Abstract:
මුල් බුදුසමයට අනුව විමුක්තිය ලැබීම සඳහා ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය වැඩීම බව දීඝනිකාය මහාසතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි සඳහන් වුව ද ටිඛෙට් බෞද්ධ දර්ශනයට අයත් මූල ග්රන්ථයක් වන බාර්ඩෝතොදොල් ග්රන්ථයෙහි අන්තරාභවයෙහි දී විමුක්තිය ලැබිය හැකි ක්‍රමවේදයක් ඉදිරිපත් කෙරෙයි. මෙම පර්යේෂණ පත්‍රිකාව මගින් අපේක්ෂා කෙරෙන්නේ බාර්ඩෝතොදොල්හි එන අදහස මුල් බුදුසමයට ප්‍රතිවිරුද්ධ වූවක් ද
නැතහොත් කිසියම් අයුරකින් සම්බන්ධ වූවක් ද යන්න විමර්ශනය කිරීමයි.
බාර්ඩෝතොදොල් ටිඛෙට් බුදුසමයෙහි ඉමහත් පිළිගැනීමට පාත්‍ර වූ මූල ග්රන්ථයක් නිසා එහි එන අදහස් නො සළකා හැරිය නො හැකිය. විමුක්තිය ලැබීම කිසියම් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වන අතර ඒ සඳහා මනස මූලික වන බව බුදුසමයෙහි අදහසයි. බාර්ඩෝතොදොල්ට අනුව විමුක්තිය ලැබීම සඳහා මරණාසන්න පුද්ගලයාට අවස්ථා තුනක් ඇති අතර පුනරුත්පත්තියක් ලැබීමට පෙර එම අවස්ථා තුනෙන් එක් අවස්ථාවක් භාවිතකොට විමුක්තිය ලැබිය හැකිය. චිඛායි බාර්ඩෝ, චොන්යිඩ් බාර්ඩෝ හා සිද්පා බාර්ඩෝ යනු එම අවස්ථා තුනයි. මෙම සමස්ත ක්‍රියාවලිය තුළ මනස මූලික වේ. මුල් බුදුසමය තුළ ද නිවැරදි ව සිත පිහිටුවා ගැනීම හා විදසුන් වඩා විමුක්තිය ලැබීම පිළිබඳ අදහස් ඉදිරිපත් කෙරේ. මුල් බුදුසමය හා ටිඛෙට් බෞද්ධ දර්ශනය විමුක්තිය ලැබීම සම්බන්ධයෙන් කරනු
ලබන පැහැදිලි කිරීම තුළ සමවිෂමතා දැකිය හැකිය. විමුක්තිය ලැබීම මනස මුල් කොට සිදු කෙරෙන ක්‍රියාදාමයක් මුල් බුදුසමය හා බාර්ඩෝතොදොල් පිළිගනියි. එහෙත් මානසික ඒකාග්‍රතාව උදෙසා භාවිත මාධ්‍ය එකිනෙකට වෙනස් යැයි විද්‍යමාන වේ. මෙම පර්යේෂණයෙහි ක්‍රමවේදය පුස්තකාල අධ්‍යයනය වන අතර ඒ සඳහා මුල් බුදුසමයට අයත් දීඝනිකාය මහාසතිපට්ඨාන සූත්රයාදි මූලික සූත්‍ර දේශනාවන් කිහිපයක් හා ටිඛෙට් බෞද්ධ දර්ශනයට අයත් මූල කෘතියක් වන බාර්ඩෝතොදොල් (මරණය පිළිබඳ විද්‍යාව හෙවත් තිබ්බත මළ පොත) ප්‍රධාන මූලාශ්‍රය ලෙස භාවිත කෙරේ.