Abstract:
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන අංශ අතර මූලික තැනක් ගන්නා සංචාරක කර්මාන්තය අද වන විට මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයකි. අතීතයේ සිට ම සංචාරක ආකර්ෂණය දිනා ගත් රටක් වන ශ්‍රී ලංකාවේ වර්තමානයේ සංචාරක කර්මාන්තය නිසා ගැටලු රැසක් උද්ගත වී තිබේ- ඊට විකල්ප වශයෙන් පරිසර සංචරණය, වනාන්තර ආශ්රිත සංචරණය, ත්‍රාසජනක සංචරණය, ඓතිහාසික ස්ථාන ආශ්රිත සංචරණය, ග්‍රාමීය සංචරණය, ප්‍රජා මූලික සංචරණය, තේ සංචරණය වැනි අංශ රැසක් දියුණු වී ඇත. විකල්ප සංචාරක කටයුතු ග්‍රාමීය ප්‍රදේශ, වනාන්තර ප්‍රදේශ හෝ හුදකලා ප්‍රදේශ ආශ්රිත ව වැඩි වශයෙන් වර්ධනය වී ඇත. මෙම අධ්‍යයනය සඳහා යොදා ගනු ලබන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සමනල වැව සංචාරක කලාපය නියෝජනය කරන සීලෝගම ප්‍රජා සංචාරක ගම්මානයයි. පර්යේෂණ ගැටලුව වන්නේ සීලෝගම ගම්මානය ආශ්රිත ව ප්‍රජා සහභාගීත්ව පරිසර සංචරණයේ ස්වභාවය කුමක් ද? යන්නයි. මෙහි දී සීලෝගම ගම්මානය ආශ්රිත ව ප්‍රජා සහභාගීත්ව පරිසර සංචරණයේ ස්වභාවය අධ්‍යයනය කිරීම ප්රමුඛ අරමුණ වන අතර, ඒ ආශ්රිත ගැටලු විශ්ලේෂණය කිරීම හා එම ගැටලු අවම කර ගත හැකි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සෙසු අරමුණු ලෙස පෙන්වා දිය හැකි ය.