dc.description.abstract |
පුරාණ ලංකාවේ පැවැති බෞද්ධ පූජෝත්සව අතර අග්‍රගණ්‍ය ජනප්‍රිය උත්සවයක් ලෙස අරියවංස සූත්‍ර දේශනාව පෙන්වාදිය හැකිය. අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ සඳහන් වන මෙම සූත්‍ර දේශනාව පිළිබඳව ලක්දිව රචිත මහාවංසය, අට්ඨකථා, විසුද්ධිමාර්ගය, රසවාහිනිය, සද්ධර්මාලංකාරය ආදි බොහෝ සාහිත්‍ය මූලාශ්‍රය තුළද සඳහන් වේ. එමෙන්ම පුරාවිද්‍යාත්මක මුලාශ්‍රය අතර සෙල්ලිපිවලද අරියවංස පූජාවේ බොහෝ තොරතුරු ප්‍රමාණයක් සඳහන් වී තිබේ. මෙම අධ්‍යයනයෙහි ගැටලුව ශිලාලිපිවල සඳහන් ආරියවංස පූජාවේ සුවිශේෂීත්වය කුමක්ද යන්න පරීක්ෂා කිරීමයි. අරියවංස පූජාව සඳහන් සෙල්ලිපි හඳුනා ගැනීමත් මෙම පූජාවෙන් පැරණි ජනයා බුදු දහමට දැක්වූ අනුග්‍රහය පිළිබඳ තොරතුරු සපයා ගැනීමත් ඒ පිළිබඳ වත්මන් ජනතාව දැනුවත් කරලීමත් පර්යේෂණයෙන් අපේක්ෂිතයි. සෙල්ලිපි ආශ්‍රිත තොරතුරු සඳහා වැඩි අවධානයක් යොමු කළ අතර සාහිත්‍ය මූලාශ්‍රය සහ අන්තර්ජාලය පරිශීලනය ඔස්සේ ලබාගත් දත්තද මෙම අධ්‍යයනයෙහිලා උපයෝගි කර ගන්නා ලදි. ලක්දිව දිඹුලාගල, රුහුණ, මාගම වැනි ප්‍රදේශවල උත්සවශ්‍රීයෙන් පූජාව පවත්වා ඇති අතර භික්ෂූන් වහන්සේලාගේ සිව්පස පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, පූජාව සඳහා කළ ධන පරිත්‍යාග ආදි වූ කාරණා බොහෝමයක් මෙම පූජාව සම්බන්ධ සෙල්ලිපිවල අන්තර්ගත වේ. තෝනිගල, රජගල, උද්දකන්දර, අංගමුව, ලබුඇට බැඳිගල, කලුදිය පොකුණ වැනි ලක්දිව සෙල්ලිපිවල මෙන්ම භාරතයේ අශෝක රජුගේ භාබෲ සෙල්ලිපියෙහිද මේ පූජාව පිළිබඳ තොරතුරු සඳහන් වේ. අතීත ජනයා මෙම පූජාව ඇසුරින් පරිත්‍යාගශීලි ගුණය, සමගිය, සාමූහිකත්වය, ධාර්මිකත්වය වර්ධනය කරගෙන ඇත. |
en_US |