dc.contributor.author |
මාරලිය, ඒ.එම්.පී.කේ.කේ. |
|
dc.date.accessioned |
2023-11-16T04:35:52Z |
|
dc.date.available |
2023-11-16T04:35:52Z |
|
dc.date.issued |
2021-11-19 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15504 |
|
dc.description.abstract |
සංස්කෘතික අංග ලක්ෂණ විදහා දක්වන ජනශ්‍රැති අංගයක් ලෙස ජනක්‍රීඩා හඳුන්වාදිය හැකි අතර එමගින් ගැමි ජනතාවගේ සමාජ, සංස්කෘතික පසුබිමද හඳුනාගැනීමට හැකිය. වර්තමානයෙහි වැඩි වශයෙන් කතාබහට ලක් නොවුණද සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් අංගයක් වූ සබරගමු ජනක්‍රීඩාවේ සමාජ සංස්කෘතික පසුබිම අධ්‍යයනය වැදගත් වේ. පැරණි සමාජයේ වැදගත් අංගයක්ව පැවති ජනක්‍රීඩාව සබරගමුව පළාත තුළද ප්‍රචලිතව පැවතුණි. පාළුව‚ කාංසිය මකා දැමීමට හා විනෝදය ඵලදායි ආකාරයට ගත කිරීමට ජනක්‍රීඩා අතීත සමාජයෙහි නිරන්තරයෙන් භාවිත කරන ලදි. “සබරගමු වැසියන්ගේ සමාජ සංස්කෘතික චර්යා ජනක්‍රීඩාව හා බැඳී තිබුණු ආකාරය කෙබඳුද?” යන ගැටලුව මෙම අධ්‍යයනයෙහිදී විමර්ශනයට ලක් විය. සබරගමු වැසියන්ගේ සමාජ හා සංස්කෘතික ලක්ෂණ ජනක්‍රීඩාව සමඟ බැඳී තිබූ ආකාරය හඳුනා ගැනීම මෙහි මුඛ්‍ය පරමාර්ථය විය. මෙම අධ්‍යයනයේ පර්යේෂණ ක්‍රමවේද වශයෙන් ක්ෂේත්‍ර හා ක්ෂේත්‍ර නොවන ක්‍රමවේද යොදාගන්නා ලදි. ක්ෂේත්‍ර නොවන ක්‍රමවේදය යටතේ පුස්තකාලය පරිශීලනයෙන් දත්ත රැස් කළ අතර ක්ෂේත්‍ර අධ්‍යයනය යටතේ කුරුවිට හා අලුත්නුවර යන ප්‍රදේශවල සම්මුඛ සාකච්ඡා හා ප්‍රශ්නාවලි යන ක්‍රම ඔස්සේ පුද්ගලයන් පහළොස් දෙනෙකුගෙන් පමණ තොරතුරු ලබාගන්නා ලදි. සබරගමුව පළාත මූලික කොට ගනිමින් අතීතයේදී ජනක්‍රීඩාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබුණි. එහෙත් යටත්විජිතකරණයේ බලපෑම නිසා ජනක්‍රීඩාව මෙන්ම ඉන් ලැබුණු සමාජ හා සංස්කෘතික අගයද අඩු විය. ජනක්‍රීඩාවල අභාවයත් සමගින් නව ආරක් ගත් සමාජ හා සංස්කෘතික ලක්ෂණ සබරගමුව පළාතට ප්‍රවේශ වී ඇතිබව මෙම අධ්‍යයනය තුළින් හඳුනා ගැනීමට හැකි විය. වර්තමාන සමාජය මූලික කරගනිමින් හෙළ සභ්‍යත්වය විදහා දක්වන ජනක්‍රීඩාව මෙන්ම ඒ මඟින් බිහි වූ සමාජ හා සංස්කෘතික පසුබිම් ලක්ෂණ බොහෝ පරිහානියට ලක්ව ඇති ආකාරයත් මෙම අධ්‍යයනයෙන් හෙළිවිය. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
ගැමි සමාජය |
en_US |
dc.subject |
දේශීයත්වය |
en_US |
dc.subject |
බටහිරකරණය |
en_US |
dc.subject |
සංස්කෘතික ලක්ෂණ |
en_US |
dc.subject |
හෙළ ජනක්‍රීඩා |
en_US |
dc.title |
ජනක්‍රීඩා මඟින් හෙළිවන ගැමි ජනතාවගේ සමාජ සංස්කෘතික පසුබිම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (සබරගමුව පළාත ඇසුරින් ) |
en_US |
dc.type |
Article |
en_US |