Abstract:
සාමාන්‍ය ජීවිතයේ දී අපරාධය හා දඬුවම යන පදය අර්ථවුත් වන්නේ අප දර්ශන විෂය
ක්ෂේත්රයේ දී හෝ ආචාරවිද්යාවේ දී එය අර්ථවත් කරන ආකාරයට නො වේ. එබැවින්
පළමු ව මෙය සාමාන්‍ය භාවිතයෙන් වෙනස් ව නිර්වචනය කරගැනීම වැදගත් ය. අපරාධ
නීතිය, අධිකරණය හා දඬවම යනු ගැඹුරු දාර්ශනික කරුණු සමඟ සම්බන්ධ වූ නිර්වචන
ඉදිරිපත් කරන්නකි. එබැවින් නීතියේ දී හා ආචාරවිද්යාවේ දී නීතිය, අධිකරණය හා දඬුවම්
නිර්වචනය වන ආකාරය මෙහි දී පළම ු ව හඳුනාගැනීමට අපේකෂිතය. ඕනෑ ම සමාජයක
යහපත් පැවැත්ම සඳහා පවතින ප්‍රධානතම බාධකයක් වශයෙන් අපරාධ නම් කළ හැකිය.
අපරාධ පිළිබඳ ව කතා කළ හැක්කේ හැමවිට ම අදාළ සමාජීය සන්දර්භයන්ට
සාපේක ්ෂවයි. බොහෝ අවස්ථාවල දී නීතියට හෝ එසේත් නැතහොත් සදාචාරයට
පටහැණි වන ක්‍රියාවන් අපරාධ වශයෙන් පිළිගැනීමට ඉඩ ඇත. එසේ වුවත් ඇතැම්
අවස්ථාවල දී තවත් අයගේ අයිතිවාසිකම් නිශේධනය කිරීම අපරාධ වශයෙන් නම් කිරීමට
පුළුවන. මේ කවර ආකාරයකින් අපරාධ යන්න අර්ථවත් කෙරුණ ද ඒ සෑම අවස්ථාවක දී
ම සමාජ පැවැත්මට අදාළ කිසියම් සද්ගුණයක් නිෂේධනය වීම පැහැදිලි ව දැකිය හැකි
කරුණකි. සමාජයට හිංසාකාරී හෝ අන්තරායකාරී වන, අපරාධ නීතිය යටතේ ද~ුවම්
ලැබීම සදහා නියම කොට ඇති තහනම් ක්‍රියාවක් අපරාධයක් ලෙස නීතිය නිර්වචනය
කරනු ලැබේ. එහෙත් කුඩා ළමයෙකු හොරෙන් සීනී බෝතලයට ඇඟිල්ල දමා ලෙව කෑම
නීතියට අනුව වරදක් හෝ අපරාධයක් නොවේ. ආචාරවාදයට අනුව ද එය අපරාධයක්
නොවේ. එහෙත් වරදකි. මේ වරදට ද~ුවමක් ආචාරවාදයෙහි ඇත. ඒ අනුව ආචාරවාදීන්
වැඩිමනක් ලෙස යොමු වන්නේ අපරාධකාරී චර්යාව දෙස නොව වැරැදි සහගත චර්යාව
දෙස බව පෙනේ. අපරාධවලට වඩා සංඛ්‍යාවෙන් අධික වූ වරදවල් අප සමාජයේ ඇත.
මෙම වැරදි ස්වභාවික නීතියට එරෙහි ව කරනු ලබන වැරදි ලෙස අර්ථකථනය කළ හැකිය.
මේ අනුව වරදක් හෝ අපරාධයක් යනු අදහස් දෙකක් දක්වන්නක් වුවත් ඒ අතර
අන්‍යෝන්‍ය සම්බන ්ධතාවක් ද ඇති බව පෙනේ. ලොව පුරා විමධ්‍යගත වූ පොදු නීති
පද්ධතියක් පවතින අතර එමෙන්ම ඒ ඒ සංස්කෘතියට අනුව හැඩගැසුණු නීති, අධිකරණ
හා දඬුවම් පද්ධතීන් ද නිර්මාණය වී තිබේ. ඇතැම් විශ්ලේෂණයන් නීතිය බලපැවැත්වීම
හරහා අපරාධ වැනි සමාජ අපගමනයන් නැති කරගත හැකැයි පවසන අතර ඇතැම්හු
යුක්ති ප්රතිපාදනය සඳහා නීතිය, අධිකරණය හා දඬුවම සදහා නීතියේ ආධිපත්‍යය
සමාජයට අවැසි බව පෙන ්නුම් කරති. බුදුදහම මෙම කරුණ දකින්නේ ඊටත් වඩා පුළුල්
පරාසයක සිටිමින්ය. සාමජයක අපරාධ ඇති වීමට හේතු වන හේතූන් මුලිනුපුටා දැමීමට
ක්‍රියාකිරීමෙන් අපරාධ හා දඬුවම් අවම කරගත හැකි අතර සමාජයෙන් ම ලබාදෙන
අභිප්‍රේරණයන් මගින් යම් වරදක් නිවැරදි කිරීමට ඇති හැකියාව බුදුදහම වෙසෙසා
පවසන්නකි. මෙම පර්යේෂණය සඳහා සන්ධාර විශ්ලේෂණය හා පාඨ විශ්ලේෂණය
යොදාගත් අතර නීතිය, අධිකරණය හා දඬුවම සම්බන්ධයෙන් ඉදිරිපත් වී පවතින බටහිර
දාර්ශනික විචාරයන් හා ශ්‍රී ලාංකීය නීතියේ යුක ්තිප්රතිපාදනයන් බෞද්ධ දර්ශනයට අනුව
තහවුරු වේ ද? නිෂේධනය වේ ද? යන්න සාකච්ඡා කිරීම මෙම පත්‍රිකාවේ අරමුණයි.