Abstract:
උතුරු නැගෙනහිර ප්‍රදේශ කේන්ද්‍ර කොට ඇති වූ ජනවාර්ගික අර්බුදය යුද්ධයක් බවට පරිවර්තනය වී වසර තිහකට පසු එක් පාර්ශ්වයක ජනග්‍රහණයකින් කෙළවර විය. එහෙත් අද වන විටත් ඒ හරහා ඇති වූ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු පූර්ණ වශයෙන් විසදී නැත. දේශපාලනඥයන් සහ වෙනත් බොහෝ පාර්ශ්ව උතුරු නැගෙනහිර පිළිබඳ ව සංවර්ධන දෘෂ්ටියකින් නතා කළ ද නො විසඳුණු ගැටලුබොහෝමයක් අද වන විට ජාතික තලයෙන් ජාත්‍යන්තරය දක්වා ගමන් කර ඇත.
යුද්ධය පැවතුණු කාලයෙහි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සහ රාජ්‍ය හමුදාවන් ගේ ප්රහාරයන්ට ගොදුරු වෙමින් පීඩනයට පත් වූ උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු ඔවුන් වෙත ම ගොස් අසා දැන ගැනීම සහ ඒවා ඉතා පුළුල් විග්රහයකට ලක් කිරීම පවතින තත්වය මැනැවින් අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍ය වේ. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයෙහි උතුරේ ද්‍රවිඩ ජනයාගේ විදේශීය සංක්‍රමණ කෙරෙහි බලපාන සමාජීය සාධක අධ්‍යයනය කිරීම යි. ඔවුන්ගේ ජීවන තත්වය යුද සමයේ තිබුණාට වඩා තරමක් යහපත් වුවත් ශ්‍රී ලංකා රාජ්‍යය පිළිබඳ ඔවුන්ගේ ආකල්ප යහපත් ඒවා නො වේ. එසේම ම ඔවුන් විෂයෙහි රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නිරන්තර අතෘප්තිකර තත්වයකින් පෙළෙන බව දක්නට ලැබේ. සියලු දෙනාගේ උත්සාහය බවට පත් ව ඇති එක් අරමුණක් ලෙස විදේශවලට සංක්‍රමණය වීම දැක්විය හැකි ය. වර්තමානය වන විට ඔවුන්ගේ පවුල්වල ඇතැම් සාමාජිකයන් දේශපාලන රැකවරණය පතා හෝ සරණාගතයින් ලෙස යුරෝපා රටවල හා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම ශිඝ්ර වී තිබේ. ඇතැමුන් සිය මුදල් කුමන හෝ පුද්ගලයන්ට ලබා දී නීති විරෝධි ලෙස හෝ වෙනත් ක්‍රමවලින් සංක්‍රමණ අරමුණ කරා ළඟා වීමට උත්සාහ කරයි.
එසේ සිදු වීමට ප්‍රධාන හේතුවක් බවට ඔවුන් චෝදනා කරන්නේ දේශපාලනය කෙරෙහා සහ ආණ්ඩුව කෙරෙහි ඔවුන්ගේ පවත්නා අවිශ්වාසය යි. ඔවුන්ගේ පවත්නා අවිශ්වාසය යි. ඔවුන්ගේ ඉදිරි පරම්පරාවට යහපත් හෙට දවසක් තැනිය හැක්කේ ශ්‍රී ලංකාව තුළ සිට නො ව පිටත වෙනත් රාජ්‍යක සිට ය යන අදහස ඔවුන් තුළ ඇති වී තිබේ. අධ්‍යයන ක්‍රමවේද ලෙස සිද්ධි අධ්‍යයන, සම්මුඛ සාකච්ජා භාවිතා කරන අතර දත්ත ඉදිරිපත් කිරීමේ දී ලේඛන මාධ්‍යය හා සිතියම්, ජායාරූප භාවිතයට ගනු ලැබේ. කිලිනොච්චිය නගරය හා ඒ අවට ගම්මාන කිහිපයක ගොස් හමුදා පාලනය යටතේ පවතින තත්වය පිළිබඳ ව ඔවුන්ගේ දැන ගැනීමට අවස්ථාව උදා විය. හමුදා පාලනය පිළිබඳ ව ඔවුන්ගේ ආකල්ප සතුටුදායක එකක් නො වේ. පැවති හා පවතින ආණ්ඩුව පිළිබඳ ඔව්නු තුළ එතරම් පැහැදීමක් ද නැත. දෙමළ තරුණ ප්‍රජාව ප්රභාකරන් වීරයකු සේ සලකන බව පෙනෙයි. සිය අනාගතය පිළිබඳව ගොඩනැගී ඇති අවිනිශ්චිතභාවය හේතුවෙන් මෙම ජන සංක්‍රමණ සිදුවන බව නිගමනය කළ හැකි ය.