| dc.contributor.author | මාපාපතිරණ, එම්.පී.සී. එස් | |
| dc.date.accessioned | 2022-08-30T10:18:01Z | |
| dc.date.available | 2022-08-30T10:18:01Z | |
| dc.date.issued | 2014-03-19 | |
| dc.identifier.citation | Mapapathirana, M. P. C. S (2014). හයිකු හා මුක්තක අතර ඇති සම්බන්ධය පිළිබඳ විමර්ශනයක්. 11th Academic Sessions, University of Ruhuna, Matara, Sri Lanka, 18. | |
| dc.identifier.issn | 2362-0412 | |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/7986 | |
| dc.description.abstract | මිනිසුන්ගේ අත්දැකීම් ප්‍රස්තුත කොට ගනිම්න් කාව්‍ය රචනා වීම නිසා එයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය විවිධ සංස්කෘතීන් ඔස්සේ විවිධාකාරයෙන් බිහි වුවත් ඒ වනාහි එවැනි සාමාන්‍ය ද දිස් වේ. හයිකු යනු එවැනි දීර්ඝ ඉතිහාසයක් ඇති කාව්‍ය විශේෂයකි. ජපානය කේන්ද්‍ර කොට ගනිමින් තොකුගාවා සමයේ බිහි වූ පද්‍ය විශේෂයක් වන මෙම පද්‍යවල නිර්මාතෘ වන්නේ Mathsuo Basho ය. පාද 3 ක් හා සෘතු පදය මුලික ලක්ෂණ වන මෙහි, මාත්‍රා 4/7/5 ලෙස පද පෙළ ගැස්ම, සංක්ෂිතභාවය ව්‍යංග්‍යාර්ථ දැනවීම ආදී විවිධ ලක්ෂණ ගත හැකි ය. කාව්‍ය ඉතිහාසයේ වැදගත් පද්‍ය විශේෂයකි වන මුක්තක. භාරතය මුල් කොට ගෙන සංස්කෘත සාහිත්‍ය 9 වන සියවසටත් පෙර සිට ආරම්භ වන මේ සම්ප්‍රදායෙහි සංක්ෂිප්තභාවය ප්‍රමුඛ අංගයකි. මෙහි උපදේශයක් ලබා දීම තවත් ලක්ෂණයකි. ධ්වනි වාදය සමඟ සම්බන්ධ වන මුක්තක “ පවතින දේ සඟවා කීම” යන අරුත ගම්‍ය වේ. ඒ අනුව පාඨකයාට නව අරුතක් සිතීමට ඉන් මඟ පාදයි. ආනන්ද වර්ධන සිය ධ්වන්‍යාලෝකයේ දක්වන්නේ මහා කාව්‍යයකට මෙන් ම මුක්තක තුළට ද රස කුළු ගන්වන කවිවරයන් සිටින බව යි. හයිකු හා මුක්තක යනු සම්ප්‍රදායන් දෙකක් වුව ද එහි ආකෘතිය හා ධ්වනිතාර්ථවත් භාෂාව තුළ ඇත්තේ සාමාන්‍යයකි. මේ අධ්‍යයනයේ මුලික අරමුණ වන්නේ සංක්ෂිප්ත ආකෘතියක් ඇති හයිකු හා මුක්තක අතර ඇති සම්බන්ධතාව කුමන ස්වරූපයක් ගන්නේ දැයි අධ්‍යයනය කිරීම යි. ඒ සඳහා දත්ත සම්පාදනය කිරීමේදී ප්‍රධාන වශයෙන් ම සාහිත්‍ය මුලාශ්‍රය භාවිත කරන ලදී. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.publisher | University of Ruhuna, Matara, Sri Lanka | en_US |
| dc.subject | හයිකු | en_US |
| dc.subject | මුක්තක | en_US |
| dc.subject | තොකුගාවා සමය | en_US |
| dc.subject | සෘතු පදය | en_US |
| dc.subject | ධ්වන්‍යාලෝකය | en_US |
| dc.title | හයිකු හා මුක්තක අතර ඇති සම්බන්ධය පිළිබඳ විමර්ශනයක් | en_US |
| dc.type | Article | en_US |