Abstract:
ථෙරවාද බෞද්ධ සම්ප්රදාය තුළ ආචාර්යවරයා හා ශිෂ්‍යයා යනු පිය-පුතු සම්බන්ධය
සිහිකරවන සම්බන්ධයකි. ආරාමික පරිසරය තුළ පුද්ගල සංවරය ඇතිවන ආකාරයටත්
සමූහය තුළ අර්බුද රහිත බව පිණිසත් නිස්සය බොහෝ සෙයින් වැදගත් වේ. ආරාමීය
පරිසරය තුළ වාසය කරන ප්‍රධාන කණ්ඩායම් හතරකි. එනම් උපාධ්‍යාය, ආචරිය,
අන්තෙවාසික හා සද්ධිවිහාරික වශයෙනි. ආචරිය - අන්තේවාසික, උපාධ්‍යාය -
සද්ධිවිහාරික යන මෙම ආරාමීය තත්ත්වයන්වලට අදාළ ව පැවරී ඇති කාර්යයන් වේ.
අවවාද අනුශාසනා කිරීමට අමතර ව නිස්සය දීම ද උපාධ්යායවරයාගේ වගකීමකි.
ආචාර්යවරයාගේ සමීපයෙහි සිට නිස සමාදන් විය යුතු ය. “දසවස්සං නිස්සාය වත්ථුං,
දසවස්සෙන නිස්සයං දාතුං. එවඤ්ච පන, භික්ඛවෙ, ආචරියො ගහෙතබ්බො.”
(මහාවග්ගපාළි) පැවිදි දිවියට පත් පුද්ගලයාගේ විධිමත් සැකැස්මට අදාළ නිස්සය
සම්පත්තිය ස්ථවිර භික්ෂූන් වහන්සේලා වෙතින් සම්පාදනය විය යුත්තකි. වර්තමාන සංඝ
සමාජය තුළ එය නිසි ආකාරයෙන් සිදුවේ ද? යන්න මෙම පර්යේෂණයේ ගැටලූවයි.
—අනෙකවිහිතෙසු කංඛානීයෙසු ධම්මෙසු ධම්මං පටිවිනොදෙන්ති. එවං ඛො භික්ඛවෙ
භික්ඛු නිස්සයසම්පන්නො හොති.˜(අංගුත්තරන ිකාය 1, 220) ධර්මය පිළිබඳ යම් ගැටලූවක්
ඇති වුවහොත් සැකයක් ඇති වුවහොත් එ් පිළිබඳ විමසීමට අවස්ථාව හිමිවිය යුතු අතර
නිස්සය සම්පත්තියක් ඇසුරු කළ යුත්තේ කෙබඳු භික්ෂුවක් ද යන්න පැහැදිලි කර ඇත.
සීලයෙන් යුක්ත විය යුතු භික්ෂුව, සමාධිය වර්ධනය කළ යුතු භික්ෂුව, ප්‍රඥාව වර්ධනය කළ
යුතු භික්ෂුව, ශ්‍රද්ධාව වර්ධනය කළ යුතු භික්ෂුව, හිරියෙන් හා ඔත්තප්පයෙන් තොර භික්ෂුව,
අල්පශ්‍රැත භික්ෂුව, කුසීතකමින් යුක්ත භික්ෂුව, අල්පශ්‍රැත දුශ්ප්‍රාඥ භික්ෂුව, ආපත්ති
අනාපත්ති නො දන්නා භික්ෂුව, භික්ෂු භික්ෂුණි ප්රාතිමෝක්ෂය නො දන්නා භික්ෂුව හා වස්
පහකට අඩු භික්ෂුව මෙම නිස්සය ධර්ම අනුගමනය කළ යුතුය. උපසම්පදාවට පත් වූ
භිකෂුව නිස්සය සමාදන් විය යුතුය. මේ අනුව නිස්සය සමාදන් විය යුත්තේ කවුරුන් ද?
එ්වා සමාදන් වීම තුළින් සංඝ සාසනයේ ඇති වන සාමාග්‍රිය කෙබඳු ද යන්න විමර්ශනය
කිරීම මෙම පර්යේෂණයේ අරමුණු වෙයි. සංඝ සාසනයේ යම් තනතුරක් දරන්නේ නම්
නිස්සය ධර්ම යටතේ සිටිය යුතු බවට විනය පිටකය නිර්දේශ කරයි. වර්තමාන භික්ෂුව
කුමන අධ්‍යාපනයක් ලැබුව ද භික්ෂුවක් ලෙස ධර්ම විනය දෙකෙහි පරිණතභාවයට පත්විය
යුතුය. ඒ සඳහා නිස්සය ධර්ම පදනම් කරගත් වැඩපිළිවෙලක් වර්තමාන භික්ෂු සමාජය
තුළ ක්‍රියාත්මක විය යුතුය. මානසික සුවතාව ගොඩනගා ගැනීමට භික්ෂුව ක්‍රියාත්මක විය
යුත්තේ නිස්සය ධර්ම අනුගමනය කිරීමෙනි.