පිටකාගත අධිකරණ හා අධිකරණ සමථයන්හි ඇති ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ නූතන අධිකරණ සම්ප්‍රදායට ලබාදෙන ආදර්ශ පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author ධම්මවංස හිමි, මීදෙණියේ
dc.date.accessioned 2022-12-23T04:02:59Z
dc.date.available 2022-12-23T04:02:59Z
dc.date.issued 2021-11-25
dc.identifier.issn 28150414
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/10020
dc.description.abstract පිටකාගත අධිකරණ හා අධිකරණ සමථයන්හි ඇති ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ නූතන අධිකරණ සම්ප්‍රදාය කෙරෙහි කෙතරම් දුරට උපයෝගිමත් වේ ද? යන්න පර්යේෂණ ගැටලූවත්, එය අධ්‍යයනය කිරීම අරුණත් වන අතර එය නූතන අධිකරණ සම්ප්‍රදායේ වැඩිදුර සංවර්නය කෙරෙහි වැදගත් වනු ඇත. මෙම පර්යේෂණය සිදුකරනු වස් විනය පිටකය, තද් අටුවා හා දණ්ඩ නීති සංග්‍රහය යන මූලාශ්‍රය භාවිත කෙරේ. ප්‍රස්තුත අධිකරණ සමථයන් පිහිටා ඇත්තේ හුදෙක් ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයන් මත ම නො ව, ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය යන සිද්ධාන්ත ද මීට අන්තර් ගත වේ. සම්මුඛා විනය යනු කාරක සභාව ගණ පූරණයෙන් යුක්ත වීම, චූදිතයා අභිමුව පැමිණිලි විභාගය හා තම නිර්දෝෂී බව වෙනුවෙන් චූදිතයාට ද චෝදකයාගෙන් ප්‍රශ්න ඇසීමට හැකි වීම යන අධිකරණයක් නීත්‍යයානුකූල වීමෙහි ලා අවශ්‍ය මූලිකාංගයන්ගේ එකතුවකි. 'සිහි නුවණින් කටයුතු කරන පුද්ගලයා සාවද්‍යය දෑ නො කරයි' යන පූර්ව නිගමනය මත සතිවිනය ඉදිරිපත් කොට ඇත. අමූළ්හවිනයට අනුව පුද්ගලයෙකු වරදකරුවෙකු වන්නේ සිහිබුද්ධියෙන් සිට ක්‍රියා කළ හොත් මිස උමතු ව සිට කළ හොත් නො වේ. උමතු ව සුව වූ පසු ද උමතුවෙන් සිට කළ වරදට දඩුවම් නො දේ. මෙය ලංකාවේ පවතින නීතියට තුල්‍යය ය. දණ්ඩ නීති සංග්‍රහයේ 91 වන වගන්ති ප්‍රාකාර ව දක්වා ඇති නිදර්නයෙහි මෙසේ දැක්වේ. "ඉසෙඩ්" උමතුව නිසා 'ඒ' මැරීමට තැත් කරයි. "ඉසෙඩ්" කිසි වරදකට වරදකරු නො වේ...˜ පටිඤ්ඤාතකරණවිනය තුළ අධිකරණය වෙත විත්තිකරු කැදවන්නේ සැකකරු ලෙස මිස වැරදිකරු ලෙස නො වේ. වරද පිළිගන්නා තෙක් ඔහුට දඩුවම් නො පැමිණේ. අධිකරණ මණ්ඩලය තුළ මනා යුක්තිගරුකයෙකු ඡන්ද විමසන්නා ලෙස තබා වැඩි ඡන්දය පදනම් කොට තීරණයන්ට එළඹීම යේභුය්‍යසිකාවිනයේ දී සිදුවේ. දැඩි නොහික්මවූවන් පිළිබද තීරණ ගැනීම තස්ස පාපිය්‍යසිකාවිනයේ දී සිදුවන අතර, වැරදිකරු දෙපෝදාවන්හි තම අභිවෘද්ධිය පිළිබඳ අධිකරණයට වාර්තා කළ යුතු වේ. මෙම කාලය තුළ හැසිරීම යහපත් නම් පනවා ඇති දඩුවම්වලින් නිදහස් කෙරේ. ලංකාව තුළ පවත්නා අධිකරණ ක්‍රියාපටිපාටීන් අනුව ද වැරදිකරුවෙකුට අත්හිට වූ සිරදඩුවම් යටතේ අධිකරණය මගින් දන්වා ඇති කිසියම් නිශ්චිත දිනයක අනුමත යම් කාලසීමාවක් අධිකරණයට හෝ පොලීසියට වාර්තා කළ යුතු අතර එම කාලය තුළ යහපත් කල්ක්‍රියාව හා අනෙක් සාධක ද විමසා බලා ඇප අයැදීම් ආදිය අනුව දඩුවමින් නිදහස් විය හැකිය. තිණවත්ථාරක යනු ඉතා සුළු වැරදි මුල් කොට චෝදනා නගන විට ස්වයං විසදීම පිණිස ඉදිරිපත් වූ අධිකරණයකි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Department of Pali and Buddhist Studies, Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka en_US
dc.subject අධිකරණය en_US
dc.subject චූදිත en_US
dc.subject චෝදක en_US
dc.subject නීතිය en_US
dc.subject ප්‍රජාතාන්ත්‍රික en_US
dc.title පිටකාගත අධිකරණ හා අධිකරණ සමථයන්හි ඇති ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ නූතන අධිකරණ සම්ප්‍රදායට ලබාදෙන ආදර්ශ පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account