Abstract:
සංඝ සමාජය වනාහි සුවිශේෂ පරමාර්ථ හා ප්‍රතිපත්ති ඇතුළත් පරමාදර්ශී සමාජයක් ලෙස හැඳින්විය හැකිය. සසුනෙහි සාමාජිකත්වය ලැබූවන් ස්වකීය අරමුණු කරා මෙහෙයවීමට මෙන් ම භික්ෂු පාරිශුද්ධිය ඇති කිරීම උදෙසා ද බුදුන්වහන්සේ විසින් විධිමත් ක්‍රියා පිළිවෙතක් සකස් කර භික්ෂු සමාජය සැලසුම් කිරීමට කටයුතු කළ බව ත්‍රිපිටක ග්රන්ථ, අටුවා මඟින් සනාථ වේ. සංස්ථාවක් ලෙස සංවිධානාත්මක ව විවිධ මත ගැටෙමින් ඉදිරියට පැමිණි භික්ෂු සංස්ථාවේ චිර පැවැත්ම, විනයානුකූල කාලීන පිළ ිවෙත් සැකසීම උදෙසා විවිධ සම්මුතීන්, කතිකා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භාරතීය භික්ෂු සමාජයේ මෙන් ම
ලාංකේය භික්ෂු සංස්ථාව තුළ ද වරින් වර සකස් කරගෙන ඇත. ඒ අනුව මෙරට තත්කාලීන සමාජයේ කාල හා දේශානුරූපී ව ශාසනයෙහි උපන් විවිධ මත ගැටුම් පදනම් ව චර්යාත්මක හැඩතලය විධිමත් කරලීමත් ක්‍රියාත්මක කරලීමත් අධීක්ෂණය කරලීමත් සඳහා භික්ෂු අනුමැතියෙන් හා රාජ්‍ය අනුග්‍රහයෙන් භික්ෂු සංස්ථාවේ මුලික අපේක්ෂාවන් ගිලිහී යාමට ඇති අවකාශය අවම කරගැනීම සඳහා ශාසනෝන්නතිකාමීන් විසින් සකස් කළ තීන්දු, ව්‍යවස්ථාවන් "කතිකාවත්" ලෙස හැඳින්වේ. ඒ අනුව අනුරාධපුර අවධියේ පටන් කතිකාවත් සම්පාදනය සිදු වූ අතර මුළු දිවයින ම අලළා භික්ෂුන්ගේ චර්යාත්මක පැවැත්ම උදෙසා වරින් වර පිහිට වූ ශාසන කතිකාවත් පොළොන්නරු අවධියේ පටන් මහනුවර අවධිය දක්වා පොළොන්නරු කතිකාවත, නිශ්ශංකමල්ල කතිකාවත, දඹදෙණි කතිකාවත,
ඪෂ වන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත ආදී කතිකාවත් පිහිටුවා ඇත. ඒ අනුව මුල් බුදුසමයාගත සැලසුම්කරණය ද අනුව යමින් කාල හා දේශානුරූපී ව මෙරට තුළ විවිධ වකවානුවල දී භික්ෂු විනය හා ශාසනය සැලසුම්කරණය කර ඇති බව කතිකාවත්හි අන්තර්ගතය පිරික්සීමෙන් පසක් වේ. මුල් බුදුසමයාගත හා සිංහල කතිකාවත්හි සමවිෂමතා පවතින්නේ ද යන්න පර්යේෂණ ගැටලූවයි. පර්යේෂණයේ මුඛ්‍ය අරමුණ වන්නේ, මුල් බුදුසමයාගත හා කතිකාවත්හි අන්තර්ගත භික්ෂු සැලසුම්කරණයට අදාළ තොරතුරු අධ්‍යයනය කර එහි වැදගත්කම පිළිබඳ නූතන භික්ෂු පරපුර දැනුවත් කිරීමයි. පැරණි සාහිත්‍ය මූලාශ්‍රය හා අභිලේඛන මූලාශ්‍රය ඇසුරින් අධ්‍යයනයේ නිරත වූ අතර බුදුසමයාගත හා කතිකාවත් ඇසුරින් භික්ෂුන්ගේ භෞතික හා ආධ්‍යාත්මික සැලසුම්කරණයේ සමානතා මෙන් ම අසමානතා ද පවතින බව විද්‍යමාන වේ.