දළදා පෙරහැරෙහි හස්ති වස්ත්රාභරණයන්හි වන අනන්‍යතා ලක්ෂණ පිළිබඳ ගවේශනාත්මක අධ්‍යයනයක්.
Login
IRUOR Home
→
Scholarly Publications
→
Academic Sessions of University of Ruhuna
→
21st Academic Sessions - 2024
→
View Item
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
දළදා පෙරහැරෙහි හස්ති වස්ත්රාභරණයන්හි වන අනන්‍යතා ලක්ෂණ පිළිබඳ ගවේශනාත්මක අධ්‍යයනයක්.
ගොඩකන්ද, පී.එස්.
;
විමලසිරි, එච්.පි.
URI:
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/16763
Citation:
Godakanda, P.S. & Wimalasiri, H.P. (2024). දළදා පෙරහැරෙහි හස්ති වස්ත්රාභරණයන්හි වන අනන්‍යතා ලක්ෂණ පිළිබඳ ගවේශනාත්මක අධ්‍යයනයක්. 21st Academic Sessions, Faculty of Graduate Studies & Library, University of Ruhuna, Sri Lanka. 18.
Date:
2024-03-20
Abstract:
පෙරහැර සිංහල සංස්කෘතිකාංග අතර ප්රමුඛත්වයෙහිලා සැලකෙයි. ඒ අතරින් මහනුවර දළදා පෙරහැර ප්‍රධාන වෙයි. ඒ හා සම්බන්ධ සලකනවිධ අංගයන් අතර හස්තියාලේ භූමිකාව සුවිශේෂ වූවකි. කරඬුව වැඩම කරවන මංගල හස්තිරාජයාගේ සිට පෙරහැරට සම්බන්ධ වන සෙසු සෑම හස්තියෙකුගේ ම දර්ශනීයත්වය හා විචිත්රත්වය රඳා පවත්න්නේ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් මතය. විවිධ් වර්ණයෙන් හැඩයෙන් හා අලංකාර මෝස්තරවලින් සමලංකෘතව නිමවන එම ඇදුම් විලාසිතා හස්තියාට උරුම මහේශාඛ්‍යබව‚ ගර්වය හා භක්තිය තීව්ර කරන අතර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමෙහිද මුඛ්‍ය සාධක බවට පත්වෙයි. එම හස්ති වස්ත්‍ර නිර්මාණකරණය විවිධ ස්ම්ප්රදායයන් අනුව විවිධ ලක්ෂණ පෙන්වයි. එබැවින් දළදා පෙරහැරෙහි අලි ඇතුන් වෙනුවෙන් නිමවන හස්ති වස්ත්රාභරණ කට්ටලයේ විශේෂතා‚ ඒ සමඟ බැඳුනු වත්පිළිවෙත් සහ භූෂණ පරම්පරාව පිළිබඳ ව ගවේශනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ යි. පෙරහැර සංස්කෘතිය තුළ දළදා පෙරහැර සහ දළදා මාළිගාව හා බැඳුනු හස්ති වස්ත්රාභරණකරණය විශේෂ වන්පන් කෙසේද යන්න සොයා බැලීම මෙහි පර්යේෂණ ගැටලුව යි. ඒ සඳහා ප්‍රධාන මූලාශ්‍ර ලෙස ප්‍රාමාණික උගතුනගේ අදහස්‚ ශාස්ත්‍රීය ලේඛන සහ පර්යේෂණ නිබන්ධ ඇසුරු කෙරිණි. ඊට අමතරව මහනුවර දළදා මාළිගාවේ ලේකම් තුමා‚ ගජනායක නිලමේ‚ මංගල හස්තියාගේ භූෂණ කාර්යය සිදු කරන ජයතිස්ස ඇහැළමල්පේ මහතා‚ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාරය අශෝක දංගොල්ල මහතා සහ දළදා මාළිගාවට අනුබද්ධිත හස්ති වස්ත්‍ර නිර්මාණ ශිල්පීන් හමු වී සම්මුඛ සාකච්ඡා හා ප්‍රශ්නාවලි මගින් තොරතුරු එක්රැස් කෙරිණි. අලි ඇතුන් වෙනුවෙන් නිර්මාණය වන හස්ති වස්ත්රාභරණ කට්ටලය විධිමත් ආකාරයකට සකස් වූයේ දළදා මාළිගාව සහ දළදා පෙරහැර මූලික කරගෙන යි. පසුකාලීනව විවිධ සම්ප්‍රදායන් යටතේ විකාසනය වුව ද තවමත් හස්ති වසස්ත්රාභරණ කරණයෙහි නියුතු ශිල්පීන් ගුරු කොට ගන්නේ දළදා මාළිගයෙහි හස්ති වස්ත්රාභරණකරණය යි. එබැවින් තිරිසන්ගත ස්ත්ත්වයෙකු වස්ත්‍රාභරණයෙන් සැරසීම සිංහල සංස්කෘතිය හා බැදුණු විශේෂ කරුණක් වන්නා සේ ම හස්තියාගේ වස්ත්රාභරණ නිර්මාණය හා භූෂණය ගෞරවය හා භක්තිය පදනම් කරගත් සංස්කෘතික අංගයක් ලෙස විකාසනය වීමේ දී මහනුවර දළදා මාළිගාව හා මහනුවර දළදා පෙරහැර හා බැඳුනු හස්ති වස්ත්රාභරණකරණය විශේෂ වන බව මෙමගින් නිරීක්ෂණය වෙයි.
Show full item record
Files in this item
Name:
ASUoR2024_Proceeding ...
Size:
301.4Kb
Format:
PDF
View/
Open
This item appears in the following Collection(s)
21st Academic Sessions - 2024
[53]
Search DSpace
Search DSpace
This Collection
Advanced Search
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Collection
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register