Abstract:
වර්තමානය වන විට ශ්‍රී ලංකාව සොබාදහම පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කරන බවක් හඳුනාගත හැකි ය. මේ වන විට මෙරට පරිසර පද්ධතිවල විනාශය වැළැක්වීමට ජාතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් නීති, සම්මුති, පනත් පනවා ඇත. එලෙස පනවා ඇති නීති අතර 1937 වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, 1980 ජාතික පාරිසරික පනත, 1987 වෙරළ සංරක්ෂණ පනත, අන්තර්ජාතික රැම්සා ප්‍රඥාප්තිය, 1987 ප්‍රාදේශීය සභා පනත සහ 2014 ඔක්තෝම්බර් මස නිර්මාණය කරන ලද ජල ප්‍රතිපත්තිය යනාදී පනත් රාශියක් පවතී. මෙම පනත් ක්‍රියාත්මක කිරීමට පැවරුණු ආයතන රැසක් ජාතික තලයේ සිට ප්‍රාදේශීය තලය දක්වා ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත ව පවතී. මෙලෙස නීති, පනත්, ආයතන කොතෙක් පැවතියත් ලංකාවේ වැදගත් පරිසර පද්ධතියක් වන වෙරළ තෙත්බිම් පරිසර පද්ධතියට අයත් කලපු ආශ්රිත ව ගැටලු ගණනාවක් පැන නැගී ඇති බව දැකිය හැකි ය. ඒ අනුව මෙම පර්යේෂණයේ දී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති, විවිධ අණ පනත් තිබියදී පාරිසරික වශයෙන් වැදගත් පරිසර පද්ධතියක් වන කලපු කෙරෙහි අවදානය අඩු මට්ටමක පවතින්නේ කවර හ ේතු පදනම්ව ද යන්න අධ්‍යයනය කරන ලදි. මෙම අධ්‍යයනයේ අරමුණු අතර තෙත්බිම් ආශ්රිත කලපු සංරක්ෂණය සම්බන්ධ ව පවතින අණ පනත්, ප්‍රතිපත්ති අධ්‍යයනය කිරීම, කලපු සංරක්ෂණය සඳහා පවතින ආයතන හා එහි ක්‍රියාකාරීත්වය හඳුනාගැනීම සහ තෙත්බිම් පරිසර පද්ධති අතර කලපු මුහුණපාන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කරන ලදී.