Abstract:
‘පුරාණ ගෙවල් සෑදීමේ ක්‍රමය හෙවත් මයිමතය’ නමැති කෘතිය පුනර් මුද්‍රණයක් නොවීමේ දෝෂයෙන් අභාවයට යමින් පවතින ග්රන්ථයකි. ගෘහ නිර්මාණ ශිල්පය සහ වාිස්තු දෝෂ ආදිය පිළිබඳ අදහස් අඩංගු වන මෙය වාණිජ වාස්තු විද්‍යාවේ ජනප්‍රිය භාවිතයත් සමග භාවිතයෙන් තුරන්ව ගොස් තිබේ. ගෘහ නිර්මාණය හා උද්‍යාන අලංකරණය පරිසර හිතකාමී ආකාරයෙන් සිදු නොකිරීම හේතුවෙන් වර්තමානයේ ගෝලීය වශයෙන් නොයෙක් ගැටලු පැන නැගී තිබේ. එයට ප්‍රධානතම හේතුව මිනිසාගේ අධිපරිභෝජනතාව සහ ආධිපත්‍යධාරී ස්වභාවය බව පෙනේ. මයිමතය ඊට විසඳුමකි. ඉකුත් සියවසේ ජනප්‍රිය වූ පරිසරවාදය මිනිසාද පරිසර සත්ත්වයෙකු ලෙස අවධාරණය කරමින් ලෝකයේ යහපැවැත්ම උදෙසා මිනිසාගේ කාර්යභාරය අවධාරණයට ලක් කළ විචාරවාදයකි. එය විචාරවාදයක් ලෙස මෑත කාලීන වුව ද පුරාණ මයිමත ග්‍රන්ථයේ අදහස් ඒ හා සමපාත කළ හැකි ය. මෙම පර්යේෂණයේ ගැටලුව බවට පත්වන්නේ පුරාණ මයිමත ග්‍රන්ථයේ අදහස් නූතන පරිසරවාදී කතිකාව සමග සන්සන්දනය කළ හැකි වන්නේ කවර ප්‍රවේශ ඔස්සේ ද? යන්නයි. ගුප්ත මිථ්‍යා ලෙස නොව, පරිසරවාදී වාස්තු විද්‍යාත්මක ග්රන්ථයක් ලෙස මයිමතයෙහි අදහස් ජනගත කිරීම මෙහි අරමුණයි.