පට්ඨානප්පකරණයෙහි විවරණය වන "හේතු පච්චය" සංකල්පය බෞද්ධ සදාචාර සංවර්ධනයට දායක කරගත හැකි ආකාරය¦ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author සිරිසුගත හිමි, පූජ්‍ය පැලවත්තේ
dc.date.accessioned 2022-12-23T09:37:47Z
dc.date.available 2022-12-23T09:37:47Z
dc.date.issued 2021-11-25
dc.identifier.issn 28150414
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/10033
dc.description.abstract මුල් බුදුසමයෙහි අරමුණ සත්ත‍වයා සංසාරික දුක් රැසෙන් මුදවා ආර්ය මාර්ගයෙහි පිහිටුවාලීමයි. ආර්යසත්‍ය දේශනාව, පටිච්චසමුප්පාද දේශනාව මෙන් ම පට්ඨාන දේශනාවෙහි ද අරමුණ එයයි. පුද්ගලයා කාම, භව හා විභව යන භවත්‍රය සඳහා නැතහොත් භව කර්ම සඳහා අවශ්‍ය වන සංස්කාර ධර්ම යන්ගෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණයට සවිය දෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙනි. පටිච්චසමුප්පාදයෙහි “අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං...” ආදී ලෙසින් දැක්වූයේ පුද්ගලයා අවිද්‍යාදි ප්‍රත්‍ය ධර්ම යන්ගේ නො දැනීම නිසා සාංසාරික දුක් රැසෙහි නිමග්න වන බවයි. එකී අවිද්‍යාදි ධර්මයන්ට ද ප්‍රත්‍ය වන ධර්ම මොනවාද යන්න පැහැදිලි කිරීම හේතු, ආරම්මණ, අධිපති ආදි සූවිසි ප්‍රත්‍යයන්ගෙන් සිදුවේ. ඒ අනුව මුල්බුදුසමය දක්වන අයුරින් අවිද්‍යාදියේ ප්‍රත්‍ය සම්බන්ධතාව නිරුද්ධ කිරීම හෝ කාමච්ඡන්ද ආදි නීවරණ ප්‍රහීණ කිරීම හෝ භව කර්මය නැසීම හෝ පිං හා පව් බැහැර කිරීම හෝ නිර්වාණය වන්නේය. එකී නිවන නම් හේතු පච්චය ධර්ම පිළිබඳ යථාර්ථාවබෝධය ලබා ගැනීමයි. එනම්, බඹයක් පමණ වූ කලේබරයෙහි ප්‍රත්‍යයත් ප්‍රත්‍ය හේතුවත් ප්‍රත්‍ය නිරෝධයත් ප්‍රත්‍ය නිරෝධ ගාමිණි ප්‍රතිපදාවත් පිළිබඳ වූ නිරවුල් අවබෝධයයි. යම් ක්‍රියාවකට උපස්ථම්භක වන දෙය, හේතුව, මූල කාරණය, ප්‍රත්‍යය, හේතු නම් වේ. එලෙස මූල භාවයෙන් සිටිමින් අන්‍ය ධර්මයන්ගේ හටගැනීමට, පැවැත්මට මෙන් ම වෘද්ධියට ද උපකාර වන හේතු ධර්මයෝ සදෙනෙක් වෙති. පට්ඨානප්පකරණයෙහි “හේතු පච්චය” ලෙස දක්වනුයේ එම ෂඩ් හේතු ධර්මයන්ය. මෙම ෂඩ්විධ හේතූ බෞද්ධ සදාචාර දර්ශනයේ මූලික පදනමයි. මෙම ශාස්ත්‍රීය පර්යේෂණය බෞද්ධ ආචාර විද්‍යාව විෂය ක්ෂේත්‍රයට අයත් වන අතර මූලික පර්යේෂණ ගැටලූව වන්නේ පට්ඨානප්පකරණයෙහි විවරණය වන “හේතු පච්චය” ධර්ම බෞද්ධ සදාචාර සංවර්ධනයට ඉවහල් කරගත හැකි ද යන්න විමර්ශනය කිරීමයි. හේතු පච්චය ධර්ම හා බෞද්ධ සදාචාරය පර්යේෂණයෙහි සීමා වන අතර සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනය පර්යේෂණ ක්‍රමවේදය වේ. බෞද්ධ සදාචාර සංවර්ධනය අභ්‍යන්තර හා බාහිර යන අංශද්වය යටතේ දැක්විය හැකි අතර අභ්‍යන්තර සංවර්ධනයකින් තොර ව බාහිර සදාචාර සංවර්ධනයක් අපේක්ෂා කළ නො හැකි ය. යම් අයෙකුගේ අභ්‍යන්තර සදාචාරය හෙවත් ආධ්‍යාත්මික සදාචාරය සංවර්ධනය වන තරමට ම බාහිර සදාචාරය සංවර්ධනය වේ. හේතු පච්චයෙහි ලෝභ, දෝස, මෝහ යනු අකුසල මූලයෝය. මෙම අකුසල් මුල් පුද්ගලයාගේ අභ්‍යන්තර මෙන් ම බාහිර සදාචාරය ද පිරිහීමට ලක් කරයි. ඒ අනුව අකුසල මූල පුද්ගල අපගාමී චර්යාවන් ඇති වීමටත් සමාජ සදාචාරය පිරිහීමටත් හේතු වේ. සදාචාර සංවර්ධනයෙහි ලා ඉවහල් වන්නේ කුසල් මුල් ය. පට්ඨානප්පකරණයෙහි දැක්වෙන පරිදි අලෝභ, අදෝස, අමෝහ යනු කුසල මූලයෝ ය. පංච දුෂ්චරිතයන ්ගෙන් වෙන් කොට පුද ්ගලයා අභ්‍යන්තර මෙන ් ම බාහිර ද සදාචාරයෙහි පාරප්‍රාප්තියට ගෙන යන්නේ කුසල් මුල් මගිනි. සදාචාරයෙහි පාරප්‍රාප්තිය යනු කාමච්ඡන්දදි නීවරණ බැහැර කොට භව කර්ම සිඳලීමෙන් ලබන පරමතර වූ සුවයයි. එනම්, නිර්වාණාවබෝධයයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Department of Pali and Buddhist Studies, Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka en_US
dc.subject අකුසල - කුසල හේතු en_US
dc.subject පට්ඨානප්පකරණය en_US
dc.subject සදාචාර සංවර්ධනය en_US
dc.subject හේතු පච්චය en_US
dc.title පට්ඨානප්පකරණයෙහි විවරණය වන "හේතු පච්චය" සංකල්පය බෞද්ධ සදාචාර සංවර්ධනයට දායක කරගත හැකි ආකාරය¦ විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account