Abstract:
පසුගිය දශක තුනක කාලයේ ලෝකයේ සිදු වූ ආර්ථික, දේශපාලනික, සමාජමය සහ දෘෂ්ටිවාදීමය පරිවර්තනයන් මත රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීමට නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට ලෝකයේ රාජ්‍යයන් පෙළඹුණේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නව රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යොදාගත් වැදගත් උපක්රමික සංකල්පයක් වූයේ විද්‍යුත් ආණ්ඩුකරණයයි. ඒ අනූව 90 දශකයේ මැදභාගය වන විට ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍ය විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම උදෙසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් නොයෙකුත් අත්හදා බැලීම් සිදු කිරීමට පියවර ගත්තේය. නිදසුන් වශයෙන් 1994න් පසු ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ඒජන්සිය, පරිගණක හා තොරතුරු තාක්ෂණික කවුන්සිලය පිහිටුවීම සහ ජාතික පරිගණක ප්‍රතිපත්තියක් හා ජාතික විද්‍යුත් ආණ්ඩුකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම පෙන්වා දිය හැකි ය. විශේෂයෙන් ප්‍රදේශීය පරිපාලනයේ පටන් රාජ්‍ය සේවයේ සැම අංශයක් මගින් ම මහජනතාවට වඩාත් ඵලදායී විද්‍යුත් සේවාවන් සැපයීම සඳහා නොයෙකුත් වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. කෙසේ වෙතත් මෙම සියලුම විද්‍යුත් සේවා බොහෝ දුරට රාජ්‍ය සේවයේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට බලපෑ හේතු සාධක බවට පත් වුව ද ඒවා සම්බන්ධයෙන් වන මහජන උපයෝගීතාව වර්තමානයේ අවම මට්ටමක පවතී. ඒ අනුව මහජන උපයෝගීතාව උදෙසා ප්‍රදේශීය පරිපාලනය හරහා නොයෙකුත් විද්‍යුත් සේවා හඳුන්වා දී තිබියදීත් වර්තමානය වන විටත් එහි අපේක්ෂිත ප්‍රථිඵල අත්කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයි? යන්න විමර්ශනය කිරීම අධ්‍යයන ගැටලුව වේ. මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ විද්‍යුත් සේවා සැපයීමේ දී එම තාක්ෂණික ක්‍රමවේද සමග අනුගත වීමට මහජනතාව සතු හැකියාව අවම මට්ටමක පැවතීමට බලපෑ හේතු සාධක විමසා බැලීමයි. එලෙස ම විද්‍යුත් ආණ්ඩුකරණ සංකල්පය ප්‍රායෝගික ව භාවිතයට ගැනීමේ දී ප්‍රදේශීය පරිපාලනයේ රාජ්‍ය සේවකයන් හා මහජනතාව මුහුණ දෙන අභියෝග හඳුනාගැනීමත්, මෙම විද්‍යුත් සේවාවන් ප්‍රයෝගික භාවිතයට ගැනීම මගින් මහජනතාවට අත්කරගත හැකි වාසිසහගත තත්ත්ව විමර්ශනය කිරීමත් මෙම අධ්‍යයනයේ සෙසු අරමුණු වේ.