දූරස්ථ අධ්‍යාපන සංකල්පය තුළ ප්‍රේරිත පාසල් සිසු පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විමසුමක්

Show simple item record

dc.contributor.author මංගල රතන හිමි, වතුගහමුල්ලේ
dc.date.accessioned 2023-11-20T05:39:06Z
dc.date.available 2023-11-20T05:39:06Z
dc.date.issued 2021-11-19
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15564
dc.description.abstract මුහුණට මුහුණ සිදු කරන අධ්‍යාපන ක්‍රමවේදයට ඔබ්බෙන් පවතින දූරස්ථ අධ්‍යාපන සංකල්පය තුළ දේශීය පාසල් අධ්‍යාපනයලාභීන් දැනුමෙන් පෝෂණය කිරීම හා ඔවුන් ඒ සඳහා නැඹුරු කරලීමට අභිප්‍රේරණ ගැන්වීම වැදගත් කරුණකි. දුරස්ථ අධ්‍යාපනයේ ගැටලු සහ අභියෝග මොනවද? යන්න මෙම අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂණ ගැටලුවයි. ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ ප්‍රාථමික සහ ද්විතීයික දත්ත යන දෙවර්ගයම පර්යේෂණය සඳහා යොදා ගන්නා ලදි. ප්‍රථමික දත්ත ලබා ගැනීම සදහා සම්මුඛ සාකච්ඡා ක්‍රමය මුලිකවම භාවිත කරන ලදි. මෙම පර්යේෂණයේ සොයාගැනීම්වලට අනුව, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ මනා අන්තර් සම්බන්ධතාව පාඨමාලා තුළ නිර්මාණය කළයුතු අවශ්‍යතාවද සිත්ගන්නා ඉගෙනුම් ක්‍රම මඟින් ඉගෙනුම් පරිසරය තුළ ප්‍රායෝගීකරණය කිරීම ඊට සුදුසු උපාය මාර්ග හා විවිධ ගවේෂණ කිරීමට සිසුන්ට තේරීම් ලබාදීම ඔවුන් අන්තර්ගතය සමඟ සම්බන්ධ වීමට සහාය වීම වැනි උපක්‍රමද භාවිත කළයුතු අවශ්‍යතාව පවතී. පුද්ගලයින්ට අවශ්‍ය කාර්ය ඉටු කර ගැනීමට ප්‍රමාණවත් තරම් ඵලදායියැයි හැඟෙන සහායක පරිසරයක් තුළ ඉගෙනීමට අවස්ථාව අවශ්‍ය වන අතර ඉගෙනුම සාර්ථක වීමට අවශ්‍ය කාලය හා විෂයානුබද්ධ කරුණු සමග සජීවීකරණය වීමට නිර්මිත වටිනාකමක් සහිත විෂයමාලා සහ ක්‍රියාකාරකම් සහිත පදනමක් සකස් කළ යුතුය. පාසල් සිසුන් තුළ තිබිය යුතු ඉගෙනීමට ගැනෙන දේ හා ඉගෙනීම සිදු කරන සන්දර්භය යන කරුණු මනාව පිහිටා තිබීම හා ඒ පිළිබඳව වන අවබෝධය පුළුල් විය යුතුය. දූරස්ථ අධ්‍යාපනයේ නියැළී සිටින පාසල් සිසුන් තුළ අභිප්‍රේරණය පෝෂණය කිරීමට විෂයමාලාව, ඉගෙනුම් පිළිවෙත්, ඉගෙනුම් ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, සිසුන්ගේ කාර්යක්ෂමතාව, භාවිත කරන ඩිජිටල් තාක්ෂණ, තක්සේරුකරණ ප්‍රවේශ යන පරාස පිළිබඳව අවධානය යොමු කිරීම අවශ්‍යය වේ. දූරස්ථ අධ්‍යාපන සංකල්පයේදී ඔවුන් මුහුණ දෙන විවිධ අභියෝග හමුවේ නොසැලී කටයුතු කිරීමට අවශ්‍ය ආභ්‍යන්තරික ශක්තිය හා ඔවුන් බාහිර වශයෙන් පොහොසත් කිරීම තවත් සැලකිය යුතු අංශයකි. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක ජීවත් වන සිසුන් තමා පිළිබඳව වන විශ්වාසය ගොඩනඟා ගනිමින් නව දැනුම් සම්භාර සොයා යෑමේ මග විවෘත කරදීමද මෙහිදී සැළකිය යුතු කරුණකි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject අභිප්‍රේරණය en_US
dc.subject උපාය මාර්ග en_US
dc.subject දුරස්ථ අධ්‍යාපනය en_US
dc.subject දුරස්ථ අධ්‍යාපන ගැටලු en_US
dc.subject බාහිර අභ්‍යන්තර සංවර්ධනය en_US
dc.title දූරස්ථ අධ්‍යාපන සංකල්පය තුළ ප්‍රේරිත පාසල් සිසු පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විමසුමක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account