Abstract:
බෞද්ධ අධ්‍යයන ක්ෂේත්රය තුළ විවාදාත්මක විෂයක් ලෙස ආත්මඝාතනය (suicide) හැඳින්විය හැකිය. සියදිවිහානිය වර්තමාන සංකීර්ණ සමාජය තුළ අපේකෂා භංගත්වය, දරිද්‍රතාව, පුද්ගලාන්තර සම්බනධතා බිඳවැටීම, විවිධ රෝගාබාධයන්ට ලක්වීම වැනි හේතු මත බහුල ව සිදුවන අතර මෙම සමාජීය ගැටලූව බුදුන් ධරමාන සමයෙහි ද සිදු වූ බවට සාකෂ්‍ය ත්‍රිපිටක සාහිත්‍යයෙන් හෙළිවේ. ගෝධික, වක්කලී, ඡන්න යන තෙරවරු සහ මනුස්සවිග්ගහ පාරාජිකාවට සම්බනධ භිකෂූන් උක්ත සන්දර්භයෙහි ලා ඓතිහාසික
වශයෙන් වාර්තා වන භිකෂු චරිත වේ. එම භික්ෂුන් ආත්මඝාතන ක්‍රියාව සම්බනධයෙන් බුදුන්වහන්සේ ආර්යතුෂ්ණීම්භාවයෙන් ඉවසා සිටි අතර පාරාජිකපාළියෙහි මනුෂ්යවිග්රහාපත්ති විවරණයෙහි එය දුක්කටාපත්තියක් වැනි සුළු ඇවතක් වූයේ කුමන හේතු නිසාදැයි විමසීම මෙම පර්යේෂණයේ අරුණයි. සත්ත්වයින් අතර මනුෂ්‍යයාට හිමිවන්නේ උච්චස්ථානයක් වන බැවින් භිකෂු විනයෙහි පාරාජිකා සංඛ්‍යාවට අයත් මනුස්සවිග්ගහ පාරාජිකාපත්තිය භිකෂුතවය අහිමි වන තරම් බරපතල විනය විරෝධී ක්‍රියාවක් වෙයි. එහෙත් භිකෂුවක් තමන්ව නසා ගතහොත් එය යටත් පිරිසෙයින් ප්‍රාණඝාතයට සම්බනධ අකුසල කර්මයක් ද නො වන බව පාලි ම ූලාශ්‍රය අධ්‍යයනයෙන් පැහැදිලි වේ. අටුවා ඇදුරෝ ගොධික, ඡන්න, වක්කලී යන තෙරවරුන්ගේ සියදිවි හානිකරගැනීම උත්තම ක්‍රියාවක් ලෙස නො දක්වන නමුත් එයින් උන්වහන්සේලාට ආපත්තිමය වශයෙන් හානියක් සිදුවූ බවක් ගම්‍යමාන නො කරන අතර සමසීසි ලෙස කෙලෙස් සහ හිස යන දෙක ම පෙර පසු නො වී ඡේදනය වූ බව පවසති. රෝගාතුර ව සිටි ඡන්න සහ වක්කලී භිකෂූන්ගේ ශාරීරික වේදනාව ඉවසිය නො හැකි අවස්ථාවක ගත් තීරණය බුදුන් වහන්සේ පවා වැළැක්වීමට උත්සහ නො කරන ලද්දේ එය ඵලරහිත ක්‍රියාවක්
බැවිනි. ගෝධික තෙරුන්ගේ මරණය හුදු ලෞකික පරමාර්ථයක් ඉටුකරගත නො හැකිවීම නිසා ජනිත වූ ඉච්ඡාභංගතවයක් නො ව ආධ්‍යාත්මික පරමාර්ථයක් උදෙසා සිදුකළ ජීවිත පරිත්‍යාගයකි. රහතන් වහන්සේලාගේ ආයු සංස්කාරය අතහැරීම, පරාර්ථකාමී අදහසින් සිය ජීවිතය පූජා කිරීම බුදුසමයෙන් අනුමත කරන ලද්දේ එකී ආධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් කරන ලද බැවිනි. එසේ ම බුදුන් වහන්සේ සියදිවි හානිකර ගැනීම භිකෂු සමාජයේ ප්‍රබල ප්‍රශ්නයක් වශයෙන් සලකා ඇත්තේ දැඩි ශිකෂාවක් පනවන්නට තරම් සිද්ධි සමුහයක් වාර්තා නො වීම යැයි නිගමනය කළ හැකිය.