| dc.contributor.author | මධුවන්ති, එල්.එල්.එල්. | |
| dc.contributor.author | ගමගේ, එල්. | |
| dc.date.accessioned | 2026-08-24T06:35:23Z | |
| dc.date.available | 2026-08-24T06:35:23Z | |
| dc.date.issued | 2026-03-04 | |
| dc.identifier.citation | මධුවන්ති, එල්. එල්. එල්. & ගමගේ, එල්. (2026). ශ්‍රී ලාංකික කිතුනු සාහිත්‍ය කලාවේ අභිවර්ධනය වෙනුවෙන් ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ දායකත්වය පිළිබඳව ඓතිහාසික අධ්‍යයනයක්. 23rd Academic Sessions & Vice – Chancellor’s Awards, Faculty of Engineering, University of Ruhuna, Sri Lanka. 48. | en_US |
| dc.identifier.issn | 2362-0412 | |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/handle/iruor/21663 | |
| dc.description.abstract | .ව. 1505 දී ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ පෘතුගීසින් විසින් යටත් කර ගනු ලැබී ය. පෘතුගීසී පාලන සමයෙහි ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල ක්‍රිස්තියානි දර්ශනය සහ ඒ හා බැඳී ගිය සාහිත්‍ය හා කලාවේ අභිවර්ධනයක් දෘශ්‍යමාන විය. පෘතුගීසීන්ගෙන් අනතුරු ව ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය පාලනය කරනු ලැබුවේ ලන්දේසීන් විසින් ය. ලන්දේසි පාලන සමයෙහි ක්‍රිස්තියානි දර්ශනය විසින් පෝෂණය කරනු ලැබූ සාහිත්‍ය හා කලා කටයුතුවලට විවිධ තාඩන පීඩන එල්ල වූ අතර ඒ වෙනුවට ලන්දේසීන් අදහනු ලබන රෙපරමාදු ආගම සහ ඒ හා බැඳී ගිය සංස්කෘතිය ව්‍යාප්ත විය. මෙම අවස්ථාවේ කිතුනු දහම හා බැඳුණු කලාවේ සංස්කෘතිය ආරක්‍ෂා කර ගැනීමට ක්‍රිස්තියානි පූජකයින් ලංකාවට පැමිණි අතර ඒ අතරින් ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව මෙම අධ්‍යයනය ගොන්සාල්වෙස් පියතුමාගෙන් මෙරට කලාවට හා සාහිත්‍යයට සිදු වූ සේවාව පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ අරමුණින් සිදු වූවකි. මෙම අධ්‍යයනය ගුණාත්මක දත්ත විශ්ලේෂණයකි. ප්‍රාථමික හා ද්විතීයික යන මූලාශ්‍රය දෙවර්ගය ම මෙහි ලා පරිශීලනය කරනු ලැබිණි. ද්විතීයික මූලාශ්‍රය අතර විවිධ පොත්පත් හා ග්‍රන්ථ වැදගත් වන අතර ප්‍රාථමික මූලාශ්‍රය අතර සමකාලීන ලේඛන වැදගත් වේ. ඊට අමතර ව ක්ෂේත්‍රය පිළිබඳ ව දැනීමක් ඇති ක්‍රිස්තියානි පියවරුන්/පූජකවරුන් සමග ගැඹුරු සාකච්ඡා (In-depth Interviews) පවත්වනු ලැබී ය. තේමාත්මක විශ්ලේෂණ ක්‍රමය (Thematic Analysis Method) යටතේ දත්තවිශ්ලේෂණය කෙරිණි. මෙම පර්යේෂණයට අනුව ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා මෙරට කිතුනු සාහිත්‍ය හා කලාවේ අභිවර්ධනය වෙනුවෙන් කටයුතු කළ බවත්, දේශීය සංස්කෘතීන් සමඟ ඒකි අංගයන් සම්මිශ්‍රණය කර ගැනීමට දායකත්වයත් දැක්වූ බවත් ගම්‍යමාන වේ. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.publisher | Faculty of Engineering , University of Ruhuna, Sri Lanka. | en_US |
| dc.subject | කලාව | en_US |
| dc.subject | කිතුනු | en_US |
| dc.subject | ජාකෝමේ ගොන්සාල්වෙස් | en_US |
| dc.subject | පෘතුගීසී | en_US |
| dc.subject | රෙපරමාදු ආගම | en_US |
| dc.title | ශ්‍රී ලාංකික කිතුනු සාහිත්‍ය කලාවේ අභිවර්ධනය වෙනුවෙන් ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ දායකත්වය පිළිබඳව ඓතිහාසික අධ්‍යයනයක්. | en_US |
| dc.type | Article | en_US |