Abstract:
බුදුදහමට අනුව පළමු ව තමා තුළ මානසික සාමයක් ඇති කරගත යුතුය. අන්‍යයන් අතර
මානසික සාමයක් ඇති කළ හැක්කේ ඉන් පසුවය. යුධ නීතිය නැතහොත් “සන්නද්ධ යුධ
ගැටුම්වලට අදාළ නීතිය” ලෙස ප්‍රකට ජාත්‍යන්තර මානුෂවාදී නීතියේ හරය සකස් වී
ඇත්තේ ජිනීවා සම්මුති සහ ඒවායේ අතිරේක සන්ධාන මඟිනි. එහි පරමාර්ථය, යුධ
ගැටුම්වලට හා එදිරිවාදීකම්වලට ඍජු ව ම සහභාගී නො වන පුද්ගලයින් ආරක්ෂා කිරීම
සහ යුධ සමාජ ක්‍රම සහ විධිවිධාන නියාමනය කිරීම මඟින් සන්නද්ධ ගැටුම් පවතින
කාලවල දී මිනිසුන්ට ඇති වන දුක් පීඩා අවම කිරීමයි. මෙහි පර්යේෂණ ගැටලූව වන්නේ,
ගැටුම් තත්ත්වයන්හි දී මිනිසුන්ට ඇති වන ප ීඩා අවම කිරීම සඳහා ජාත්‍යන්තර මානුෂවාදී
නීතියෙන් හා බුදුදහමෙන් ලැඛෙන පිටිවහල කෙබඳු ද? යන්න ය. මෙහි පර්යේෂණ අරමුණ
වන්නේ, බුදුදහම හා මානුෂවාදී නීතිය මඟින් යුධ ගැටුම් තුළින් පීඩනයට පත් ව සිටින
ජනතාවට සපයන මාර්ගෝපදේශ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදුකිරීමයි.
පර්යේෂණ ක්‍රමවේදය වශයෙන් සාහිත්‍යය මූලාශ්‍රය පරිශීලනය කරන ලදි. බුදුදහම
යුද්ධයෙහි ආදීනව ගැන ගැඹුරු අදහස් කියාපාමින් අවිහිංසාව උසස් දර්ශනයක් ලෙස
පිළිගෙන ඇත. පොදු යහපතට වඩා තම යහපත ඉස්මතු වන අවස්ථාවක වෛරී ව,
තරගකාරී ව අවිගෙන කටයුතු කිරීමට මිනිසා පෙළඹී ඇත. එවිට අවිගත් අයට මුහුණදීම
සඳහා නිරායුධ මිනිසුන්ට අවි ගැනීමට සිදු වේ. අනුන්ට හිරිහැරයක් වන පරිදි තම කටයුතු
ඉෂ්ටකර ගැනීම වරදකි. පුද්ගලයා සමාජයට යහපතක් වන පරිදි ජීවත් විය යුතුය.
ජාත්‍යන්තර මානුෂවාදී නීතිය මඟින් ද ප්‍රධාන ප්‍රතිපත්ති තුනක් මුල් කරගෙන පොදුවේ
සටන් සිදුකිරීම නියාමනය කරයි. එනම් වෙන්කර හඳුනාගැනීම, සප්රමා‚කත්වය,
පූර්වාරක්ෂක විධිවිධාන යන්නයි. මෙහි දී සිවිල් ජනතාව සහ ඔවුන්ගේ දේපළ ආරක්ෂා
කිරීම, ඔවුන්ට වගවිභාගයකින් තොර ව ප්‍රහාර එල්ල කිරීම යනාදිය මෙම ප්‍රතිපත්ති යටතේ
තහනම්ය. බෞද්ධ පංචශීල ප්‍රතිපත්තිය ද මෙහි දී භාවිතයට ගත හැකිය. ගැටුම් පවතින
අවස්ථාවේ දී ඒ අනුව ක්‍රියා කිරීමට හැකිය. තව ද ගැටුම් හේතුවෙන් සාමාන්‍ය ජනයාට
මුහුණදීමට සිදුවන හිංසා පීඩාවන්ගෙන් ආරක්ෂාවීමට හැකියාව ලැබේ. ධර්මයෙහි පිහිටා
කටයුතු කිරීමේ දී සැළකිය යුතු අංශ හතරක් සතර අගතිය මඟින් පෙන්වා දී ඇත. මෙම
පර්යේෂණයේ නිගමනය වන්නේ, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය මඟින් දක්වන මුලික
ආචාරධර්ම සහ ප්‍රතිපත්ති සැළකිය යුතු ප්‍රමාණයක් ථෙරවාද ත්‍රිපිටකයෙහි එන කරුණු
සමඟ සමාන බවයි.