Abstract:
මනුෂ්‍යයන් වීමේ හේතුව නිසා ම නිසඟයෙන් ම හිමි වන්නා වූ කිසි ම නීතියකින් කඩ
කළ නො හැකි වූ සුවිශේෂ නීතිය මානව අයිතිවාසිකම් වේ.˜මානව අයිතිවාසිකම් ආරකෂා
කිරීමෙහි ලා යුක්තිය පසිඳලීම අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. එහිලා ව්‍යවස්ථාදායකය තුළින් නීති
පැනවීමත්, විධායකය තුළින් එම නීති ක්‍රියාත්මක කිරීමත්, අධිකරණය තුළින් යුක්යතිය
පසිඳලීමත් සිදුකෙරේ. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ දී ලොව අන් සෑම අධිකරණ
ක්‍රියාවලියකට ම වඩා සුවිශේෂ මෙන් ම මානව අයිතිවාසිකම් ආරකෂා වන අධිකරණ
ක්‍රියාවලියක් බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දී ඇත. බෞද්ධ අධිකරණ ක්‍රමවේදය
තුළ පරිපූරක සංඝසභාවක්, එම ආවාසයේ ම කොමිසමක් පත් කිරීමෙන්, වෙනත් ආරාමයක
භික්ෂුන් විසින්, සහ සංඝසභාවේ බහුතර ඡන්දයෙන් යන සංඝාධිකරණ ක්‍රම සතරක්
ක්‍රියාත්මක වේ. මෙම බෞද්ධ අධිකරණය ජනසම්මතවාදී ක්‍රමයට අනුකූල ව සිදු වන අතර,
නඩු විභාග කිරීම සිදුවන්නේ ව්‍යක්ත ප්‍රතිබලසම්පන්න භිකෂූන්ගෙන් සමන්විත විනිශ්චය
සභාවක දී ය. එහි දී සාධාරණයක් ඉටු නො වන්නේ නම් පිළිවෙලින් සමානච්ඡන්යෙන්
ද, බහුතර ඡන්දයෙන් ද යුක්තිය පසිඳලීම සිදුකෙරේ. නඩු විභාගයේ දී විවිදාධිකර්ය,
අනුවාදාධිකරණය, ආපත්තාධිකරණය හා කිච්චාධිකරණය වශයෙන් අධිකරණ සතරක්
ක්‍රියාත්මක වන අතර ඕනෑම අධිකරණයක් විසදීමේ දී සංඝ, ධම්ම, විනය, පුග්ල සම්මුඛතා
(සංඝයාගේ එක් රැස්වීම, විනිශ්චය සත්‍යය කරුණක් සඳහා වීම, විනිශ්චය විනයානුකූල
වීම, විනිශ්චය සදහා චෝදක චුදිත දෙපකෂය ම සහභාගි වීම) වශයෙන් අවශ්‍යතා හතරක්
සම්පූර්ණ විය යුතුය. සම්ම ුඛාවිනය, සතිවිනය, අමූළ්හකවිනය, පටිඤ්ඤාතකරණවිනය,
යෙභුය්යසිකාවිනය, තස්ස පාපිය්යසිකාවිනය, තිණවත්ථාරකවිනය වශයෙන් සමථ ක්‍රම
කිහිපයක් භාවිත කෙරෙන අතර එම එක් එක් ක්‍රමය භාවිත කෙරෙන්නේ අධිකරණයේ
ස්වභාවය අනුව හා චූදිතයාගේ ස්වභාවය අනුවය. තව ද මෙහි දැකිය හැකි සුවිශේෂත්වය
වන්නේ විනිශ්චය සඳහා තෝරා පත් කරගන්නා සලාකගහාපක නම් භික්ෂුව සතර
අගතියෙන් තොර අයෙකු වීමයි. ඒ අනුව නූතන අධිකරණය තීන්දුවලට හා තත් ක්‍රියාවලියට
සාපේකෂ ව බෞද්ධ අධිකරණය තුළ ින් පුද්ගල අයිතිවාසිකම් ආරකෂා වන්නේ ද යන්න
මෙහි පර්යේෂණ ගැටලූව වන අතර බෞද්ධ අධිකරණ ක්‍රමවේදය තුළ පුද්ගල අයිතිවාසිකම්
සුරක්ෂිත වන ආකාරය පිළිබඳ විමර්ශනය කිරීම මෙම පර්යේෂණයේ මුඛ්‍ය අරමුණයි.
ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය භාවිත කරමින් රැස් කරගන්නා ලද ගුණාත්මක දත්ත
තුලනාත්මක අධ්‍යයන ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීම මෙහි දී භාවිත පර්යේෂණ
ක්රමවේදයයි.