Abstract:
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය යටතේ, ලිංගික ප්රචණ්ඩත්වය ප්‍රධාන වේ. ලිංගික අපරාධයක් යනු ලිංගික තෘප්තිය අරබයා කාන්තාවන්ට එරෙහිව සිදුවන වැරදි වේ :නීතියේ පදනමල 2001*ග ලිංගික තෘප්තිය අරමුණු කර ගනිමින් ස්ත්‍රී දූෂණය, ලිංගික අතවර, ව්‍යාභිචාර, අස්වාභාවික වැරදි, බරපතල ලිංගික අපයෝජනය යන වැරදි සිදු වේ- :ක්දබනකසබල1986ථ චග73*ග කාන්තාවක් ලිංගික අපරාධයකට ගොදුරු වූ වහාම කළ යුතු වන්නේ පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් කිරීම, වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීම සහ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමයි. කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා පැහැදිලි නෛතික රාමුවක් නිර්මාණය වී තිබුණ ද එහි ප්‍රායෝගික භාවිතයේ දුර්වලතා පවතී. එබැවින් කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ නඩු ප්‍රමාද වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය බලපෑම් කිරීම මත එය වර්තමානයේ දී ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත්වී තිබේ. මෙම පර්යේෂණයේ ගැටලුව වනුයේ කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ නඩු ප්‍රමාද වීමට බලපාන්නා වූ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාප ආශ්රිත ගැටලු කවරේද යන්න අධ්‍යයනය කිරීමයි. කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ නඩු ප්‍රමාදය සඳහා බලපාන අපරාධ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාප විමසා බලමින් හඳුනාගනු ලබන දුර්වලතා සඳහා පිළියම් යෙදීම පර්යේෂණ අරමුණයි.