‘ත්‍රිමද ගලිත හස්ති’ යන්න භාෂා-සාහිත්‍ය සංකල්පයන්හි ලා විශද වන ආකාරය

Show simple item record

dc.contributor.author අරියවංස හිමි, මොරකන්දේගොඩ
dc.date.accessioned 2026-09-01T07:09:16Z
dc.date.available 2026-09-01T07:09:16Z
dc.date.issued 2026-03-04
dc.identifier.citation අරියවංස හිමි, මොරකන්දේගොඩ (2026). ‘ත්‍රිමද ගලිත හස්ති’ යන්න භාෂා-සාහිත්‍ය සංකල්පයන්හි ලා විශද වන ආකාරය. 23rd Academic Sessions & Vice – Chancellor’s Awards, Faculty of Engineering, University of Ruhuna, Sri Lanka. 59. en_US
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/handle/iruor/21684
dc.description.abstract සිංහල භාෂා - සාහිත්‍ය සම්ප්‍රදායයෙහි ලා විවිධාර්ථ ජනනය හා කථනය කෙරෙන යෙදුමක් සේ ‘ත්‍රිමද ගලිත හස්ති’ යන්න හඳුනා ගත හැකි ය. භාෂා තත්ත්වයන්ට අනුව ත්‍රිවිධ ස්ථානයකින් මද වැගිරීම හා ත්‍රිවිධාකාරයකින් මද වැගිරීම යනුවෙන් මෙහි අර්ථ ද්වයයක් පවතියි. ‘ත්‍රිමද ගලිත හස්ති’ යන්න භාෂා-සාහිත්‍ය සම්ප්‍රදායයෙහි විග්‍රහ වන්නේ කෙසේ ද? යන්න පිළිබඳ විමර්ශනය කිරීම මෙහි පර්යේෂණ ගැටලුව යි. 'ත්‍රිමද ගලිත’ යන පදය සම්බන්ධයෙන් සිංහල භාෂා සම්ප්‍රදායයෙහි අන්තර්ගත ද්විභේදාත්මක ස්වරූපය නිරාකරණය කිරීම, සංස්කෘත - පාලි ආදි භාෂාවන්හි මෙකී සංකල්පය විශද වී ඇති ආකාරය විර්මශනය කිරීම, මෙකී පදයෙහි අර්ථ විග්‍රහය ස්ථාන වාචිත්වයෙන් ගත යුතු ද නැතහොත් ආකාර වාචිත්වයෙන් ගත යුතු ද යන්න නිර්ණය කිරීම මේ පයේෂණයෙහි අරමුණු ය. මෙහි ලා ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත අතර මෙකී සංකල්පය ඇතුළත් සම්භාව්‍ය සිංහල ගද්‍ය-පද්‍ය කෘති ප්‍රාථමික මූලාශ්‍රයයන් ලෙසත් සිංහල භාෂා-සාහිත්‍යය සම්බන්ධයෙන් සම්පාදිත ශබ්දකෝෂ, ශාස්ත්‍රීය ග්‍රන්ථ හා පර්යේෂණ ලිපි යනාදිය චෛතීයික මූලාශ්‍රයයන් ලෙසත් යොදා ගැනිණි. ඉහතින් සඳහන් කරන්නට යෙදුණු කරුණු අනුව පෙනී යනුයේ ‘ත්‍රිමද ගලිත’ යන්නට අර්ථ කථන දෙකක් ඇති බවත් ඒවා තත් තත් ප්‍රකරණයට ගැළපෙන සේ භාවිත වන බවත් ය. ‘ත්‍රිමද ගලිත හස්ති’ යන්න හුදකලා හස්තියකු ගැන කීමේදී මද වැගිරෙන ආකාර ත්‍රයයෙන් කුමන හෝ ආකාරයකට සීමා වන බවත් හස්ති සමූහයක් සම්බන්ධයෙන් භාවිත කිරීමේ දී උක්ත ආකාර ත්‍රයයෙන් ඕනෑ ම අවස්ථාවකට පැමිණ සිටින හස්තීන් ඇති හෙයින් ඒ ඒ හස්තියාට අනුව භාවිත කළ හැකි බවත් ප්‍රකට විය. කෙසේ නමුත් හුදකලා හස්තියකු සම්බන්ධයෙන් ‘ත්‍රිමද’ ‘සප්තමද’ හා ‘දශමද’ යන මේවා ආකාර වාචිත්වයෙන් ගෙන පොදුවේ භාවිත කළ නොහැකි බවත් අවශ්‍ය නම් ‘ත්‍රිමද’ අවස්ථාවේ පටන් ‘දශමද’ අවස්ථාව තෙක් ඕනෑ ම එක් අවස්ථාවක් ගත හැකි බවත් විශද විය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Engineering , University of Ruhuna, Sri Lanka. en_US
dc.subject ආකාර වාචිත්වය en_US
dc.subject ත්‍රිමද ගලිත en_US
dc.subject දශමද en_US
dc.subject සප්තමද en_US
dc.subject ස්ථාන වාචිත්වය en_US
dc.title ‘ත්‍රිමද ගලිත හස්ති’ යන්න භාෂා-සාහිත්‍ය සංකල්පයන්හි ලා විශද වන ආකාරය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account