වසංගත රෝග පාලනයට පාරම්පරික ශාන්තිකර්ම භාවිතයෙහි වැද.ත්කම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (කඵතර දිස්ත්‍රික්කය ඇසුරින්)
Login
IRUOR Home
→
Scholarly Publications
→
Conference and Symposia Proceedings
→
Ruhuna Arts Students Annual Sessions
→
06th RASAS - 2021
→
View Item
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
වසංගත රෝග පාලනයට පාරම්පරික ශාන්තිකර්ම භාවිතයෙහි වැද.ත්කම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (කඵතර දිස්ත්‍රික්කය ඇසුරින්)
පෙරේරා, ඩබ්.ඒ. යි.එස්.
URI:
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15502
Date:
2021-11-19
Abstract:
ලෝකයේ අර්බුදකාරී තත්ත්වයක් වර්ධනය කරන වසංගත රෝග වර්තමානය වන විට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත් වී ඇති අයුරු බහුලව දැක ගත හැකිය. එක්තරා ප්‍රදේශයක් තුළ එකම කාල වකවානුවකදී එකම රෝග ලක්ෂණ පවතින රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වීමේ සම්භාවිතාව ඉහළ නම් එවැනි අවස්ථාවක් වසංගත තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. මෙබඳු වසංගත තත්ත්වයක් සහමුලින් තුරන් කිරීමට වඩා පාලනය කිරීම උදෙසා සෑම රටක්ම උත්සුක වන ආකාරයක් දැක ගත හැකිය. ලංකාවේද වසංගත රෝග පාලනය කරන ක්‍රියාවලි දැක ගත හැකිය. විශේෂයෙන් වසංගත රෝග පාලනයට ලංකාවේ බටහිර වෛද්‍ය ක්‍රමයට අමතරව පාරම්පරික ඥානය, සාම්ප්‍රදායික දැනුම, ජනශ්රැති ඥානය යොදා ගන්නා ආකාරයක්ද හඳුනා ගත හැකිය. ලක්දිව ප්‍රචලිත පාරම්පරික ඥානය ක්ෂේත්‍ර ගණනාවක විහිදී යන අතර ඒ අතුරෙන් කළුතර දිස්ත්‍රික්කයේ හමුවන ශාන්තිකර්ම කෙරෙහි පමණක් මෙම අධ්‍යයනයෙහිදී අවධානය යොමු කෙරේ. තවද මෙම අධ්‍යයනයෙහි මුඛ්‍ය ගැටලුව වූයේ වසංගත රෝග පාලනයට පාරම්පරික ශාන්තිකර්ම භාවිතයෙහි වැදගත්කම කෙබඳුද යන්න සොයා බැලීමයි. වසංගත රෝග පාලනයට පාරම්පරික ශාන්තිකර්ම භාවිතයෙහි වැදගත්කම හඳුනා ගැනීමත්, නූතන ලෝකයෙහි වසංගත රෝග පාලනයට පාරම්පරික ඥානය යොදා ගන්නා ආකාරය හඳුනා ගැනීමත් මෙම අධ්‍යයනයේ අරමුණු වේ. මෙම පාරම්පරික ක්‍රමවේද භාවිතය මඟින් ඕනෑම පුද්ගලයකුට පහසු පරිදි වසංගත පාලනයට ක්‍රමවේද හඳුන්වා දීමත් දේශීය උරුමයෙහි අස්පර්ශනීය උරුම ගණයට වැටෙනා පාරම්පරික ඥානය ආරක්ෂා කර ගැනීමටත් මෙම අධ්‍යයනය වැදගත් වේ. මෙම අධ්‍යයනයේ අධ්‍යයන ක්‍රමවේද වශයෙන් ක්ෂේත්‍ර හා ක්ෂේත්‍ර නොවන අධ්‍යයන ක්‍රමවේද භාවිතයට ගැනීම කර ඇත. වසංගත රෝග පාලනය සඳහා සිදු කෙරෙන සුවිශේෂී ශාන්තිකර්ම වශයෙන් දෙවොල් මඩු ශාන්තිකර්ම, පත්තිනි පූජාව, පොරපොල් ගැසීම පෙන්වා දිය හැකිය. මෙම එක් එක් ශාන්තිකර්ම මඟින් වසංගත පාලනය කෙරෙහි කරනු ලබන ක්‍රියාකාරකම් විවිධ වුවද මේ සියලු අවස්ථාවලදී ප්‍රධාන වශයෙන් පත්තිනි දේවිය උදෙසා පූජා පවත්වන බවට පොදුවේ නිගමනයකට එළඹිය හැකිය. මෙම ශාන්තිකර්ම ජනතාවගේ මානසික සහනය ඇති කරමින් වසංගත රෝග අවස්ථාවලදී යම් දුරකට හෝ රෝගය සමනයකට පත් වූ ආකාරයක් හඳුනා ගත හැකිවිය. මේවා මිථ්‍යාදෘෂ්ටික අදහස් වශයෙන් කෙනෙකුට ප්‍රතික්ෂේප කළ හැකි වූවද මෙවන් ශාන්තිකර්ම මඟින් සාක්ෂි සහිතව රෝග සුව පත් වූ ආකාරය ගැමි ජනතාව අතරින් සොයා ගැනීමට අපහසු නොවේ.
Show full item record
Files in this item
Name:
RASAS 2021 Perera ...
Size:
340.7Kb
Format:
PDF
View/
Open
This item appears in the following Collection(s)
06th RASAS - 2021
[69]
Search DSpace
Search DSpace
This Collection
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Collection
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register