Abstract:
බෞද්ධ සිද්ධස්ථාන හා සබැඳි ආරාමික පරිසරය තිරසර වූ ක්රමෝපායන් තුළින් නිර්මිතය. මෙම සංසිද්ධින් තිරසර සංචාරක කර්මාන්තයක් සඳහා යොදාගැනීම යුක්ති යුක්තය. තිරසර සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන වූ ලක්කයකි. එමඟින් සංචාරකයින්ට මෙන් ම ප්‍රදේශවාසීන් වෙත ධනාත්මක සමාජ-සංස්කෘතික, ආර්ථීක හා පාරිසරික බලපෑම් ඇති කරලීම අභිප්‍රාය කොටගනු ලබන අතර ගෝලීය වශයෙන් ශක්තිමත් රාජ්‍යයක් ලෙස තහවුරුවීමට ද එය වැදගත් වන සාධකයක් ලෙස හඳුනාගත හැකි වෙයි. ශ්‍රී ලංකාව ස්වාභාවික සම්පත්, ඓතිහාසික ස්ථාන ආදිය හේතුකොටගෙන විදේශිකයින්ගේ සුවිශේෂ
ගමනාන්තයක් බවට පිළිගෙන ඇත. විශේෂයෙන් ම මෙරට පවතින දළඳා මාළිගාව, කතරගම කිරිවෙහෙර, දඹුල්ල රජමහා විහාරය ආදී වූ බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් හේතුකොට ගෙන දේශීය මෙන් ම විදේශීය සංචාරකයින් අතර ආගමික සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට ද එය හේතුවක් වී තිඛෙනු දැකගත හැකිය. සංචාරක කර්මාන්තය දෛනික ව ඉතා සීඝ්රයෙන් සංවර්ධනයට පත් වන අතර රට අභ්‍යන්තරයෙහි පවතිනු ලබන විහාරස්ථානයන්හි පරිසරයෙහි සංචරණය පිණිස දහස් ගණන් සංචාරකයින් විහාරස්ථාන වෙත පැමිණෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම විහාරස්ථාන අධික තදබදය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ සංචාරක අනුවණ හැසිරීම් වැනි පාරිසරික ගැටලූ රැසකට මුහුණ පා තිබේ. මෙම පර්යේෂණයෙහි අරමුණ වනුයේ ආරාමවල පාරිසරික සංරක්ෂණය තිරසර සංචාරක කර්මාන්තයක් උදෙසා බලපාන ආකාරය පිළිබඳ සොයා බැලීමත්, තිරසර සංචාරක කර්මාන්තයෙහි උන්නතිය සඳහා සුදුසු මාර්ගෝපදේශයන් සකස් කිරීමත් වෙයි. එහි දී ජලය බැහැර කිරීම හා විදුලිය සංරක්ෂණය කිරීම මෙන් ම පාරිසරික මූලාශ්‍රය විධිමත් කිරීම යන කරුණු කෙරේ අවධානය යොමු කළ යුතු වන්නේ කෙසේදැයි විශේෂ හැදෑරීමක් සිදුකළ යුතු ව ඇත. ගුණාත්මක පදනම මත සිදු කරනු ලබන මෙම පර්යේෂණය සඳහා සාහිත්‍යයමය මූලාශ්‍රය අධ්‍යයනය හා කේෂ්ත්‍ර අධ්‍යයනය භාවිත කරන ලදි. දඹුල්ල රජමහා විහාරය, කතරගම කිරිවෙහෙර හා දළඳා මාලිගාව ආශ්රිත ව සිදුකරන ලද මෙම පර්යේෂණය තුළින් ආරාම අවට පරිසරය නිසි ආකාර ව පරිසර කළමනාකරණය සිදුකළ ද අපේක්ෂිත ප්රතිඵලයන් සාක්ෂාත් කරගනු සඳහා ජල, විදුලිය හා අනෙකුත් සංරක්ෂණයන් මෙන් ම කළමනාකරණයන් නිසි පරිදි උපායමාර්ගික ව සිදුකළ යුතු බව පෙනී ගොස් ඇත. නිසි පාරිසරික සංරක්ෂණ පිළිවෙත් අනුගමනය තුළින් සංචාරක කර්මාන්තයෙහි තිරසර සංවර්ධනය ඇති වන අතර එමඟින් සංචාරක තෘප්තිය ද ඉහළ නංවාගත හැකි වනු ඇත.