ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වයට බලපාන සාධක:දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින් කරන ලද අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author දිල්රුක්ෂි, එන්.ඩබ්ලිව්.ඒ.බී.ඒ.
dc.date.accessioned 2023-11-20T06:51:48Z
dc.date.available 2023-11-20T06:51:48Z
dc.date.issued 2021-11-19
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15576
dc.description.abstract රටක ආර්ථික ප්‍රගතිය සඳහා වන මූලික අවශ්‍යතාවයන්ගෙන් එකක් වන්නේ ව්‍යවසායකත්වය තුළින් දේශීයව හෝ ජාත්‍යන්තරව ආදායම් උපයා ගැනීමට එහි ජනතාවට ඇති හැකියාවයි. ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් අඩකටත් වඩා කාන්තාවන් සිටින බැවින් ඔවුන් ආර්ථිකයට දායක කර ගත හැකි ප්‍රධානම ක්‍රමය වන්නේ ව්‍යවසායකත්ව වර්ධනය කිරිමයි. මෙම අධ්‍යයනයේ අධ්‍යයන ගැටලුව වන්නේ ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වයට බලපාන සාධක පිළිබඳව සොයා බැලිමයි. එබැවින් ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය වර්ධනයවීමට බලපාන සාධක හඳුනා ගැනීම මෙහි ‍අරමුණ වන අතර මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුදුවැල්ල, ගබඩාගම දකුණ යන ග්‍රාම නිලධාරි වසම් දෙකෙන් කාන්තා ව්‍යවසායකයින් 80 දෙනෙකු නියැදිය වශයෙන් තෝරා ගන්නා ලදි. මෙහිදි එක් පිය පොකුරු නියැදිම යටතේ ග්‍රාම නිලධාරි වසම් එක් පොකුරක් ලෙස සලකා ඉන් ග්‍රාමනිලධාරි වසම් දෙකක්ද එම වසම් දෙකෙහි කාන්තා ව්‍යවසායකයින්ගෙන් 20%ක් නියෝජනය වන පරිදි සරල අහඹු නියැදීම යටතේ තෝරා ගන්නා ලදි. දත්ත රැස් කිරීම සඳහා සම්මුඛ සාකච්ඡා මත පදනම් වූ ප්‍රශ්නාවලි ක්‍රමයක් යොදා ගන්නා ලදි. විචල්‍යයන් අතර සම්බන්ධතාව විස්තර කිරීමට විස්තරාත්මක සංඛ්‍යාන විශ්ලේෂණය මෙන්ම බහුගුණ ප්‍රතිපායනයක්ද කරන ලදි. මෙහිදී ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වයට බලපාන ප්‍රධාන සාධක අතර අධ්‍යාපන මට්ටම, පවුලෙන් ලැබෙන සහයෝගය, වෙළෙඳපොළ ප්‍රවේශය, වෙළෙඳපොළට පවතින දුර යන සාධක කාන්තා ව්‍යවසායකත්වයට බලපෑමක් ඇති කරන බව හඳුනා ගත හැකි විය. එමනිසා කාන්තා ව්‍යවසායකයින්ට පුහුණු වැඩසටහන් පැවැත්වීම, කාන්තාව තුළ අභිප්‍රේරණය ඇති කිරිම, ගුණාත්මක බවින් යුත් ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරිම තුළින් කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය කර ගත හැකි බව අධ්‍යයනය තුළින් කරනු ලබන යෝජනා වේ . en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject කාන්තාව en_US
dc.subject ග්‍රාමීය en_US
dc.subject ව්‍යවසායකත්වය en_US
dc.subject වර්ධනය en_US
dc.subject සාධක en_US
dc.title ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වයට බලපාන සාධක:දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින් කරන ලද අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account