dc.contributor.author |
මල්ෂානි, ඩබ්.කේ.ඩී.ඩබ්. |
|
dc.date.accessioned |
2023-11-16T03:16:24Z |
|
dc.date.available |
2023-11-16T03:16:24Z |
|
dc.date.issued |
2021-11-19 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15499 |
|
dc.description.abstract |
මහනුවර අවධියේදී ලියැවුණු විශිෂ්ටතම චරිත කථාව ලෙස හැඳින්වෙන සංඝරාජ සාධුචරියාව සමකාලීන සමාජය නිරූපණය කරයි. ආයිත්තාලියැද්දේ මුහන්දිරම් විසින් රචිත මෙම කෘතියේ මූලික පරමාර්ථය සේ සැලකෙන්නේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශ්‍රේෂ්ඨ වූද උතුම් වූද ජීවන චරිතය නිරූපණය කිරීමයි. සංඝරාජ සාධුචරියාවෙන් නිරූපණය වන කුල සංකල්පය හා එකී කුල සංකල්පය නිර්මාණයෙහිලා කතුවරයාගේ බලපෑම කෙබඳුද යන ගැටලුව සඳහා විසඳුම් සෙවීම මෙම පර්යේෂණයෙහි අරමුණ විය. මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ පුස්තකාලය භාවිතයෙන් සපයා ගන්නා ලද ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය දත්ත ආශ්‍රයෙන් කරන ලද්දකි. මහින්දාගමනයත් සමඟ විවිධ රැකියා ශ්‍රේණි බිහිවීම ලාංකේය සමාජය පුරා කුලභේදය ව්‍යාප්තිය සඳහා බලපෑ අතර වඩා ක්‍රමවත් ලෙස කුලය පදනම් වූ සමාජ ක්‍රමයක් නිර්මාණය වූයේ මහනුවර අවධියේදීය. එකී කුලවාදය සංඝරාජ සාධුචරියාවේ අන්තර්ගත කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇතිබව කෘතියෙහි ඉතිහාසකරණ ලක්ෂණ විමසීමෙන් හඳුනාගත හැකිය. කෘතිය ආරම්භ වන්නේ කුලතුංග මුදලි පරම්පරාවේ කුල දරුවකු වශයෙන් සංඝරාජ හිමියන්ගේ උප්පත්තිය සිදුවීම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමකිනි. එහිදී සංඝරාජ හිමියන්ගේ පියා උසස් ගොවි කුලයකින් පැවත එන සුවිශේෂී පරම්පරාවකට අයත්බව වර්ණනා මුඛයෙන් සඳහන් කරනු ලැබේ. කතුවරයා සංඝරාජ හිමියන්ගේ සමකාලීනයකු වුවද සංඝරාජ හිමියන්ගේ මව පිළිබඳ කෘතියේ කිසිදු අවස්ථාවක සඳහන් නොකිරීමෙන් මව සමාජ සම්මතය අනුව උසස් කුලයකට අයත් නොවූ බැවින් කතුවරයා ඒ පිළිබඳ සඳහන් නොකිරීමට වග බලා ගන්නට ඇතැයි යන නිගමනයට එළැඹිය හැකිය. තවදුරටත් විමසන කල මුද්‍රිත පිටු පනස් හතරක් වන මෙම කෘතියේ උපසම්පදාව වෙනුවෙන් වැඩි ඉඩක් වෙන්වූ අතර භික්ෂූන් පිළිබඳ සඳහන් කිරීමේදී උසස් ඥාතිත්වය‚ කුල දරුවන් යන වචන භාවිතය දැකිය හැකිය. එසේම සංඝරාජ හිමි සිටි කාලයේම උපසම්පදාව ගොවි කුලයට පමණක්ම සීමා වීමේ ඛේදවාචකයක්ද පැවති බව කෘතියේ සඳහන් වේ. සාහිත්‍ය නිර්මාණයක් මඟින් කුලය පිළිබඳ අදහස් පාඨකයාට ලබා දෙන කතුවරයාද රදළ වංශිකයෙකි. ඔහු සමකාලීන සමාජ සම්මතය තුළ උසස් පරම්පරාවකින් පැවත එන්නෙකි. සියලු කරුණු අනුව කුලය පිළිබඳ සංකල්ප සංඝරාජ සාධුචරියාව නම් සාහිත්‍ය කෘතිය තුළ ඉස්මතු ව පෙනෙන අතර ඒ සඳහා කතුවර අභ්‍යන්තර විඥානය බලපා ඇතිබව නිගමනය කළ හැකි ය. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
කතුවර විඥානය |
en_US |
dc.subject |
කුල සංකල්පය |
en_US |
dc.subject |
මහනුවර අවධිය |
en_US |
dc.subject |
වැලිවිට සරණංකර සංඝරාජ හිමි |
en_US |
dc.subject |
සංඝරාජ සාධුචරියාව |
en_US |
dc.title |
සංඝරාජ සාධුචරියාවෙන් හෙළිවන කුල සංකල්පය හා ඒ සඳහා කතුවර විඥානයෙහි බලපෑම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |