ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීමේ දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි කාර්යයභාරය, විභවතා සහ ගැටලු පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author සරත්, එච්.කේ.
dc.contributor.author අතපත්තු, ඩී.
dc.contributor.author සුමනරත්න, බී.එම්.
dc.date.accessioned 2023-08-23T09:44:50Z
dc.date.available 2023-08-23T09:44:50Z
dc.date.issued 2021
dc.identifier.issn 1391-0701
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14243
dc.description.abstract ගෝලීය සංවර්ධන අරමුණු අතර දරිද්‍රතාව පිටුදැකීම යන අරමුණට සුවිශේෂී වැදගත්කමක් හිමිවේ. තිරසර සංවර්ධනය සඳහා පවතින ප්‍රධානතම බාධකයක් ලෙස දරිද්‍රතාව හඳුනාගෙන ඇත.සමස්ත දරිද්‍රතාව පිටුදැකීමේ දී අත්කර ගෙන ඇති ප්‍රගතිය ආර්ථික හා සමාජීය දෘෂ්ටිකෝණයෙන් අතිශය ප්‍රසංශනීය වුව ද සියලු ආකාරයේ දිළිඳු බව සියලු තැන්හිම දුරුකිරීම යන අභියෝගයට ශ්‍රී ලංකාව මුහුණ පා සිටී. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව ග්‍රාමීයව සංකේන්ද්‍රණය වී පවතින නිසා දරිද්‍රතාවයේ ප්‍රාදේශීය විෂමතා අඩු කිරීම සඳහා ගොවිපල නොවන (Non-farm) හෙවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට කළ හැකි කාර්යභාරය අතිමහත් ය. මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සම්බන්ධව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ කාර්යභාරය, විභවතා සහ එම අංශයේ තිරසර ක්‍රියාකාරීත්වයට එරෙහිව පවතින ගැටලු පිළිබඳව විමර්ශනාත්මකව අධ්‍යයනය කිරීමය. මෙම අධ්‍යයනය සඳහා ගැඹුරු විශේලේෂණ ක්‍රමවේද (Indepth Analysis) යොදා ගැනේ. ප්‍රමාණාත්මක හා ගුණාත්මක විශ්ලේෂණ විධි ක්‍රම සංයෝජිත විමර්ශනාත්මක අධ්‍යයනයක් (Review Study) ඒ සඳහා පදනම් වේ. මෙම අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය පදනම් කරගෙන ශ්‍රී ලංකා දරිද්‍රතා ව්‍යාප්තිය පවතින ප්‍රාදේශීය අසමානතා පිටුදැකීමට විශාල අවකාශ පවතින බව තහවුරු වේ. දේශීය ආර්ථිකයට අනන්‍ය වූ හැඩහුරුකමින් යුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් අවම ප්‍රාග්ධනයන් මත ස්ථාපිත කළ හැකි අතර බහුතරයක් වන අඩු ආදායම්ලාභී ජන කොටස්වල පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ශ්‍රම සූක්ෂම නිෂ්පාදන මාදිලි හරහා සිදු කළ හැකිය. ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීමේ දී ග්‍රාමීය අංශයේ පුළුල් පරිවර්තනයක් (Inclusive Rural Poverty Transformation) ඉලක්ක වූ ග්‍රාමීය සංවර්ධන උපායමාර්ගයක් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි විශේෂිකරණයක් හා විවිධාංගීකරණයක් ගොඩ නැගෙන පරිදි ප්‍රතිපත්ති සකස් කිරීම කෙරෙහි රජයේ වැඩි අවධානයන් යොමු විය යුතුය. ශ්‍රී ලංකාව විෂයෙහි “සියලු ආකාරයේ දිළිඳුබව සියලු තැන්හිම දුරුකිරීම” යන කේන්ද්‍රිය තිරසර සංවර්ධන අභිමතාර්ථය අපේක්ෂිත කාල වකවානු වල දී සාධනය කර ගැනීමට එමගින් මහඟු පිටුවහලක් සැපයෙනු ඇත. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Library, University of Ruhuna, Matara, Sri lanka en_US
dc.subject තිරසර සංවර්ධන අභිමතාර්ථ en_US
dc.subject දරිද්‍රතාව en_US
dc.subject විභවතා en_US
dc.subject සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය en_US
dc.title ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීමේ දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි කාර්යයභාරය, විභවතා සහ ගැටලු පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account