Abstract:
සදාචාරය යන විෂය ප්‍රධාන කොටස් තුනකින් යුක්තය. හොඳ හා නරක එකිනෙකාගෙන්
වෙන් කරනු වස් ඉවහල් වන නිර්ණායකයන් ස්ථාපිත කිරීමට වන උත්සාහය ප්‍රාමාණික
ආචාරවිද්‍යාව (Normative ethics) නමින් ද මානව සදාචාරයේ ස්වභාවය හා පරිණාමය
පිළිබඳ කතිකාව අධි ආචාරවිද්‍යාව (Meta - ethics) නමින් ද ව්‍යවහාරික ලෝකය තුළ
ප්‍රායෝගික ව භාවිත වන ආචාරධර්ම පිළිබඳ කතිකාව ව්‍යවහාරික ආචාරවිද්‍යාව (Applied ethics) නමින් ද හැඳින්වේ. සදාචාරය යන සංකල්පයේ ඇති සංදිග්ධතාව බටහිර දර්ශනයේ
මුල් වරට හමුවන්නේ සොක්රටීස් විසින් ඉදිරිපත් කරන ලද සංකල්ප ඇතුළත් ව
ගොඩනැගුණු ෆීඩෝ, ක්‍රීටෝ සහ යුතිප්‍රෝ වැනි සංවාද ඇසුරිනි. "සද්ගුණය ඥානය වේ ඥානය සද්ගුණය වේ" යන උධෘතය මත ගොඩනැගෙන සොක්රටීස්ගේ ආචාරවාදයට අනුව
"මිනිසෙකුට නිවැරදි ඥානයක් ඇත්නම් නිවැරදි ක්‍රියා කරයි. හැසිරීම වැරදි නම් ඥානය
වැරදිය. මෙම සදාචාර වරදට හේතුව අඥානකමයි". එහි දී අඥානය දුරු කිරීම
ආචාරධර්මයේ අරම ුණ කොටගත් ඔහු තමා වෙනුවෙන් ම නො ව අන්‍යයන් වෙනුවෙන් ද
නියමිත කාර්යයන් ඉටු කරන පුද ්ගලයා යහපත් බවත් එතුළින් ආත්මාර්ථකාමීත්වය මුසු වූ
පරාර්ථකාමීත්වය පිළිබිඹු කරන බවත් දක්වයි. මෙය බුදුදහමේ එන 'පඤ්ඤාවන්තස්සාය ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස, 'තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා' යනාදී පාඨයන්ගෙන් අරුත් ගැන්වෙන අතර බුදුදහමේ සමස්ත ඉගැන්වීම තුළ දරන්නේ ද
මෙම මතයයි. ආචාරවාදී ම ූලධර්ම ඇතුළත් ක්‍රීටෝ සංවාදයේ දී පුද්ගලයා කිසිවෙකුට හිංසා
නො කළ යුතු බව දක්වන ඔහු හිංසාවට හිංසාවෙන් පිළිතුරු නො දීමේ බුදුසමයාගත
අවිහිංසාවාදී ප්‍රතිපදාව ප්‍රකට වන 'වෛරයෙන් වෛරය නො සන්සිදේ' යන බුද්ධවචනය
හා සසදා බලයි. යුතිප්‍රෝ සංවාදයට අනුව දැහැමි දෙයට පි‍්‍රය කරන දෙවියන් අදමිටු දෙය
පිළිකුල් කරන බැව් 'දැන දැන වැරදි කරන්නා නොදැන වැරදි කරන්නාට වඩා යහපත්ය'
යන ඔහුගේ සංකල්පයෙන් මැනවින් පිළිබිඹු වේ. ෆ්රීඩෝ සංවාදයට අනුව ඇතැමුන් සංවර
ව හැසිරෙන්නේ එක්තරා අසංවරකමක් හේතුකොටගෙන බවත් තම සැප සම්පත් අහිමි
වේ යැයි බියෙන් ඒවාට යටත් වී වෙනත් සැප සම්පත් තුළින් ඈත් වීම නුවණින් තොර
සංවර වීමක් බැව් දක්වයි. සමස්තයක් ලෙස ගත් කල්හි බෞද්ධ ආචාරවිද්‍යාව තුළ එන
පින්-පව්, කුසල්-අකුසල් පිළිබඳ විවරණය, ඒවා විනිශ්චය කිරීමෙහි ලා උපයුක්ත බෞද්ධ
සදාචාර නිර්ණායක ආදිය තුළින් පැහැදිලි වන්නේ සොක්රටීස්ගේ සදාචාර දර්ශනයේ එන
ඇතැම් සංකල්ප බෞද්ධ සදාචාර දර්ශනයේ ද විද්‍යමාන වන බවයි. සොක්රටීක හා ආදි
බුදුසමයේ සදාචාරාත්මක එළඹුම්වල සම විෂමතා පවතී ද? යන්න මෙහි පර්යේෂණ ගැටලූව
වන අතර එකී සම විෂමතා අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ මුඛ්‍ය අරමුණ වේ.
ප්‍රාථමික හා ද්විතීයික මුලාශ්‍රය භාවිත කරමින් රැස් කරගන්නා ලද දත්ත තුලනාත්මක
අධ්‍යයන ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම මෙහි භාවිත පර්යේෂණ ක්‍රමවේදය ලෙස දැක්විය
හැකිය. එහි දී මෙම දර්ශන ද්වයෙහි ආචාරධර්ම පිළිබඳ සංකල්පයන්හි සම විෂමතා පවතී
යන්න නිගමනය කළ හැකිය.