dc.contributor.author |
රණවීර, එච්.ඒ.සී.එම්. |
|
dc.date.accessioned |
2023-11-20T06:15:18Z |
|
dc.date.available |
2023-11-20T06:15:18Z |
|
dc.date.issued |
2021-11-19 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15571 |
|
dc.description.abstract |
මෙම අධ්‍යයනයෙහිදී 1970-2017 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ රාජ්‍ය ණය අතර පවතින සම්බන්ධතා විමර්ශනය කෙරේ. අධ්‍යයනය සඳහා කාලපරාසය තෝරා ගැනීමේදී දත්ත ලබා ගැනීමේ හැකියාව සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයෙහි වැඩිවීම සැලකිල්ලට ගැනිණි. මෙම පර්යේෂණයේ අරමුණ වූයේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි දේශීය සහ විදේශීය ණයවල බලපෑම හඳුනා ගැනීමයි. මෙම අධ්‍යයනය සඳහා ප්‍රධාන වශයෙන් සාර්ව ආර්ථික විචල්‍ය සහ ඒවායේ සබඳතාව මත පදනම් වූ ද්විතීයික දත්ත භාවිත කරන ලදි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි රාජ්‍ය ණයවල බලපෑම අධ්‍යයනය කිරීම සඳහා Auto Regressive Distributed Lag ආකෘතිය භාවිත කරන ලද අතර දත්ත විශ්ලේෂණය සඳහා E – Views 9 මෘදුකාංගය යොදාගැනිණි. මෙම අධ්‍යයනය සඳහා යොදා ගත් කාලශ්‍රේණි දත්තවල ස්ථායීභාවය පරීක්ෂා කිරීම, ස්වසහසම්බන්ධතාව පරීක්ෂා කිරීම, විෂම ප්‍රවිචල්‍යතාව පරීක්ෂා කිරීම සහ දත්තවල ප්‍රමත ව්‍යාප්තිය පරීක්ෂා කිරීම සඳහා විවිධ පරීක්ෂණ කරන ලදි. Philip Perron ඒක මූල පරීක්ෂාවට අනුව සියලුම විචල්‍ය I (1) ආකාරයේ පැවතුණි. දිගු කාලීන ප්‍රතිඵල සටහනට අදාළ නිර්ණක සංගුණකය පෙන්නුම් කරනු ලැබුවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 99%ක් පමණ පැහැදිලි කිරීම් විචල්‍ය සඳහා ගණනය කර ඇති අතර 99%ක් වන ගලපන ලද නිර්ණක සංගුණකය මෙම බලපෑම තහවුරු කරයි. දිගු කාලීන විදේශීය රාජ්‍ය ණය ආර්ථික වර්ධනය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කරන අතර දේශීය රාජ්‍ය ණය, ජාතික ඉතුරුම්, සහ බදු ආදායම දිගු කාලීන ආර්ථික වර්ධනය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි. විචල්‍ය අතර කෙටිකාලීන සම්බන්ධතාව පිළිබඳව සැලකූ විට, කෙටිකාලීන විදේශීය මෙන්ම දේශීය රාජ්‍ය ණයද ආර්ථික වර්ධනය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇතිකරන අතර ජාතික ඉතුරුම් සහ බදු ආදායම කෙටිකාලීන ආර්ථික වර්ධනය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
දේශීය ණය |
en_US |
dc.subject |
විදේශීය ණය |
en_US |
dc.subject |
ආර්ථික වර්ධනය |
en_US |
dc.title |
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි රාජ්‍ය ණය මගින් ඇති කරන බලපෑම පිළිබඳ අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |