Abstract:
ඕනෑම සමාජයක දරුවන්ගේ චර්යාව හැඩගැන්වීමෙහි ලා පවුල් සංස්ථාව ප්‍රබල පිටුබලයක් සපයයි. එනම් දරුවෙකුට මුල්වරට සමාජය පිළිබඳව හා තම අවට පරිසරය පිළිබඳ ව දැනුමක් ලබාදෙමින් ඒ අනුව හැඩගැස්වීම සඳහා මාර්ගෝපදේශනය ලබාදෙනුයේ මුලික සමාජ ආයතනය වන පවුල තුළිනි. පවුල තුළින් දරුටවකුට ලබා දෙන මෙකී සමාජ හා පාරිසරික දැනුම සමාජානුයෝජනය ලෙස සරල ව අර්ථ දැක්විය හැකිය. පවුල තුළ අන්තර්ගත ප්‍රතිමාන හා ධර්මතා පද්ධතියට ගරු කිරීමත් සමාජය තුළ ක්‍රියාත්මක සංස්කෘතියට හුරුපුරුදු කිරීමත් මගින් දරුවෙකු සිය පෞරුෂය නිර්මාණය කර ගැනීම සිදුවේ. විශේෂයෙන් ම දෙමාපියන්ගේ ආදරය, රැතවරණය, සෙනෙහස ලැබුණු කළ ඔහු සමාජයට යෝග්‍ය වූ හැසිරීම් රටාවක් මත සිය චර්යාවන් පවත්වාගෙන යයි. ඒ අනුව දෙමාපියන් හරහා ලැබෙන චිත්තවේගීමය පෞරුෂය දරුවන්ගේ සමාජානුයෝජනය විෂයෙහි මෙන් ම පෞරුෂ වර්ධනය කෙරෙහි ද තීරණාත්මක බලපෑමක් සිදුවේ.
නූතන සමාජ අවධිය ගත්විට සමාජය වඩාත් සංකීරණවීමේ ප්‍රතිළුලයක් මත පවුල් සංස්ථාවද මෙකී සංකීරණත්වයට ගැලපෙන පරිදි හැඩ ගැසී ඇත. එනම් ශ්‍රී ලංකාවේ සාමිප්‍රදායක පවුල විස්තෘත පවුලක් ව තිබු නමුත් නූතන සමාජීය වෙනස්වීම් සමඟ මෙකී විස්තෘත පවුල බිඳ වැටී ඒ වෙනුවට න්‍යෂ්ඨික පවුල ගොඩනැගී ඇත. මේ අනුව සමාජ පරිසරෙහි සිදු වී තිබෙන මෙකී වෙනස්වීමෙහි ප්‍රතිළුල ලෙස පවුල සහ දරුවා අතර ඇති විධිමත් සමාජානුයෝජන පටිපාටිය බිඳ වැටීම, බිඳුණු පවුල වර්ධනය වීම වැනි තත්ත්වයන් නිර්මාණය වී ඇත.
මේ අනුව න්‍යෂ්ඨික පවුල තුළ ප්‍රධානතම භූමිකා ද්විත්වය ලෙස හඳුනාගත හැකි ස්වාමි පුරුෂයා හා භාර්යාව යන දෙදෙනාගෙන් එක් අයෙකු හෝ අනපේක්ෂිත ලෙස මරණයට පත්වීම, පවුලෙන් වෙන් වී ජීවත්වීම, දික්කසාද වී හෝ වෙනයම් සුවිශේෂි හේතු සාධක මත පවුල් විසංවිධානය වීම හරහා වර්තමානය වන විට ලෝකය පුරාම හඳුනාගත හැකි ප්රවණතාවයන් ලෙස ඒක මාපිය පවුල් බිහිවීම හඳුනාගත හැකිය. නමුත් මෙකී එක මාපිය පවුල් අතරින් ද වැඩි වශයෙන් හඳුනාගත හැක්කේ කාන්තාවන් විසින් ගෘහ මුලිකත්වය දරණ කාන්තා ගෘහ මුලික පවුල් ය.
මෙම අධ්‍යයනය තුළ ප්‍රධාන වශයෙන් ම දරුවන්ගේ සමාජානුයෝජනය සිදුවුයේ මව යටතේ නොව වෙනත් වැඩිහිටියෙකු යටතේ ය. මේ නිසා දරුවන් තුළ දැඩි ආක්රමණශීලිත්වයක් හා වැඩිහිටියන්ගේ මතයට අවනත නොවීමත් දැක ගත හැකි විය. එසේම ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම, මංකොල්ලකෑමි වැනි සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමුවීම, නොයෙක් ලිංගික අතවරයන්ට ලක් වීම වැනි අවධානම් සහගත තත්වයන්ට යොමුවී සිටියහ. පාසල් අධ්‍යයනයෙන්ද බැහැරව මෙම ළමුන් කටයුතු කළ අතර ඇතැම් ළමුන් පාසල් පැමිණියත් නියමිත පරිදි පාසැල් වැඩ කටයුතු සිදු කර නොමැති විය. පාසල් කාලය තුළ දී ද මෙම ළමුන් වෙනත් පිටස්තර සමාජ අපචාර කල්ලි සමඟ සම්බන්ධතා පවත්වා ඇත. මෙවැනි තත්ත්වයන් හමුවේ ඇතැම් ළමුන් සිය පාසැල් කාලයේ දී ද අධ්‍යයන කටයුතුවල නිරත වනවාට වඩා සමාජ අපචාර කෙරෙහි පෙළඹී ඇති බව පෙනේ. මේ නිසා කාන්තාව (මව) මානසික වශයෙන් ගැටළුකාරී තත්වයන්ට මුහුණ දී ඇත. එනම් පවුල නඩත්තු කිරීම සඳහා ආර්ථික කටයුත්තක නිරතවීමත් අනෙක් අතින් දරුවන්ගේ චර්යාව යහපත් ආකාරයට හැඩගැස්වීමත් ය.
අවම අධ්‍යාපන තත්ත්වයන් මෙන් ම රැකියා විරහිතභාවය තුළ ඇතිවන සම්පත් විභීනතාවය වැනි හේතු තවදුරටත් පවුල තුළ දරුවන්ගේ සමාජානුයෝජනයේ දී තීරණාත්මක බලපෑම් වී ඇත. එනම් මෙවැනි පවුල් පසුබ්මක් තුළ ද දරුවන් සමාජානුයෝජන ක්‍රියාවලියට භාජනය වීමේ දී එකී පවුල් වාතාවරණය හරහා දරුවන් විසින් අභ්යන්තරිකරණය කරලනු ලබන සියලුම තත්වයන් තුළ දී මව මුලික වී ඇත.
මෙවැනි පසුබිමක් තුළ කාන්තා ගෘහමුලික පවුල් තුළ දරුවන්ගේ සමාජානුයෝජනයේ දී කාන්තාව වවිධ වූ ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණපාන බව පෙනේ. මෙකී සමාජමය සංසිද්ධි විශ්ලේෂණය කිරීමේ දී පර්යේෂකයා විසින් මාතර දිස්ත්‍රික්කයේ කිරිමැටිමුල්ල ග්‍රාම නිලධාරී වසම පර්යේෂණ ශේෂ්ත්‍රය ලෙස තෝරා ගන්නා ලදී. පර්යේෂකයා ගැටළුවට අදාළ තොරතුරු ඒකරාශී කිරීමෙහි ලා පර්යේෂණ ක්‍රමවේදයන් ලෙස සිද්ධි අධ්‍යයන, ප්‍රශ්නමාලා ක්‍රමය, සමිමුඛ සාකචිජා යනාදිය තෝරාගන්නා ලදී.