Abstract:
ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළාශ්‍රිත ප්‍රදේශයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙල්වත්ත වෙරළ කලාපය සුනාමි අවදානම් තත්වයක් පවතින කලාපයකි. 2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යවසනයේ දී දකුණු හා නිරිතදිග වෙරළ කලාපයේ දැඩි බලපෑමට ලක්වූ ස්ථාන හතරෙන් එකක් ලෙස තෙල්වත්ත වෙරළ කලාපය හඳුනාගත හැකි ය. එලෙසින් ම මෙම තෙල්වත්ත ප්‍රදේශය මැයි සිට සැප්තැම්බර් දක්වා පවතින නිරිතදිග මෝසමට ඍජු ව ම මුහුණ දෙන ස්ථානයේ (Nodal Point) පිහිටි සුවිශේෂ කලාපයක් වේ. මෙම ප්‍රදේශයේ සිදුවන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ස්වාභාවික ක්‍රියාවලිය ප්‍රදේශයේ ස්වාභාවික ව්‍යසනයක් බවට පත් කරනු ලබයි. හික්කඩුව ප්‍රදේශයේ ධීවර වරාය ඉදිකිරීම, ඒ ආශ්රිත ව කෘත්‍රීම දියකඩනය ඉදිකිරීම, හුණුගල් කැධෑම සඳහා නිර්මාණය කරන ලද විශාල ප්‍රමාණයේ වළවල් නිසි පරිදි ගොඩ නොකිරීම, ප්‍රමාණවත් සංරක්ෂණ ක්‍රම භාවිත නොකිරීම යනාදිය ඒ අතර වේ. ශ්‍රී ලංකාවේ තෙල්වත්ත වෙරළ කලාපයේ සුනාමි අවදානමක් පවතිනවා ද යන්න සහ මානව බලපෑම් සහ ස්වාභාවික ක්‍රියාවලිය ඒ සඳහා බලපානවා ද යන්න පර්යේෂණයේ ගැටලුව වේ. මෙම පර්යේෂණයෙහි ප්‍රධාන අරමුණ වන්නේ තෙල්වත්ත වෙරළ කලාපයේ සුනාමි අවදානම තීව්ර වීම කෙරෙහි බලපාන මානව බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එලෙසින් ම තෙල්වත්ත වෙරළ තීරයේ ස්වාභාවික ක්‍රියාවලිය හඳුනාගැනීම සහ අනාගතයේ සුනාමි ව්‍යවසනයක් ඇති වීමේ විභවතාවක් පවතී ද යන්න අධ්‍යයනය කිරීම සෙසු අරමුණු ලෙස දැක්විය හැකි ය.