා තම හඬ, ඉරියව් වෙනස් කිරීම් ආදිය සිදු කරන ආකාරය දැකිය හැකිය. ඔවුන් තම වර්ගයේ සතුන් කැඳවීමටත් අන්තරාය දැනවීමටත් තම සාමාජිකයෙකු අනතුරට ලක්ව ඇති විට දැනවීමටත් යොදා ගන්නා හඬ එකිනෙකට වෙනස්ය. සන්නිවේදනයේදී ඔවුහු සීමිත ප්‍රකාශන සංඛ්‍යාවක් භාවිත කරති. සත්ත්ව සන්නිවේදනයේ ඇති විශේෂ ලක්ෂණයක් නම් ඔවුන්ට නව ප්‍රකාශන ඉදිරිපත් කළ නොහැකි අතර කෙටිකාලීන මතක ගබඩා කර ගනිමින් ගතානුගතික සන්නිවේදන ක්‍රමයක් භාවිත කිරීමයි. සත්ත්ව සන්නිවේදන ක්‍රම ඉතා සරල බවත් ආඝ්‍රාණමය හා දෘශ්‍යමය ආදි වූ සීමිත සන්නිවේදන ක්‍රම භාවිත කරන අතර ඒවා ඒ ඒ සත්ත්ව කොට්ඨාසවලට අනුව වෙනස් වන බවත් මීට වෙනස්ව මානවයා ඉතා සංකීර්ණ වූ විශිෂ්ට වූ විවිධ ක්‍රම උපයෝගි කරගෙන සන්නිවේදනය සිදු කරන බවත් නිගමනය කළ හැකිය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject මනුෂ්‍ය භාෂාව en_US
dc.subject සත්ත්ව සන්නිවේදනය en_US
dc.subject සංස්කෘතිය en_US
dc.title මානව භාෂාව හා සත්ත්ව සන්නිවේදනය අතර පවතින වෙනස පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account