| dc.contributor.author | විජේරත්න, ජේ.ආර්. | |
| dc.contributor.author | ආරච්චිගේ, ජේ.ජේ.ජී. | |
| dc.date.accessioned | 2026-08-24T06:20:16Z | |
| dc.date.available | 2026-08-24T06:20:16Z | |
| dc.date.issued | 2026-03-04 | |
| dc.identifier.citation | විජේරත්න, ජේ. ආර්. & ආරච්චිගේ, ජේ. ජේ. ජී. (2026). ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මහජන පුස්තකාලවල ක්‍රියාත්මක ළමා පාඨක සේවා පිළිබඳ විමර්ශණාත්මක අධ්‍යයනයක්. 23rd Academic Sessions & Vice – Chancellor’s Awards, Faculty of Engineering, University of Ruhuna, Sri Lanka. 47. | en_US |
| dc.identifier.issn | 2362-0412 | |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/handle/iruor/21660 | |
| dc.description.abstract | මහජන පුස්තකාලය රටක පුළුල් සහ නොමිලේ සේවා සපයන ආයතනයක්වන අතර එහි එක් සේවාවක් වන ළමා පුස්තකාල සේවාව ළමා මනෝවිද්‍යාත්මක මූලර්ධම හා සමාජ විද්‍යාත්මක කරුණු පදනම් කරගනිමින් සැලසුම් කෙරේ. ශ්‍රී ලංකාවේ මහජන පුස්තකාල පද්ධතිය පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක වන අතර ඒවා අතර ආර්ථික මට්ටම, තාක්ෂණික පහසුකම් ආදිය සම්බන්ධ විචල්‍යතා පැවතිය ද බොහෝ මහජන පුස්තකාලයන්හි ළමා පාඨකයින් ඉලක්ක කරගත් පුස්තකාල සේවාවන් පවත්වාගෙන යනු ලැබේ. සමහර පුස්තකාලයන්හි ළමා පුස්තකාල සේවාවන් නොපවතින අතර ඒ සඳහා විවිධ කරුණු බලපා ඇත. මෙම අධ්‍යයනය මගින් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මහජන පුස්තකාල පද්ධතිය තුළ පවත්නා ළමා පුස්තකාල සේවාව විර්මශ-නය කරන අතර ළමා පුස්තකාල සේවාව පිළිබඳ පුස්තකාලාධිපති වරුන්ගේ ආකල්ප හා ඒවා පවත්වා ගෙන යාමේදී මුහුණපාන ගැටළු පිළිබඳ විමසා බලන ලදී. නියැදි සමීක්ෂණ ක්‍රමවේදය භාවිතයට ගනිමින් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මහජන පුස්තකාල 154ක් අතුරින් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්යන්හි හඳුනාගත් මහජන පුස්තකාල 30ක් ඇසුරින් පුස්තකාලපතිවරුන් 30 (46%) දෙනෙකු හා අහඹු පාඨකයින් 450 දෙනෙකුගෙන් ප්‍රශ්නාවලී, සම්මුඛ සාකච්ඡා ආශ්රයෙ -න් ලබාගත් ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත හා ර්පයේෂකයා විසින් නිරීක්ෂණ ක්‍රමවේදය මගින් ලබාගත් දත්ත විස්තරාත්මක විග්‍රහයට ලක් කරමින් නිගමන වලට එළඹෙන ලදී. සොයාගැ-නීම් වලට අනුව ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මහජන පුස්තකාල අතරින් 97% ක් වෙනම ළමා පුස්තකාල අංශයක් පවත්වාගෙන යන අතර 3% පුස්තකාල කිසිදු සුවිශේෂී ළමා පුස්තකාල සේවා-වක් පවත්වා ගෙන නොයයි. පුස්තකාලාධිපතිවරුන් අතරින් 34% පවත්නා ළමා පුස්තකාල සේවය පිළිබඳ තෘප්තිමත්වන අතර 13% ක් අතෘප්තිමත් වෙති. ඉතිරි අය මේ පිළිබඳ අදහසක් නොමැත. සියළුම පුස්තකාල සඳහා රාජ්‍ය මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ අතර 93% පුස්තකාල බාහිර පරිත්‍යාගශීලීන්ගේ ප්‍රතිපාදන මත ළමා පුස්තකාල සේවය පවත්වාගෙන යති. මේ අතරින් 6% මුදල් පරිත්‍යාගද, 46% මුදල් හා ද්‍රව්‍ය පරිත්‍යාග ද, 48% ද්‍රව්‍ය පමණක් ද ලබාගෙන ඇත. පාඨකයින් අතුරින් 43% ළමා පුස්තකාල සේවය පිළිබඳ තෘප්තිමත් වුවද 57% අතෘප්තිමත් වී ඇත. අධ්‍යයනයට අනුව පොදුවේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මහජන පුස්තකාලයන්හි ළමා පුස්තකාල සේවය පවත්වාගෙන යාමේදී විවිධ ගැටළුවලට මුහුණ දියයුතු අතර ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති වීම, ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම, පුස්තකාල කාර්‌ය මණ්ඩලයේ ළමා අංශ පවත්වා ගෙන යාම පිළිබඳ පුහුණුවක් නොමැතිකම හා නවීන තාක්ෂණය නොමැතිකම ආදිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුවේ. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.publisher | Faculty of Engineering , University of Ruhuna, Sri Lanka. | en_US |
| dc.subject | ළමා පුස්තකාල සේවා | en_US |
| dc.subject | ශ්‍රී ලංකාවේ මහජන පුස්තකාල | en_US |
| dc.subject | ළමා පුස්තකාල ගැටළු | en_US |
| dc.subject | ළමා පුස්තකාල පාඨක ආකල්ප | en_US |
| dc.title | ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මහජන පුස්තකාලවල ක්‍රියාත්මක ළමා පාඨක සේවා පිළිබඳ විමර්ශණාත්මක අධ්‍යයනයක්. | en_US |
| dc.type | Article | en_US |