මාතෘ/පීතෘ විහීනතාව හේතුවෙන් නිවාසගතව සිටින දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වන බලපෑම
Login
IRUOR Home
→
Scholarly Publications
→
Conference and Symposia Proceedings
→
Ruhuna Arts Students Annual Sessions
→
06th RASAS - 2021
→
View Item
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
මාතෘ/පීතෘ විහීනතාව හේතුවෙන් නිවාසගතව සිටින දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වන බලපෑම
වැලිකන්න, ඩබ්ලිව්.ඒ.ටී.පී.
URI:
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15523
Date:
2021-11-19
Abstract:
සමාජයේ අත්තිවාරම වූ පවුලෙහි හරසුන් බිඳවැටීම මත මාතෘ/පීතෘ විහීනතාහීනතාවට ලක්වන දරුවාගේ රැකවරණ උදෙසා නිවාසගත කරලීම සිදු වේ. මෙලෙස නිවාස ගතව සිටින දරුවාට නිවාසයෙන් ඉටු කළ යුතු කාර්යභාරයන් අතර අධ්‍යාපනය ලබා දීම මූලික කාර්යභාරයක් වේ. ඒ අතරිනුත් ද්විතීයික අධ්‍යාපනයට යොමුවීම නිවාසගත ළමයෙකුට ඉතා වැදගත් වේ. ඒ අනුව මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටලුව වූයේ අධ්‍යාපනික අරමුණු සාධනය කරගැනීම නිවාස ගත වූ දරුවන්ට අභියෝගාත්මක වූවක්ද? යන්නයි. මෙලෙස මාතෘ/පීතෘ විහීනතාවය නිවාස ගතව සිටින දරුවන්ගේ අධ්‍යාපනයට සිදු කරන බලපෑම කෙසේද යන්න හඳුනා ගැනීම පර්යේෂණයේ ප්රමුඛ අරමුණ විය. මෙම කරුණු හඳුනාගැනීමේදී ගුණාත්මක දත්ත ඔස්සේ පර්යේෂණය සිදු කරමින් අධ්‍යයන ක්‍රමවේදය වූ විෂයමූලවාදී ක්‍රමවේදය යොදා ගැනිණි. ඒ අනුව සම්භාවිතා නොවන නියැදි ක්‍රමය යටතේ විනිශ්චය නියැදිය හෙවත් පරමාර්ථගත නියැදීම යටතේ රත්නපුර මුවගම ග්රාමනිලධාරි කොට්ඨාසයේ ගැටන්ගම නිවාසය හා වෙරළුප ග්රාමනිලධාරි කොට්ඨාසයේ ශාන්ත වින්චෙන්ති ළමා නිවාසයේ අවුරුදු 6-18 වයස් කාණ්ඩයේ පසුවන ළමුන් 10 දෙනෙකුගෙන් ගැඹුරු සම්මුඛ සාකච්ඡා ක්‍රමය යටතේ දත්ත රාශිකරණය සිදුවිය. සමාජ ඉගෙනුම් න්‍යාය, ලේබල්කරණ න්‍යාය හා ඉච්ඡාභංගත්ව න්‍යාය ඇසුරින් මෙම ප්‍රපංච අර්ථකථනය කළ අතර තේමාකරණය යටතේ දත්ත විශ්ලේෂණය සිදුවිය. තේමාකරණය යොදා ගනිමින් නිවාසගත දරුවන් මාතෘ/පීතෘ විහීනතාවයට පත්වීමේ පසුබිම් වූ කාරණා හඳුනා ගැනීම, නිවාසගත දරුවන්ගේ රැකවරණය සම්බන්ධයෙන් ළමා නිවාසය දක්වන දායකත්වය කෙබඳුදැයි හඳුනාගැනීම, නිවාසගත දරුවන්ගේ අධ්‍යාපනික අරමුණු සාධනය කෙබඳුදැයි අනාවරණය කරගැනීමට හැකිවිය. එලෙස සොයා ගැනුණු කාරණා හරහා ළමා කාලයේ මවගෙන් හා පියාගෙන් ලැබිය යුතු ආදරය නොලැබීම මත කොන් වූ පිරිසක් ලෙස ඉච්ඡාභංගත්වයට පත්වීම, අවශ්‍ය ආදරය, සෙනෙහස නොලැබීම මත ආක්‍රමණශීලී ගතිලක්ෂණ වර්ධනය වීම, සමාජානුයෝජනය අවමවීම, ඉගෙනුම සාමාන්‍ය පෙළ පංතිය දක්වා සීමාවීම, අනුකරණයේ නැඔුරුතාව ආදි ස්වාභාවයන් නිවාසගත ළමුන් වෙතින් හඳුනාගත හැකිවිය. එකී ස්වභාව මාතෘ/පීතෘ විහීනතාවය හේතුවෙන් අධ්‍යාපනික අරමුණු සාධනය කරගැනීම නිවාස ගත වූ දරුවන්ට අභියෝගාත්මක වූ බව නිගමනය කළ හැකිය.
Show full item record
Files in this item
Name:
RASAS 2021Walikanda ...
Size:
343.8Kb
Format:
PDF
View/
Open
This item appears in the following Collection(s)
06th RASAS - 2021
[69]
Search DSpace
Search DSpace
This Collection
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Collection
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register