Abstract:
අධිකරණ (අධි+කරණ) යන්නෙන් ගැටලුව, ප්රශ්නය, හේතුව, සාකච්ජා කළ යුතු දෙය, අර්බුදයවැනි අර්ථ ගම්‍යමාන වේ. අධිකරණ ක්‍රියාවලියේ සංකීරන සහ වැදගත් කොටස වන්නේ නිවරදිව කරුණු තහවුරු කරගැනීම තුළින් දඩුවම් පැමිණවීම හෝ නිදහස ලබාදීමයි. එනම් විනිශ්චයයි. මෙයින් පෙනී යන්නේ කරුණු විශ්ලේෂණාත්මකව තහවුරු කර ගැනීම අධිකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට පිටුවහල්වන බවයි. පටිපුච්ජා ව්‍යාකරණය සංවාද ක්රමයකි. ප්‍රශ්න කරන්නා වෙත නව ප්‍රශ්නයක් යොමුකර ඔහු වෙතින්ම කරුණු තහවුරු කරගනිමින් නිගමන ද ඔහු වෙතින්ම ලබාගැනීම මෙහි විශේෂත්වය යි. එහි කිසිදු තැනක ප්‍රශ්න විසදන්නාගේ අදහස් ඇතුළත් නොවේ. මෙය වර්තමාන අධිකරණ ක්‍රියාවලිය සඳහා යොදාගැනීම තුළන් සාර්ථකව ප්‍රශ්න හා ගැටලු නිරාකරණය කරගත හකිය. ත්‍රිපිටකයේ සූත්‍රපිටකයට අයත් මජ්ඣිම නිකායෙහි අන්තර්ගත උපාලී සුත්‍රය මෙහි ප්‍රධාන මූලාශ්‍රය වේ. එහිදී බුදුන් වහන්සේ දීඝතපස්සී නම් නිගන්ඨ ශ්රාවකයා සමඟ සිදුකරන සංවාදය මාතෘකා කරගනිමින් උපාලී ගෘහපතියා බුදුන් වහන්සේගෙන් කරුණු විමසීම සිදුවේ. බුදුන් වහන්සේ ඔහුගෙන් කරුණු තහවුරු කරගන්නේ උක්ත ක්‍රමවේදය භාවිතයෙනි. සත්‍යයෙහි පිහිටා සකච්ජා කිරීමට එකඟ කරගැනීම, මැනවින් තහවුරු කරගැනීමෙහිලා තෙවරක් විමසීම, උදාහරණ මඟින් කරුණු අවබෝධ කරවීම, විසංවාදීත්වය තහවුරු කර දැක්වීම, ප්‍රතිවාදියා සිය වචනයෙන් කරණු පිළිගන්නා තෙක් ඔහුට අදහස් ප්රකාශනයෙහිලා නිදහස් අවකාශයක් ලබාදීමවැනි වඩාත් ආචාරශීලි ක්‍රමවේද එහි අන්තර්ග බව සටහන් කල යුතුය. පටිපුච්ජා ව්‍යාකරණය නුතන අධිකරණ ක්‍රියාවලිය සඳසා උපයොගී කරගත හැක්කේ කෙසේද යන පර්යේෂණ ගැටලුව මත සාහිත්‍ය මුලාශ්‍රය අධ්‍යන ක්‍රමවේදය යටතේ ප්‍රථමික මුලාශ්‍ර අධ්‍යයනය කරමින් මෙම පර්යේෂණය සිදුකරන ලදී. බෞද්ධ සප්ත අධිකරණසමථ ක්‍රමවේදයන්ගෙන් සම්මුඛාවිනය, සතිවිනය, ුඅමුල්හවිනය, පටිඤ්ඤාතකරණ, තිණවත්ථාරක යන විනය කර්මයන් සඳහා පටිපුච්ජා ව්‍යාකරණ භාවිතා කළ හැකි බව මෙයින් තහවුරු වේ. එම බෞද්ධ ක්‍රියාවලිය නුතන අධිකරණ ක්‍රියාවලිය සඳහා නිවරදි අධ්‍යයනයක් මඟින් යොදාගත හැකිය. තවද මෙම ක්‍රමයෙන් විනිශ්චයකරු හා චූදිතයෙකු අතර පැවතිය යුත්තේ කෙබදු අවබෝධයක් දැයි පැහැදිලිවේ.