ශ්‍රී ලංකාවේ තරුණ - මහලු වයස් කාණ්ඩයේ ජනතාවට ඵලදායී වියපත් වීමක් සඳහා පවතින අවස්ථා හා අභියෝග.

Show simple item record

dc.contributor.author උදය කාන්ත, සමන් කේ.කේ.
dc.contributor.author ඩර්වින්, එස්.කේ.
dc.contributor.author හේවගේ, අනුෂා
dc.date.accessioned 2023-08-23T09:58:23Z
dc.date.available 2023-08-23T09:58:23Z
dc.date.issued 2021
dc.identifier.issn 1391-0701
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14247
dc.description.abstract ඵලදායී වයස්ගත වීමක් සඳහා පවතින අවස්ථා හා අභියෝග කෙරෙහි අවධානය යොමු කොට ඇත. එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තත්ත්වය අනුව වඩාත් වැදගත් වේ. මන්ද යැපුම් පීඩනය ඉහළ යාම රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම සාමාජීය වශයෙන් ද විශාල අර්බුද රාශියක් ඇති කරවන්නකි. ඒ අනුව වියපත්භාවය හේතුවෙන් අපට ඇති විය හැකි බලපෑම අවම කර ගැනීම සඳහා පවතින අවස්ථාවන් හඳුනා ගැනීම හා එහිදී මතුවන අභියෝගයන් හඳුනා ගැනීම මෙම තත්ත්වය තුළ වඩා වැදගත් වේ. ඒ අනුව මෙම පර්යේෂණය සඳහා ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණන වාර්තාවේ (2012) දත්තයන්ට අනුව ඉහළම වියපත්භාවයක් සහිත දිස්ත්‍රික්ක අතරින් තෙවැනි ස්ථානයට පත්ව ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ මහමෝදරල බද්දේගමල උළුවිටිකේල හා කළුවැල්ල යන ප්‍රදේශ තෝරා ගනිමින් ස්ත්‍රීන් සහ පුරුෂයන් 50 දෙනා බැගින් වූ නියදි ඒකක 100 කින් යුක්තව මෙම පර්යේෂණයල ප්‍රශ්ණාවලි සහ සම්මුඛ සාකච්ඡා ක්‍රම යොදා ගනිමින් ලබාගත් ප්‍රාථමික දත්ත හා වාර්තාවන් මඟින් ලබාගත් ද්විතීක දත්ත යොදා ගනිමින් විස්තරාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයන් ආශ්‍රයෙන් සිදු කර ඇත. එහිදී ජනගහනයේ ආර්ථික අක්‍රීයතාවල වයස්ගත වීමත් සමග ඇති වන අඛණ්ඩ ක්‍රියාවලියක්‌ ලෙස හඳුනා ගැනුණ අතර ඒ යටතේ ඵලදායි වියපත් වීමක් යන සංකල්පය පිළිබදව සමාජය තුළ පවතින සෘණාත්මක ආකල්පයල සමාජ ආරක්‍ෂණ වැඩ පිළිවෙලෙහි පවතින දුර්වල ස්වභාවයල වැඩිහිටි අවශ්‍යතා පදනම්ව පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපිත වී නොමැති ආකාරය පිළිබඳව නිගමන ගොනු කරගැනීමට හැකි විය. සමීක්ෂණයෙන් ලද ප්‍රතිඵල අනුව තරුණ - මහලු ජනගහනයෙන් බහුතරයක් ආර්ථික වශයෙන් ඵලදායී ක්‍රියාවල නිරත වීමට කැමැත්තක් දක්වන අතර ඔවුන්ගේ අනෙකුත් දෛනික ක්‍රියාකාරකම් සමඟ නොගැටෙන අයුරින් අර්ධ කාලීන වශයෙන් ඒ සඳහා කාලය වැය කිරීමට බොහෝ දෙනා බලාපොරොත්තු වේ. ශ්‍රම බලකායෙන් පළමුව බැහැර වන කණ්ඩායම වන තරුණ-මහලු ජනගහනයේ ස්ත්‍රීන් සමාජය තුළ වඩාත්ම හුදකලා වන කණ්ඩායම වන බවයි. එමෙන්ම වයස්ගත වීම ස්ත්‍රීකරණය වීම හා වැන්දඹුභාවය ඉහළ යාමත් සමඟ ස්ත්‍රීන් දුගීභාවයට පත්වීමේ දැඩි අවදානමක් පවතී. වැඩ කළ හැකි වයසේ පසු වන ස්ත්‍රීන් පවා ගෘහස්ථ කටයුතුවල නිරත වීමටල රැකියාගත වීමට වඩා ප්‍රමුඛස්ථානයක් දෙන බව අධ්‍යයනය මඟින් පැහැදිලි වේ. සාපේක්ෂව ඉහළ අධ්‍යාපන මට්ටමක් පවතින බැවින් වියපත්වූවන් තුළ වුවද ඵලදායීතාව ඉහළ නැංවීම අපහසු කරුණක් නොවන බව පෙනී යයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Library, University of Ruhuna, Matara, Sri lanka en_US
dc.subject ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය en_US
dc.subject වියපත්භාවය en_US
dc.title ශ්‍රී ලංකාවේ තරුණ - මහලු වයස් කාණ්ඩයේ ජනතාවට ඵලදායී වියපත් වීමක් සඳහා පවතින අවස්ථා හා අභියෝග. en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account