Abstract:
සාමූහික සහ කණ්ඩායම් ගතව සිටින ඕනෑ ම සමාජ කොටසක තිබිය යුතු ලක්ෂණයක්
ලෙස ශික්ෂණය හෙවත් හික්මීම සඳහන් කළ හැකිය. උද්ගත වන විවිධ ගැටලූකාරී
තත්ත්වයන් සමථයකට පත් කරගැනීම සඳහා වඩාත් උචිත ක්‍රමවේද බුදුදහම තුළ ද මනාව
විශද වේ. විශාල සංඝ සමූහයක් පාලනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විවිධාකාර
විනය පැනවීමටත් ඒ හරහා ශිකෂණයක් සිදුකිරීමටත් කටයුතු කර ඇත. දඬුවම කායික
දඬුවම හා මානසික දඬුවම යනුවෙන් ප්‍රධාන අංශ දෙකක් යටතේ දැක්විය හැකිය. ශාරීරික
වේදනාවන්ට පමුණුවමින් සිදුකෙරෙන දඬුවම කායික දඬුවම නමින් හැඳින්විය හැකි අතර
මානසික වශයෙන් දඬුවමක් ලබා දෙමින් මනසේ ක්‍රියාකාරිත්වය කෙරෙහි යම් සුභවාදී
බලපෑමක් සිදු කිරීම මානසික දඬුවම ලෙස දැක්විය හැකිය. (තිලමුට්ඨී ජාතකය, ගුත්තිල
ජාතකය) මෙම ප්‍රධාන අංශයන්ට සමගාමී ව බෞද්ධ අධ්‍යාපනය තුළ දඬුවම් විධික්රම
කිහිපයක් පෙන්වා දෙන හෙයින් ඒවායේ ස්වභාවය තීරණය වන්නේ වරදෙහි ස්වභාවය
අනුවයි. (ඡෙද්යගාමිනී ආපත්ති, වුට්ඨානගාමිනී ආපත්ති, දේසනාගාමිනී ආපත්ති) බෞද්ධ
අධ්‍යාපනයේ දී වැඩි නැඹුරු ව කායික දඬුවමට නො ව මානසික ද~ුවම් ක්‍රමවේදයට
හෙයින් විඳවීම ස්වභාවය නො වන අතර වරදට දඬුවම ඉතා මානුෂීය පදනමක් මත පිහිටා
සිදුකරයි. ඇවැත් දෙසීමේ පටන්, පිරිසෙන් වෙන් කොට තැබීම, සමාව ගැනීම, යම් කාල
සීමාවක් දක්වා වත්මානත් කරමින් පරික්ෂා කිරීම, සියලූ අයිතිවාසිකම් හා වරප්‍රසාද අහිමි
කිරීම, ආරාමයෙන් බැහැරට යෑමෙන් වැළැක්වීම (සාමගාම සූත්‍රය) ආදි සුළු දඬුවම් බුදුදහම
තුළ දැකගත හැකි වේ. මීට අමතර ව දරාගැනීමට අපහසු දඬුවමක් ලෙස බ්‍රහ්මදණ්ඩනය
පැනවීම සඳහන් කළ හැකිය. සිසුවෙකු යම් වරදක්, විනය කඩ කිරීමක් සිදුකර ඇත්නම්
ශිකෂණයක් ඇති කිරීම පදනම් කොටගෙන දඬුවමක් ලබා දීම ඇති එක ම සහ නිවැරදි ම
ක්‍රමවේදය නො වන බව බුදුදහම පැහැදිලි කර දී ඇත. ඒ අනුව "නිග්ගය්හවාදිං මේධාවිං"
වරද දැක වරදට නිගරු කර පෙන්වා දීමට කටයුතු කරයි. පුද්ගල ස්වභාවය අනුව නො ව
වරදෙහි ස්වභාවය අනුව වරදට දඬුවම් ලබා දීමට උත්සාහ ගෙන ඇති අවස්ථා ද බුද්ධ
චරිතය තුළ දැකගත හැකිය. වර්තමානයේ දී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඵලදායි
කරගැනීම සඳහා ගුරුවරුන් විවිධ ද~ුවම් ක්‍රම අත්හදා බලමින් ඉගැන්වීම් කටයුතු සිදු
කරන අතර එය විටෙක සිසුන්ගේ අප්‍රසාදයට ලක්වීමටත් කායික සහ මානසික
අධිපෙළීමකටත් හේතු වේ. විටෙක එය සිසුවෙකුගේ පාසල් ගමන පවා ඇනහිටීමට හේතු
වන අතර තවත් විටෙක සියදිවි හානිකරගන්නා තත්ත්වයට ද පත් විය හැකි අතර මෙම
තත්ත්වය පාලනය සඳහා උරදීමක් ලෙස පර්යේෂණයේ ගැටලූව නිර්මාණය වේ. බුදුදහම
ද~ුවම සඳහා අනුගමනය කර ඇති ක්‍රමවේද ඉවහල් කරගැනීම තුළින් සිසුන් ශිකෂණය
කිරීමටත් මේ හා සබැඳි ගැටලූ පූර්ණ ලෙස මඟහරවා ගැනීමටත් අරමුණු කරයි. මෙම
පර්යේෂණය සඳහා ත්‍රිපිටක සූත්‍ර සාහිත්‍යය ද ශාස්ත්‍රීය ලේඛන ද පරිශීලනය කරන අතර
මෙය සාහිත්‍ය මූලාශ්‍රය පාදක පර්යේෂණ ක්රමවේදයකි. මෙම පර්යේෂණයෙන් පංති කාමර
සිසුන් හික්වීම සඳහා සාම්ප්‍රදායික පාසල් ද`ඩුවම් ක්‍රමයට ආදේශනයක් ලෙස බුදුදහමෙහි
ශිකෂණ ක්‍රමවේද අනුගමනය කිරීම වඩාත් සාර්ථක බව නිගමනය කළ හැකිය.