Abstract:
මිනිසුන්ගේ අත්දැකීම් ප්රස්තුත කොට ගනිම්න් කාව්‍ය රචනා වීම නිසා එයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි.  එය විවිධ සංස්කෘතීන් ඔස්සේ විවිධාකාරයෙන් බිහි වුවත් ඒ  වනාහි එවැනි සාමාන්‍ය ද දිස් වේ.  හයිකු යනු  එවැනි දීර්ඝ ඉතිහාසයක් ඇති කාව්‍ය විශේෂයකි.  ජපානය කේන්ද්‍ර කොට ගනිමින් තොකුගාවා සමයේ බිහි වූ පද්‍ය විශේෂයක් වන මෙම පද්‍යවල නිර්මාතෘ වන්නේ Mathsuo Basho ය.  පාද 3 ක් හා සෘතු පදය මුලික ලක්ෂණ වන මෙහි, මාත්‍රා 4/7/5 ලෙස පද පෙළ ගැස්ම, සංක්ෂිතභාවය ව්‍යංග්‍යාර්ථ දැනවීම ආදී විවිධ ලක්ෂණ ගත හැකි ය. 
කාව්‍ය ඉතිහාසයේ වැදගත් පද්‍ය විශේෂයකි වන මුක්තක.  භාරතය මුල් කොට ගෙන සංස්කෘත සාහිත්‍ය 9 වන සියවසටත් පෙර සිට ආරම්භ වන මේ සම්ප්රදායෙහි සංක්ෂිප්තභාවය ප්රමුඛ අංගයකි.  මෙහි උපදේශයක් ලබා දීම තවත් ලක්ෂණයකි.  ධ්වනි වාදය සමඟ සම්බන්ධ වන මුක්තක “ පවතින දේ සඟවා කීම”  යන අරුත ගම්‍ය වේ.  ඒ අනුව පාඨකයාට නව අරුතක් සිතීමට ඉන් මඟ පාදයි.  ආනන්ද වර්ධන සිය ධ්වන්යාලෝකයේ දක්වන්නේ මහා කාව්‍යයකට මෙන් ම මුක්තක තුළට ද රස කුළු ගන්වන කවිවරයන් සිටින බව යි.  
හයිකු හා මුක්තක යනු සම්ප්‍රදායන් දෙකක් වුව ද එහි ආකෘතිය හා ධ්වනිතාර්ථවත් භාෂාව තුළ ඇත්තේ සාමාන්‍යයකි. මේ අධ්‍යයනයේ මුලික අරමුණ වන්නේ සංක්ෂිප්ත ආකෘතියක් ඇති හයිකු හා මුක්තක අතර ඇති සම්බන්ධතාව කුමන ස්වරූපයක් ගන්නේ දැයි අධ්‍යයනය කිරීම යි.  ඒ සඳහා දත්ත සම්පාදනය කිරීමේදී ප්‍රධාන වශයෙන් ම සාහිත්‍ය මුලාශ්‍රය භාවිත කරන ලදී.